(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මත් වතුර පානය කර සේවයේ නියුතුව සිටියේ යැයි කියන අඹගමුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව විරෝධය පා සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් අද (20) පැවති සභා රැස්වීම වර්ජනය කරමින් සභාවෙන් පිටතට පැමිණියහ.
අඹගමුව ප්‍රාදේශීය සභාවේ ඉකුත් සභා රැස්වීම පැවති අගෝස්තු (23) දා මත් වතුර පානය කර සේවයේ යෙදෙමින් සිටි කළමණාකාර සහකාරවරයකුගේ ක්‍රියා කළාපය සම්බන්ධව විරෝධය දක්වමින් එම නිලධාරියාට එරෙහිව වහා සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස එදින සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරු 16 දෙනා ලිඛිතව තම විරෝධතාවයන් සභාපති පුෂ්ප ජයසංඛ මහතා වෙත කරුණු සහිතව ඉදිරිපත් කළේය.
නමුත් මේ දක්වා එම නිලධාරියාට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම පැවති සභාවේ වාර්තාවට මන්ත්‍රීවරුන් විසින් එදින සභාවේදී දැක්වූ විරෝධය සම්බන්ධව තොරතුරු ඇතුළත් නොකිරීම යන කරුණු පදනම් කර ගනිමින් අද (20) පැවති සභාවේදී ඊට විරෝධය ප්‍රකාශ කර තමන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සභාව වර්ජනය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd