IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇඹිලිපිටි දිසා මහ රෝහලේ සියලු වැඩ අඩාලයි


 අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
 
ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (16) අසනීප නිවාඩු දැමීම හේතුවෙන් රෝහලේ සියලූ කාර්යයන් අඩාල වී ඇතැයි ද ඉතාම අත්‍යවශ්‍ය කටයුතු පමණක් පවත්වාගෙන යන බව ද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.


219ක් වු සුළු සේවක කාර්ය මණ්ඩලයෙන් අද සේවයට වාර්තා කර තිබුණේ සුළු සේවක පාලකවරයා පමණක් බව  වෛද්‍ය අධිකාරීවරයා කීය. 


කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 135 දෙනෙකුගේ හිඟයක් තිබිය දී දැනට සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් 219 දෙනාගෙන් එක් සේවිකාවක් ස්ථාන මාරුකර ඇති බව ද වෛද්‍ය අධිකාරීවරයා කීවේය.


සේවයට වාර්තා නොකරන බව අසනීප නිවාඩු වාර්තා කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දන්වා නැතිබව ද වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ය. 


රත්නපුර දිස්ත‍්‍රික්කයේ පමණක් නොව මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත‍්‍රික් වලින් ද ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝගින් එති. බාහිර රෝගීන්ගේ අංශයෙන් දිනකට දහසක් පමණ ද ඒහා සමාන රෝගීන් පිරිසක් දිනකට ප‍්‍රතිකාර ලබති. 


පුර්ව දැනුම් දීමකින් තොරව රෝහලේ සේවා ඇණ හිටිම නිසා ඈත දුර ප‍්‍රදේශවලින් පැමිණි රෝගීහූ දැඩි අසීරුවට පත්ව හිස් අතින් ආපසු ගියහ. 


මේ තත්ත්වය නිසා රෝහලේ බාහිර රෝගින්ගේ ප‍්‍රතිකාර සහ සියලූ සායනයන්හි කටයුතු  සම්පූර්ණයෙන්ම අඩාල වී ගිය බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ය.



අදහස් (0)

ඇඹිලිපිටි දිසා මහ රෝහලේ සියලු වැඩ අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site