(සුජිත් හේවාජූලිගේ)
අලුත් ආණ්ඩුවකට සහය පළ කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හෙට (05) කොළඹට පැමිණෙන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
පාර්ලිමේන්තු වටරවුම අසළින් හෙට දහවල් 12.00ට ඇරැඹෙන මෙම උද්ඝෝෂණයට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි කී ප්‍රේමජයන්ත මහතා සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණය පවත්වන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට සහභාගී වන්නැයි රටට ආදරය කරන සියලු ජනතාවට ආරාධනා කරන බවද ඔහු කීය.
ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව දැනුම්දීම සඳහා අගමැති කාර්යාලයේදී අද (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණ්ඩුවට සහය දෙන්න හෙට කොළඹට එන්න
Sreekantha Sunday, 04 November 2018 09:32 AM
ලාංකිකයනි, පසුගිය තුන් වසර කාලය තුල අප සිතු පැතු යහපාලනයක් නොදිටිමු. එම කාලය තුල මහින්ද රාජපක්ෂ මහතා වටිනා පාඩම් රැසක් අධ්‍යනය කල, දැන් නිවැරදි සහ ධර්මිෂ්ට පාලනයක් මගින් ලංකාව ඉදිරියට ගෙන යාමට කරන වැයමට අප සියලු දෙනාම මිලියන ගණනින් පැමිණ හෙට කොලොම්පුර රොක් කරමු.
Sam Sunday, 04 November 2018 10:00 AM
උද්ඝෝෂණ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න, හැම උද්ඝෝෂනයේදීම තැලෙන්නේ පොඩි මිනිහ
Saththaya Sunday, 04 November 2018 01:26 PM
මේ විදියට අලුත් ආණ්ඩු හදන එක මුළු ලෝකෙටම හොද ආදර්ශයක් . ඒක ලංකාවෙන් වීම ගැන අපිට හරි ආඩම්බරයක් . ජයවේවා !