(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිරිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් පුෂ්පකුමාර මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
අමාත්‍ය මණ්ඩලය, විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය එම අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම ටෙන්ඩර් ලංසුව අවලංගු කර නව ටෙන්ඩර් කැඳවීම සිදු කරන ලෙසත් සුදුසු වන්දි ලබාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd