IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අ’පුර සරසවි සිසුහු සත්‍යග්‍රහයක

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් 22දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුහු අද(29) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
 
පසුගිය ජූලි මාසයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම සිසුන් සිදුකළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය කළ විනය පරීක්ෂණයකින් පසු සිසුන් 22දෙනෙකුගේ පංති තහනම් කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ලේකම් දමිත් නිමන්ත සිසුවා මෙසේ පැවසුවේය.
 
“ජූලි උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් සිසුන් කිහිප දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුකරලා, චෝදනා කිසිවක් ඔප්පු නොකරම 22දෙනෙකු නීතිවිරෝධී ආකාරයට පංති තහනම් කර තිබෙනවා. එම සිසුන්ගේ පංති තහනම වහාම ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එතෙක්  තමන් අඛණ්ඩ උපවාසයක නිරත වනවා” ඔහු පැවසීය.




අදහස් (0)

අ’පුර සරසවි සිසුහු සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site