IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඩයලොග් ආසිආටා මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

නවීන ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලමින්, අනාගත නායකයන් බිහිකිරීමේ අරමුණ ඇතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ  එක්ව මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨයන්හි  5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කර ඇත.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථාන මගින්, 5G තාක්ෂණය හා  එහි නවීනතම භාවිතයන් ඔස්සේ සිසුන්ට පර්යේෂණ සහ ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසමින්, ඔවුන්ගේ විෂයාන්තර, පරිගණකමය සහ ව්‍යවසාය හැකියාවන් සවිබල ගැන්වීම අරමුණු කර තිබේ. Artificial Intelligence, Machine Learning, Computer Vision, Blockchain, Robotics, Internet of Things (IoT) ඇතුළත්ව ජාතික නවෝත්පාදන සහ ආර්ථික විවිධාංගීකරණයට සහාය වන අනෙකුත් නවීන තාක්ෂණයෙන්ද මෙය සමන්විත වේ.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග “මෙරට සෑම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයකම 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම  ලබාදෙන මෙම සුවිශේෂී සහාය පිළිබඳව අපි බෙහෙවින් ස්තුතිවන්ත වන අතර, මෙය විශ්වවිද්‍යාල කොමිෂන් සභා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ඨානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබෙනවා.මෙම 5G නවෝත්පාදන මධ්‍යස්ථාන හරහා, ජාතියට අනාගත නායකයින් බිහිකිරීම මෙන්ම ඒ හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමයේ සුවිශේෂී වෙනසක් සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසන ලදී.

“පසුගිය වසර කිහිපය පුරාවට මෙන්ම පවතින වසංගත තත්වය යටතේ පවා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඩයලොග් ආසිආටා සමාගම නිරතුරුවම සිය කාර්යභාරය නොපිරිහෙලා ඉටුකර තිබෙනවා. ඩයලොග් සමාගමේ මෙම විශිෂ්ට වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ප්‍රමුඛතම තාක්ෂණික කෙන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ උත්සහය තවදුරටත් පෙරට රැගෙන යනු ඇතැයි අපගේ විශ්වාසයයි.” යනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.  

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ප්‍රධාන විධායක මහාචාර්ය, ලලිත් ගමගේ මේ සම්බන්ධයෙන් මෙසේ සිය ප්‍රසාදය පළ කර සිටියේය. “රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම විශ්වවිද්‍යාල සිසුන්ට නවොත්පාදනවලින් පිරි විසඳුම් නිර්මාණය කිරීමටත්, නවීනතම තාක්ෂණය සහ ඊට අදාළ මාධ්‍යයන් විවර කිරීමේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්වන මෙම 5G නවෝත්පාදන මධ්‍යස්ථාන හරහා මහඟු අවස්ථාවක් උදාකරදීම පිළිබඳව ඩයලොග් සමාගමට අපේ කෘතඥතාවය පළ කරනවා.”

මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා,  “සමාජයට යහපත් බලපෑමක් ඇති කරමින් ජාතික මට්ටමින් නවෝත්පාදන වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට හැකිවන මෙම 5G නවෝත්පාදන මධ්‍යස්ථාන, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට තිළිණ කිරීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. නවොත්පාදන මධ්‍යස්ථාන ජාලයක් බිහිකිරීම පිණිස ඩයලොග් විසින් සිදුකරන ලද මෙම කාර්යභාරය තුළින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ  කර්මාන්ත ක්ෂේත්‍රයේ හවුල්කරුවන් එකට යා කර, රට සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යන කර්මාන්තවලට සහායවී ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධනයක් ඇතිකිරීමේ දැක්ම මැනවින් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා.”

මෙම කාර්යභාරය වෙනුවෙන් සහාය වූ හුවාවේ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියෑන්ග් යී මහතා මෙසේ පැවසීය. “ලොව ප්‍රමුඛතම 5G තාක්ෂණ සැපයුම්කරු ලෙස, මෙරට දේශීය තාක්ෂණය මූලික කරගනිමින් නවෝත්පාදන දියුණු කිරීමටත්, අධ්‍යාපනික මධ්‍යස්ථාන වෙනුවෙන් ඩයලොග් සමග එක්වීමට ලැබීමත් අප ලද විශාල භාග්‍යයක් සේ සලකනවා. මෙමගින් දේශීය කර්මාන්තවල සංවර්ධනයට උපකාරවන සේ නවීන තාක්ෂණයට පූර්ව සූදානමක් ඇතිව හැඩගැසීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් දියුණු කිරීමට හැකිවනු ඇත.”

එරික්සන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විනෝද් සමරවික්‍රම මහතා මෙසේ ප්‍රකාශ කළේය. “5G තාක්ෂණයේ නම් දැරූ ලොව ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හරහා ශ්‍රී ලංකාවේ 5G ක්ෂේත්‍රය ගොඩනැගීම වෙනුවෙන් දායකවීමට ලැබීම මහත් සතුටක් බව ප්‍රකාශ කිරීමට කැමතීයි. මෙම 5G නවෝත්පාදන මධ්‍යස්ථාන, ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්,සිසුන් හා ව්‍යවසායකයන් අතර සහයෝගීතාවය ගොඩනගන කේන්ද්‍රස්ථානයක් බවට පත්වනවා සේම, ඒ හරහා නවෝත්පාදන බිහිකර, කර්මාන්ත ක්ෂේත්‍රයේ සිව්වැනි විප්ලවයට මුලපුරා ශ්‍රී ලංකාව නව ඩිජිටල් යුගයක් කරා ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. 5G තාක්ෂණයෙන් බලගැන්වුණු අනාගතයක වටිනාකම හඳුනාගත් ශ්‍රී ලංකාවට ඉදිරියේදීත් සහායවීමට අපි නිරතුරුවම සූදානම්.”

සිව්වැනි කාර්මික විප්ලවයක් අභියස 5G තාක්ෂණය කේන්ද්‍ර කරගනිමින් එකට යාවෙන ලොවක, 5G නවෝත්පාදන මධ්‍යස්ථාන බිහිවීම, රටේ නිර්මාණාත්මක  සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා තැබෙන ආරම්භක පියවරක් ලෙස මෙරට තුළ අගනා කාර්යභාරයක් ඉටු කරනු ඇත.



අදහස් (0)

ඩයලොග් ආසිආටා මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site