IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්’

(දයාරත්න ඇඹෝගම)
 
"පාර්ලිමේන්තුවේ ඉන්න සියලු හොරු ටික අකුළලා දාන්න ඕනෑ. වැරදි කරපු අය ජම්පර් අන්දලා හිරේට දාන්න ඕනෑ. 225 න් කීප දෙනෙකු හරි ඉතුරු වෙලා හොඳ අය පාර්ලිමේන්තුවේ ඉතුරුවෙයි. පාර්ලිමේන්තුව දැන් මොන්ටිසෝරියකටත් අන්ත වෙලා" යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමන් මහතා පැවසීය. 

අනුරාධපුරයේ අද (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉෂාක් රහුමාන් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

අපි ඉදිරි මැතිවරණය සඳහා   හොඳ අශ්වයෙක් ලෑස්ති කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ අශ්වයා දැම්මොත් වැඩි බහුතරයකින් මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒ අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්, දැම්ම කියන්න ඕන නෑ අශ්වයාගේ නම කියන විට ජනතාව තුළ මහා විශාල පිබිදීමක් ඇති වෙනවා.

අපිට දැනට 124 දෙනෙකුගේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා.උසාවි තීන්දුවත් සමඟ එය 130 ක් දක්වා වර්ධනය වෙයි කියලා මම හිතනවා. අපි මේ අරගල කරන්නේ අපේ වාසිය තකා නෙමෙයි. මේ රටට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව අනුවයි අපි වැඩකටයුතු කරන්නේ.

සමහරු කියනවා අපි මැතිවරණ වලට සූදානම් එන්න මැතිවරණයකට කියලා, අපි මැතිවරණ වලට බය නෑ. අපි දැන් හොඳ අශ්වයෙක් ලෑස්ති කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ අශ්වයා දැම්මොත් වැඩි බහුතරයකින් මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒ අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්, දැම්ම කියන්න ඕන නෑ.රේස් එක දැනටමත් අපි දිනලා ඉවරයි.

අශ්වයාගේ නම කියන කොට ජනතාව තුළ මහා විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. සමහරු ඒ අශ්වයාගේ නම අහලා දැනටමත් ඔට්ටු අල්ලන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කැමතියි මේක හොඳ අශ්වයෙක් දාලා දිනවන්න.එතුමා තමයි වර්ථමාන නායකයා, මැතිවරණය එද්දී එතුමා වගේම පක්ෂයේ සියලු දෙනා තීරණය කරයි ඒ වෙලාවට සුදුසුම කෙනා අපි දානවා.



අදහස් (0)

‘අශ්වයා කවුද කියලා අපි වෙලාවට කියන්නම්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site