(රෝවන් පෙරේරා පුත්තලම)
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිත ප්‍රදේශයේදී ඇත් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු ආසන්නයේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුර අසලට දිව ගොස් දිවි බේරා ගෙන ඇති බව පොලීසිය කියයි.
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී අද (16) මාර්ගය හරහා ගමන් කරමින් සිටි ඇතකු, ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට මෙලෙස පහරදී ඇත.
යතුරු පැදියේ ගමන් ගත් තබ්බෝව පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අනතුරට ලක්වී තිබේ.
පහර කෑමට ලක්වූ යතුරු පැදි කරු අසල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුර වෙත දිවගොස් ඇති අතර ආසන්නයේ රථ වාහන රාජකාරියේ යෙදී පුත්තලම කොට්ඨාශ රථවාහන නිලධාරීන් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වී යතුරු පැදියේ නාල හඬ නාද කරමින් එම ස්ථානයට ඒමත් සමග ඇතා කැලයට ගිය බව කියයි.
රථ වාහන නිලධාරින්ගේ දැනුම් දීම මත පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරින් ක්ෂණිකවම එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිට අලියා කැලයට ගොස් ඇති බව වන ජීවී නිලධාරීහු පැවසූහ. පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් අනතුරට පත්ව සුලු තුවාල ලබා සිටි පුද්ගලයාට උපස්ථාන කර පිටත්කර යැවීමට කටයුතු කර ඇත.
වනජීවී නිලධාරින් සහා රථ වාහන නිලධාරින් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලි ගැවසෙන ප්‍රදේශයක් හෙයින් පරික්ෂා කාරීව මාර්ගයේ ගමන් ගන්නා ලෙසයි.




2025 දෙසැම්බර් මස 18
217
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
970
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියා පහර දීමට පැමිණි විට දිවගොස් දිවි බේරාගනී