IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට කියාදෙන්නේ ජීවිතය නැමැති සයුරේ රැළි පිට රැළි ලෙස පෙරළෙමින් අපව යටපත් කිරීමට පැමිණෙන අනේක වූ අභියෝගයන් හමුවේ නැඟී සිටීමට අවශ්‍ය හැකියාව මෙන්ම ශක්තිය අප තුළම අති බවය. ඉතා අසරණ තත්ත්වයේ පසුවූවද, අප මනසින් නොවැටී අපගේ අරමුණෙහි පිහිටා කටයුතු කිරීම තුළින් අපට එම අභියෝග ජයගත හැකි බවය. මෙය කිසිදු බෙදීමකින් තොරව සැමටම පොදු වු කරුණකි. 


මෙවැනි වූ පියෙකුගේ හද කම්පනයට පත්කරවන කතාවක් සහිත වීඩියෝවක් අපට පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබිණි. හදිසි අණතුරක් හේතුවෙන් දෙපයම අහිමි වූ ඔහු අද වන විට තවත් අසරණ බවට පත්ව ඇත්තේ ඔහුගේ සිතෙහි ඇති දිරියට අත්වැලක් සැපයීමට ශක්තියක් ඇති අයෙකුගේ සහාය නොලැබිම හේතුවෙනි. මෙම දිරිය පියාණන් වෙත ශක්තියක් වෙමින් ඔහුට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම පසුගියදා ඔහුගේ නිවෙසට පැමිණියේ ජනතාව වෙනුවෙන් කැපවෙන ආයතනයක් ලෙස ඔවුනගේ පීඩාවන් හමුවේ ඔවුන්ට ශක්තියක් වීමේ මානුෂීය හැඟීම පෙරදැරි කරගනිමිනි.

මාවනැල්ල රුවන්දෙණිය ප්‍රදේශයේ ජිවත්වන දීප්ති සතුරුසිංහ මහතා මීට වසර පහකට පමණ පෙර හදිසි අණතුරට පත්වන්නේ ඔහු කිසිදු විටෙක අපේක්‍ෂා නොකළ අයුරිනි. කුුුුඩා දියණියකගේ වගකීම සිය දෙවුර මත දරමින්, ඇයගේ අනාගතය සාර්ථකව ගොඩනගා ගැනීමට අවශ්‍ය මග සකසමින්, ඇයට සාර්ථක අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කරමින් පියෙකුගේ ආරක්‍ෂාව සහ වගකිම නොපිරිහෙළා ඉටුකළ දීප්ති මහතා, මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ නිමේෂයකින් ඔහුගේ එම සිහින සහ බලාපොරොත්තු සුණු විසුණු වී ගියේ ඔහු සදාකාලිව ඇඳකට සහ රෝද පුටුවකට කොටු කරමිනි.

එකින් එක පෙළගැසෙමින්, එකින් එක තෙරපා නැඟෙමින් පැමිණෙන අනෙක වූ ප්‍රශණ හමුවේ ඔහු අසරණ බවට පත්වූ වාර අනන්තය. එදිනෙදා රැකියාවක් කරමින් ජිවිතය සරිකරගත් ඔහුට නැවත සිය ජිවිතය සකසා ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පවා අදහසක් ඔහු තුළ නොවීය. නමුත් කෙසේ හෝ ජීවිතය ජයගත යුතුය යන අදහස ඔහු තුළ ඇතිවූයේ සිනාවකින් මුව සරසාගනිමින් ඔහුට උපකාර කරන ඔහුගේ සිගිති දියණියගේ මුහුණ දැකීමෙනි. පියෙකු ලෙස ඔහු සතු අභිලාශයන් තවමත් ඔහු තුළ නොසිඳී පවතින්නේ සිය දියණියගේ සහ ඔහුගේ මවගේ ලෙන්ගතු ආදරය සහ රැකවරණය හමුවේය. 

සිය ආබාධිත තත්ත්වය සිතින් බැහැර කරමින් පවුලේ පෝෂණය වෙනුවෙන් කැපවීමට දිරිය ඇති ඔහු වෙත ඇති අභියෝගය වන්නේ ඔහුට නිවසට ඒමට ඇති මාර්ගය මඩ වගුරු, වල ගොඩැලි සහිතව ඔහුට තනිව ගමන් කිරීමට සුදුසු තත්ත්වයක නොපැවතීමයි. මෙහිදී ඔහුගේ ඉල්ලීීීම වූයේ ඔහුට ඔහුගේම ජීවනෝපායක් කරගෙන යාම සඳහා එම මාර්ගය පිළිසකර දීමට උදව්වන ලෙසයි. මේ සම්බන්ධයෙන් ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ අවධානය ක්ෂණිකව යොමු වූ අතර, එම මාර්ගය කඩිනම් සහ සාර්ථක අයුරින් ඔහුට තනිව ගමන් කළහැකි තත්වයට සකස්  කිරීමෙන් පසුව පසුගියදා දීප්ති මහතා ප්‍රමුඛ කරගත් පවුල වෙත ලබාදීමද සිදුවිය.

ඔහුට ශක්තියක් වීම අපගේ යුතුකමයි. එය ඔහුට කරන උපකාරයකටත් වඩා ඔහුගේ අත්ම ශක්තිය වඩවාලීමට කරන්නා වූ සහායකි. ඉතා සුළු ආබාධයක් ඇතමෙකු තවකෙකු වෙත අතපාන තත්ත්වයකට පත්කරනා කාලයක දීප්ත වැන්නන් මේ අයුරින් ඇගයීම සැබෑ මනුසත්කාරයකි. අපි ඔහුගේ දිරියට ශක්තියක් වෙමු.



අදහස් (0)

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site