නැගෙනහිර පළාතේ මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යන ඛනිජතෙල් ඉල්ලූමට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි ඉන්ධන සැපයීමේ ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ පැවසුවාය.
පසුගියදා මඩකළපුව ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඉන්ධන ව්‍යාපාරය ලාභ ලැබිය හැකි තත්ත්වයට උසස් කිරීම සඳහා ද ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ද සීඝ්‍රයෙන් ඉහළ යන එම ඉල්ලූම සම්පූර්ණ කිරීමට පියවර ගැනීම වැදගත් වන බව ද ඇය කියා සිටියාය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.