(ලලිත් නවරත්න)
හලාවත මුන්නේස්වරම ජංගම ආහාර රථයකින් ගත් ආහාර වර්ගයක් විෂ වු ගත් පාසල් දැරියක සහ තරුණියන් තිදෙනෙකු එම හලාවත රෝහලට ඇතුළත් කර ඇතිබව හලාවත රෝහල් පොලීසිය පවසයි.
මෙසේ ආහාර විෂ වීමෙන් රෝහල්ගත කර ඇත්තේ කොළඹ මරදාන පදිංචි එකම පවුලේ අවුරුදු 8, 17, 20,22 වයසේ පසුවන පිරිසකි.
මෙම පිරිස මුන්නේස්වරම් කෝවිල වැදපුදා ගැනීම සදහා හලාවත මුන්නේස්වරම් කෝවිලට පැමිණ ඇති අතර දිවා ආහාරයට එකතුකර ගැනීම සදහා ජංගම ආහාර රථයකින් ‘රෝල්ස්‘ ලබාගෙන එම ආහාරද අනුභව කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd