(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
සමනලවැව ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ ජලය කාන්දු වන ස්ථානයට පහළ ජල මාර්ගයේ කිමිදුම් කට්ටල යොදාගෙන රාත‍්‍රී කාලයේ අනවසරෙන් මැණික් කැණීම් කළ අටදෙනෙක් මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා අද (6) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වු එස්.එම්.කේ. සෙනෙවිරත්න, එම්.ඒ.ජේ.අනුරාධ චන්‍ද්‍රසිරි, ගාල්ල, උඩුගම එස්.ජී. ක‍්‍රිශාන්ත සංජීව, බළන්ගොඩ ඉඹුල්පේ ඒ.ආර්.එල්.උදයංග, රත්නපුරේ පදිංචි එම්.ඒ.නිහාල්, එන්.එච්.අතුකෝරළ, ඒ.අයි.පීරිස් සහ පී.ඒ.දයාවංශ යන සැකකරුවෝය.
බළන්ගොඩ අඩවි වන නිලධාරී මිල්ටන් සමරසිංහ මහතාට ලද තොරතුරක අනුව අද (6) කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සමනලවැව ජලාශයේ වේල්ලට පහළ මොවුන් කිමිදුම් කට්ටල භාවිතා කරමින් සමනලවැව ජලාශයේ වේල්ලේ දිය කාන්දුවෙන් ගලායන ජලය එකතුවන ස්ථානයක මෙම මැණික් කැණීම සිදුකර ඇති බව පැමිණිලිකාර වන සංරක්ෂණ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිසිය විසින් සැකකරුවන් පැමිණි ත‍්‍රිරෝද රථයක්, යතුරු පැදියක් සමඟ ඔක්සිජන් ටැංකි ද, කිමිදුම් කට්ටල සහ මැණික් කැනීමට යොදාගන්නා ගත් වට්ටි ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
423
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2193
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනවසර මැණික් කැණීම් කළ 8ක් රිමාන්ඩ්