IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අ‘පුර හිටපු පා.ම ගෙන් කප්පම් ගත් සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්

( අධිකරණ උපාලි ආනන්ද)

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  ඉෂාක් රහුමාන් මහතාගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කර ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගනිද්දි අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සැකකරුවෙකු ඇප මත මුදා හරින්නැයි නීතිඥයෙකු කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිලත්ත විමලරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.
 
 ඒ අනුව සැකකරු තවදුරටත් මේ මස 12 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙසට නියෝග කළ  විනිසුරු විමලරත්න මහතා මෙම සිද්ධිය පිලිබදව සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 12 දා  අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කරනු ලැබීය .
 
 මෙසේ තවදුරටත් රිමාන්ඞ් කලේ ගල්කිරියාගම පුබ්බෝගම පදිංචි මොහොමඞ් මවාස් රිස්වාන් නැමැති සැකකරුවෙකි
 
 පැමිණිලිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කළේ තම සේවාදායකයාගේ දේශපාලන ජීවිතය විනාශ කරන බවට තර්ජනය කරමින් මෙම සැකකරු ඔහුගෙන් රුපියල් ලක්ෂ 100 පමණ මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා අති බවයි.
 
පසුව පැමිණිලිකරු මේ බව පොලිසිය දැනුම්වත් කර සැකකරු අත් අඩංගුවට ගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ 100   රුපියල් ලක්ෂ 5 මුදලක් සැකකරුට ලබා දෙද්දි පොලිසිය මගින් ඔහු අත් අඩංගුවට ගත් බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා සැකකරුට ඇප ලබා නොදෙන්නැයිද අධිකරණයෙන් අයැද සිටියේය.
 
 සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින්  නීතිඥ විජිත වික්‍රමනායක මහතා ඉල්ලා සිටියේ සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මදා හරින ලෙසයි.
 
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිති පොලිස් පරීක්ෂක පී එස් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත එම කොට්ඨාශයේ නිලධාරීන් පෙනී සිටියේය . අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතාත් සැකකරු වෙනුවෙන් නීතිඥ විජිත වික්‍රමනායක මහතාත් පෙනී සිටියේය.



අදහස් (0)

අ‘පුර හිටපු පා.ම ගෙන් කප්පම් ගත් සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site