(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්තනගල්ලේ ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තු කාර්යාලයේ කනිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකරු නාල්ල දිවුල්දෙනිය පදිංචිකරුවෙකි.
පැමිණිලිකරුට අයත් ඉඩමේ වසර 25 ක පත් ඉරු ලබා ගැනීමට අවශ්‍ය පත්තිරු අංක නිසි පරිදි කාර්යාලයෙන් සොයා දී එම පත් ඉරු ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කර දීම සඳහා මෙම මුදල ඉල්ලා එය එම කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීම කළ නිලධාරියෙක් පැවසීය.
සැකකාර කනිෂ්ඨ ආරක්ෂක නිලධාරියා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්තනගල්ල ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු අල්ලස් දැලේ