IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


යූනියන් ඇෂුවරන්ස් සමාගම MDRT සුදුසුකම්ලාභීන් 300 ක් සමගින් නව වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ එක් සමාගමක් වාර්තා කළ වැඩිම Million Dollar Round Table (MDRT) සුදුසුකම්ලාභීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ. 2021 වසර තුළ යූනියන් ඇෂුවරන්ස් සමාගමෙන් MDRT සුදුසුකම්ලාභීන් 300 ක් වාර්තා වූ අතර, මෙය 2020 වසරට සාපේක්ෂව 74% ක වර්ධනයකි.

මෙම 300 දෙනා අතරට Top of the Table සුදුසුකම්ලාභීන් 5 දෙනෙකු, Court of the Table සුදුසුකම්ලාභීන් 20 දෙනෙකු සහ MDRT සුදුසුකම්ලාභීන් 275 දෙනෙකු ඇතුළත් වී තිබේ.

MDRT යනු ස්වාධීන ජාත්‍යන්තර සංවිධානයක් වන අතර, MDRT සාමාජිකත්වය ලොව ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවාවන් සම්බන්ධ ඉහළම සුදුසුකම ලෙස සැලකේ. එම සුදුසුකම හිමිකර ගැනීමට නම් වෘත්තිකයන් වාරික, කොමිස් සහ ආදායම අතින් නිශ්චිත මට්ටම් ළඟා කරගත යුතු වන අතර, ඉහළම තලයේ වෘත්තීය දැනුමක් සහිතව, ආචාරධර්ම මාලාවක් අනුව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදිය යුතු ය.

“අපගේ උපදේශකවරුන් විශාල පිරිසකට මේ ආකාරයට රක්ෂණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීම හිමිකර ගැනීමට හැකිවීම අප ලැබූ මහත් වූ ගෞරවයක්. COVID-19 හේතුවෙන් මතුවී තිබෙන අභියෝග හමුවේ පවා මේ ආකාරයට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම MDRT සුදුසුකම් ලාභීන් පිරිසක් වාර්තා කළ සමාගමට බවට පත්වීමට අපට හැකියාව ලැබුණා. අපගේ උපදේශකවරුන් 300 දෙනෙකුට මෙම පිළිගැනීම හිමිවීම මගින් පෙනී යන්නේ, ගනුදෙනුකරුවන්ට කෙතරම් විශිෂ්ට සේවාවක් ලබාදීමට අප සමත් වී තිබේද යන්නයි. ඉහළම තලයේ ආචාරධර්ම වලට අනුකූලව, ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරමින් මෙවැනි ආදර්ශමත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වීම වෙනුවෙන් මා මෙම උපදේශකවරුන්ට මගේ කෘතඥතාව පළකර සිටිනවා. ගනුදෙනුකරුවන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීම සඳහා ඔවුන් ගන්නා උත්සාහයට අපගේ නිරන්තර සහයෝගය හිමිවිය යුතුයි. එමෙන්ම අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගම තම අලෙවි බලකාය ශක්තිමත් කිරීම සඳහා පියවර රාශියක් ගෙන තිබේ. විශිෂ්ට මට්ටමේ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, නවීනතම තාක්ෂණික පහසුකම් ලබාදීම සහ ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ඇගයීම් පිරිනැමීම ආදිය මීට ඇතුළත් ය.

“මෙතරම් පිරිසක් MDRT සුදුසුකම් හිමිකර ගැනීම, අපගේ රක්ෂණ නියෝජිත සහ ආයතනික ව්‍යාපාර අංශ ලැබූ විශාල ජයග්‍රහණයක්. තම රක්ෂණ නියෝජිතයන් සහ මූල්‍ය උපදේශකවරුන් විශිෂ්ටතම මට්ටමේ වෘත්තිකයන් පිරිසක් බවට පත්කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම ගන්නා උත්සාහයේ සාර්ථකත්වය මෙමගින් නැවතත් සනාථ වෙනවා. මනා දැනුමක්, උද්‍යෝගයක් හා ශික්ෂණයක් සහිත විකිණුම් වෘත්තිකයන් යනු, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය බව අපගේ විශ්වාසයයි. එවැනි සේවාවක් ලබාදීමට අපගේ උපදේශකවරුන් දිරිගන්වමින්, අපගේ ආයතනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අප මෑතකදී Union Assurance Premier Club වැඩසටහන  දියත් කළා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

“අපගේ බැංකු රක්ෂණ අංශය මේ වනවිට රටේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වී තිබීම අපට මහත් සතුටක්. රටේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වශයෙන්, අපගේ ප්‍රවීණ හා පළපුරුදු නියෝජිතයන් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට සෑම විටම සූදානමින් සිටිනවා. අපගේ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ කැපවීම අගය කිරීම සහ ඔවුන්ට ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ත්‍යාග හා ඇගයීම් පිරිනැමීම අරමුණු කරගෙන අප මෑතකදී ‘Circle of Excellence’ වැඩසටහන දියත් කිරීමටත් කටයුතු කළා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ සේවා නිලධාරී වින්ධ්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් සමාගම MDRT සුදුසුකම්ලාභීන් 300 ක් සමගින් නව වාර්තාවක් පිහිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site