වසන්ත චන්ද්‍රපාල
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
අද (04) වන විට එහි ජල ධාරිතාවය අක්කර අඩි 154000 ක් පමණ විය.
අද දවස තුළ පමණක් සේනානායක සමුද්‍රයට අක්කර අඩි 7000 ක ජල ප්‍රමාණයක් එකතු වී තිබේ.
සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට අඛණ්ඩව වැසි ලැබීම හේතුවෙන් සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ද සැළකිය යුතු ජල ප්‍රමාණයක් සේනානායක සමුද්‍රයට එකතුවේ යැයි තමන් බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මහ වැසි වැටීම නිසා අම්පාර දිස්ත්‍රික්කට අයත් සියලුම වැව් යටතේ කෘෂිකාර්මික කටයුතු ද ආරම්භ කර තිබෙන බව ඔහු කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉගිණියාගල සමුද්‍රයේ ජල මට්ටම ඉහළට