(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පුජා භුමියේ පිහිටි කළුදිය පොකුණේ මනාල යුවළක් හිඳුවා ඡායාරූප නොගන්නා ලෙසට ඉල්ලා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් ඡායාරූප ශිල්පියා අද (12) අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර පදිංචි (34) හැවිරිදි ඡායාරූප ශිල්පියෙකි.
සැකකාර ඡායාරූප ශිල්පියා මනාල යුවළක් සමඟ මිහින්තලා පුදබිමේ කළුදිය පොකුණ අසළට පැමිණ මනාල යුවළ විවිධ අයුරින් හිඳුවා ඡායාරූප ගැනීම ආරම්භ කළ අවස්ථාවේ, ඡායාරූප නොගන්නා ලෙසට එම ස්ථානයේ සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියා පවසා තිබේ.
මෙහිදි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියාත් ඡායාරූප ශීල්පියාත් අතර ඇතිවු බහින් බස්වීම දුරදිග ගොස් ඡායාරූප ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට පහර දෙන ලදී.
තුවාල ලැබු ඩබ්.එම්.බී.රාජකරුණා (31) නැමති ආරක්ෂක නිලධාරියා මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
අත්අඩංගුවට ගත් ඡායාරූප ශීල්පියා හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුදිය පොකුණේ ඡායාරූප ගැනීම තහනම්ද? නැත්නම් මනාල යුවළක් නිසා තහනම්ද?