IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලිදෙදෙනෙක් වගාළිඳක

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

කැකිරාව හෝරාපොල ප්‍රදේශයේ වගා බිමක ඇති අඩි 25ක් පමණ ගැඹුරැති අනාරක්ෂිත වගා ළිඳකට අලි දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී කාලයේදී ආහාර සොයායන අතරේදී වැටී තිබේ.

මෙම අලි දෙදෙනා අතර වයස අවුරුදු 04ක් පමණ වන අලි පැටවකු හා අවුරුදු 25ක් පමණ වන අලියෙකු වන බව වනජීවී නිලධාරීහු පවසති.  

මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග මතුව ඇති ආහාර හා ජලය හිඟය හේතුවෙන් කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල් අලින් නිරන්තරයෙන් ගම් වැදීම සිදුවේ. මෙම අලි දෙදෙනාද එසේ පැමිණෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

ළිඳේ වැටී සිටින අලි දෙදෙනා ගොඩ ගැනීම සඳහා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ. කලාවැව ජාතික උද්‍යානයේ කටයුතුද බාර ගල්කිරියාගම වනජීවී කාර්යාලය සතුව ජේ.සී.බී යන්ත්‍රයක් නොමැතිකමින් මේ වනවිට එම මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රමාදයකටද වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවී තිබේ.



අදහස් (0)

අලිදෙදෙනෙක් වගාළිඳක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site