(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්තනගල්ලේ ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තු කාර්යාලයේ කනිෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකරු නාල්ල දිවුල්දෙනිය පදිංචිකරුවෙකි.
පැමිණිලිකරුට අයත් ඉඩමේ වසර 25 ක පත් ඉරු ලබා ගැනීමට අවශ්‍ය පත්තිරු අංක නිසි පරිදි කාර්යාලයෙන් සොයා දී එම පත් ඉරු ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කර දීම සඳහා මෙම මුදල ඉල්ලා එය එම කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීම කළ නිලධාරියෙක් පැවසීය.
සැකකාර කනිෂ්ඨ ආරක්ෂක නිලධාරියා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd