මේ වසරේදී මහරගම අපේක්ෂා රෝහලේදී ඇට මිදුළු බද්ධය ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවේ.
මීට පෙර මෙම රේහලේදී ස්වයං ඇට මිදුළු බද්ධයන් 50 ක් පමණ සිදු කර ඇති අතර දායක ඇට මිදුළු බද්ධය සඳහා එහි පහසුකම් ප්‍රමාණය වැඩි කිරීමට මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.
දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා දී ඇත.
ඔඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මගින් එම පුහුණුව ලබා දී තිබේ.
අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
(36698)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.