
(ක.ග.කරුණාරත්න)
අංගම්මැඩල්ල ජාතික වනෝද්‍යානයේ විසූ අලි පැටවෙකු පොළොන්නරුව ජයන්තිපුර, නිකවැව ප්‍රදේශයේදී අද (17) වෙඩි වැදී බරපතල තුවාල ලබා ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
රාත්‍රී කාලයේ ආහාර සොයා යමින් සිටියදී අලි පැටවාට වෙඩි වැදී ඇතැයි ඔවුහු කීහ. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 8ක් පමණ වයසැති අඩි 10ක් පමණ උස පිරිමි සතෙකි.
පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි කැළෑවේ දඩයක්කරුවන් විසින් අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අලියාගේ හිසට වෙඩි පහර වැදී තිබෙන බව විමර්ශන සිදුකරන එම නිලධාරීහු කීහ.
වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත දැනුම් දී ඇතැයිද ඔවුහු පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd