(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජූනි 21 වැනිදායින් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය අනුව බැවින් එතුමාගේ ධූර කාලය ගණනය කළ යුත්තේ එම සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ 2015 ජූනි 21 වැනිදා සිට බවද මහලේකම්වරයා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට අදහසක් තිබෙන බවද හෙතෙම කීවේය.
ජයසේකර මහතා මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.