(මොහොමඩ් ආසික්)
අකුරණ නගරය නිරන්තරයෙන් ජලයෙන් යටවීමට බලපාන හේතු ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් අද (08) අකුරණ නගරයේදී උද්ඝොෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයට අකුරණ ප්‍රදේශයේ ව්‍යපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනා ගමනයටද පැය දෙකක පමණ කාලයක් බාධා එල්ල විය.
උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිස් අකුරණ අස්නා පල්ලියේ සිට විරෝධතා පෙළපාලියකින් පැමිණ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණයට සහාය දක්වමින් අකුරණ නගරයේ වෙළඳ සැල් සියල්ල අද වසා තිබිණි.




COMMENTS
කවුරුවත් ඇළවල් අවහිර කරලා වගේනේ මේ කට්ටිය හැසිරෙන්නේ. ඒ මදිවට වන්දිත් ඉල්ලනවා.
අපි හරි පුදුම රටක්. මේ අය ලස්සනට තිබුන පිඟා ඔය ගොඩකරලා තව වන්දිත් ඉල්ලනවා
මේ අය ඔය හරස් කරලා කඩවල් හදලා දැන් යටවෙනවා කියලා කෑ ගහනවා.