(ටෝනි කරුණානායක)
අපරාධයක් සිදුකළ හැකි තියුණු ආයුධ සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් සයදෙනෙකුගෙන් එක් අයෙකුට රුපියල් 5000 බැගින් රුපියල් 30,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(08) නියම කළේය.
යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ඉකුත් 05 වැනිදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩුවක්, පිහියක්, උල් පිහියක්, මන්නා පිහියක්, කෙටේරියක් සහ කිනිස්සක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදා හැර තිබුණි.
මිනුවන්ගොඩ, ගල්ඩළුවේ වීවීන් පාර, අලුත්පාර, මුනාස් මාවත සහ හිජ්රා මාවත යන ලිපිනයන්වල පදිංචි මොහොමඩ් හසීම්, මොහොමඩ් පයිරූෆ්, මොහොමඩ් අර්සාඩ්, මොහොමඩ් පාරුක්, අබ්දුල් කරීම්, මොහොමඩ් රිස්වාන් යන 6 දෙනාට මෙසේ දඩ නියම කෙරිණි.
සැකකරුවන්ට විරුද්ධව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ චෝදනා ගොනුකිරීමෙන් පසු සැකකරුවන් වරද පිළිගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය වැඩි නැද්ද?