(දයාරත්න ඇඹෝගම)
රුවන්ගම ප්‍රදේශයේ දී අද (17) උදෑසන ගෙවත්තේ රැදී සිටි වන අලියකුගේ ප්‍රහාරයෙන් 37 හැවිරිදි පුද්ගලයකු මිය ගිය බව තන්තිරිමලය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේතන්තිරිමලේ රුවන්ගම පදිංචිව සිටි ස්ටිවන් සිංඥෝ නිශ්ශංක (37) නැමැති පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා උදෑසන 7 ට පමණ අවදිව සිය නිවසේ සිට මීටර් 30 ක් පමණ දුරක පිහිටි වැසිකිළියට ගොස් ආපසු එමින් සිටියදී ගෙවත්තේ රැදී සිටි වන අලියා ඔහු ලුහුබැද නිවස ආසන්නයේ දීම පහරදී ඇති බව පොලිසිය කියයි.
වන අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා තන්තිරිමලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd