IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


අ’පුර අධිකරණ කටයුතු මැයි 10 වන තුරු නැවැත්වීමට නීතීඥවරු තීරණය කරති

 (උපාලි ආනන්ද)
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය  ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු අධිකරණ කටයුතු වලින්  මැයි මස  10 වන දින දක්වා  තම සංගමයේ  නීතිඥ මහත්ම මහත්මීන්  ඉවත් වන බව අනුරාධපුර නීතිඥ සංගමය අනුරාධපුර කලාපයේ සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දිසා විනිසුරුවරුන්ට සහ මහේස්ත‍්‍රාත්වරුන්ට ලිඛිතව දැැනුම් දී තිබේ.
 
අනුරාධපුර නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සුරංග මොහොට්ටි සහ එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙලෙස අදාල ලිඛිත දැනුම් දීම කර ඇත්තේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක  අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර  උතුරු මැද  පළාත් බද මහාධිකරණ විනිසුරු සනත් ජේ මොරවක අනුරාධපුර දිසා විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනක ප‍්‍රසන්න සමරසිංහ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර කැබිතිගොලේලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස්   කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් නිලන්ත විමලරත්න සහ තඔුත්තේගම මහේස්ත‍්‍රාත් රමිලා නදීෂානි යන මහත්ම මහත්මීන්ටය.
 
අනුරාධපුර නීතිඥ සංගමය කල අදාල දැනුම් දීම අනුරාධපුර දිසාෙවි සිය`ඵ අධිකරණ වල විනිසුරුවරුන් පිලිගත් බව පවසන එම අධිකරණ වල රෙජිස්ට‍්‍රාර්වරුන්  ඒ අනුව මැයි මස 10 වන දින දක්වා උතුරු මැද පළාත් බද මහාධිකණයේ  අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ අනුරාධපුර කැබිතිගොල්ලෑව සහ කැකිරාව දිසා අධිකරණ වල අනුරාධපුර ප‍්‍රධාන සහ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණ වල මෙන්ම කැබිතිගොග්ලෑව කැකිරාව සහ තඔුත්තගේම මහේස්ත‍්‍රාත් අධිකරණ වල සියලු  විභාග කිරීමේ  කටයුතු පමනක් සිදු නොවන බවද කියයි



අදහස් (1)

අ’පුර අධිකරණ කටයුතු මැයි 10 වන තුරු නැවැත්වීමට නීතීඥවරු තීරණය කරති

de silva Wednesday, 29 April 2020 05:37 AM

හොඳ තීරණයක්. නඩු කටයුතුවලදී අධිකරණ ශාලා වල 300-500 ජනකායක් එකවර රැස්වන නිසා කොරෝනා බෝ වෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 327 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site