IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආරක්ෂක නිලධාරියාට පහර දුන් ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ පුජා භුමියේ පිහිටි කළුදිය පොකුණේ මනාල යුවළක් හිඳුවා ඡායාරූප නොගන්නා ලෙසට ඉල්ලා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් ඡායාරූප ශිල්පියා අද (12) අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පදිංචි (34) හැවිරිදි ඡායාරූප ශිල්පියෙකි.

සැකකාර ඡායාරූප ශිල්පියා මනාල යුවළක් සමඟ මිහින්තලා පුදබිමේ කළුදිය පොකුණ අසළට පැමිණ මනාල යුවළ විවිධ අයුරින් හිඳුවා ඡායාරූප ගැනීම ආරම්භ කළ අවස්ථාවේ, ඡායාරූප නොගන්නා ලෙසට එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියා පවසා තිබේ.

මෙහිදි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියාත් ඡායාරූප ශීල්පියාත් අතර ඇතිවු බහින් බස්වීම දුරදිග ගොස් ඡායාරූප ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට  පහර දෙන ලදී.

තුවාල ලැබු ඩබ්.එම්.බී.රාජකරුණා (31) නැමති ආරක්ෂක නිලධාරියා මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

අත්අඩංගුවට ගත් ඡායාරූප ශීල්පියා හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

ආරක්ෂක නිලධාරියාට පහර දුන් ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට

ලුම්බිණි Friday, 12 July 2019 09:04 AM

කළුදිය පොකුණේ ඡායාරූප ගැනීම තහනම්ද? නැත්නම් මනාල යුවළක් නිසා තහනම්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site