(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ආගරපතන උඩ ග්‍රේන්ලි දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් හා දෙමව්පියෝ පිරිසක් එම පාසල ඉදිරිපිටදී අද (16) උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම විදුහලේ 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පාසලේ වැසිකිළියක් පිරිසිදු කිරීමට ජලය රැගෙන එන ලෙස විදුහල්පතිවරයා පවසා ඇතැයිද ඉන් අනතුරුව එම සිසුවා පාසල අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට ජලය ගෙන ඒමට ගිය අවස්ථාවේ ළිඳට වැටී ඇතැයි විරෝධතාකරුවෝ පවසති.
ප්‍රදේශවාසීන් එක්වී සිසුවා බේරා ගත් බවත් තම ළමයින්ට පාසල් කාලයේදී නිසි ආරක්ෂාවක් දෙන ලෙස විදුහල්පතිවරයාට බලකරමින් මෙලෙස උද්ඝෝෂණය කරන බවත් ඔවුහු කියති.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.