IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසිති

 

 

(කාංචන කුමාර ආරියදාස)

 

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක  ගොවි නියෝජිතයෝ අද (22) දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ  ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අලි මිනිස් සුරක්ෂිතය  සහ ගොවි සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

දඹුල්ල ගම්මුදාව භූමියට ඒකරාශි වූ  දිවයිනේ පළාත් රැසක් නියෝජනය කළ ගොවි ගෙවිලියෝ  පිරිස විරෝධතා බැනර් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් විවිධ සටන් පාඨ කියමින් දඹුල්ල නගර මධ්‍යයේ  ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පුර්ණයෙන්ම ඔවුන්  සතුකරගෙන නගරය දක්වා විරෝධතා පෙළපාළියේ ගමන් කරන්නට වූහ.

ඇතැම් ගොවීහු විරෝධතාව  බැනර් ප්‍රදර්ශනය කරමින් උඩුකය නිරුවත්ව අමුඩය ගසාගෙන මාර්ගයේ ගමන් කිරීමද විශේෂත්වයකි. තවත් පිරිසක් ට්‍රැක්ටර් රථවලින් කෙසෙල් කඳන් සහ අලිබෙටි ‍ප්‍රදර්ශනය කරමින් විරෝධතා ව්‍යාපාරයේ ගමන් කරනු දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ඔරලෝසු කණුව ඉදිරිපිට පැමිණි ගොවීන් කණ්ඩායමක් තමා  අත ඇති විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔරලෝසු කණුව වටා වළල්ලක් සේ රැස්වී සිටි අතර අනෙක් පිරිස ප්‍රධාන මාර්ගයේ එක පසෙකට වී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වන්නට වූහ.

 


 



අදහස් (0)

අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site