(ක-ග-කරුණාරත්න)
සිය සැමියා සමඟ කුඹුරේ වී අස්වනු නෙළමින් සිටි 43 හැවිරිදි තිදරු මවක අකුණුසැර වැදීමකින් මරුමුවට පත්වී ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පොලොන්නරුව,ජයන්තිපුර පදිංචිව සිටි 43 හැවරිදි බී.චන්‍ද්‍රිකා දමයන්ති නම් කාන්තාවකි.
ඇය ශ්‍රීලංකා යුද හමුදාවේ විශ්‍රාමික යුද සෙබළියක ලෙස කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ මියගිය කාන්තාවගේ අසළ සිටි සැමියාට ද අකුණුසැර වැදී ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය කාන්තාවගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොළොන්නරුව මහ රෝහලේ දී අද (1) සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd