IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘20 සංශෝධනයෙන් රට ප්‍රජාතන්ත්‍රවාදී මඟකට අවස්ථාව ලැබෙනවා‘

( නිමල කොඩිතුවක්කු)


20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට  ප‍්‍රජාතන්ත‍්‍රවාදී මගකට ගැනීමේ අවස්ථාව උදා වන බව විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා කොළඹදී අද(01)  පැවැසීය.


විධායකයේ අත්තනෝමතික බලය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සියලූ දෙනා පෙල ගැසිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.


ජාතික විද්වත් සංවිදානය මරදාන පිහිටි සමාජය හා සාමයික කේන්දු‍්‍රයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ  ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා මෙසේද කීය.


  ‘‘2015 ජනවාරි 08 යහපාළන රජය බලයට පැමිනිමත් සමඟ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනාධිපති  මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානතම සටන් පාඨය බවට පත්වුනේ විධියක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි.


එතුමාගේ එම ප‍්‍රකාශයතත් සමග සිවිල්  සමාජ ඇතුලූ සමාජ බලවේග ගනනාවක් එතුමා වටා  රැස් වුණා. ජනතා විමුක්ති  පෙරමුනත් මේ සටන් පාඨයට විශාල තල්ලූවක් ලබාදුන්නා. 


බලය ලබා  ගත්තට පස්සේ ප‍්‍රධාන පක්ෂ දෙකම තමන්ගේ ප‍්‍රධාන සටන්  පාඨය අමතක කරලා අද වනවිට රිසිසේ විධායකයේ බළතල පාවිච්චි කරමින් සිටිනවා.


මේ තත්වය මත විධායක  ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ  සහ  සිවිල් සමාජය අතර යම් එකඟතාවයක් ඇතිවි තිබෙනවා. 


විධායක ජනාධිපතිධුරයට එරෙහිව මේ රටේ හඬක් නැගනේ විධායක ජනාධිපතිධුරය හදුන්වාදිමටත් පෙරයි. 20  වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදායකය සතු අත්තනෝමතික  බළතල අයින් වෙනවා. 


ජේ. ආර් ජයවර්ධන ජනාදිපතිවරයාගේ සිට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වාම  විධායක බළය අත්තනෝමතිකව පාළනය කළා. එහි ප‍්‍රතිඵල විටින් විට මේ රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුව තිබෙනවා.

 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියාය කියන බළය පූර්ණ වශයෙන්ම ඉවත් වෙනවා. වෙනත් කිසිදු බළයක් ඔහුට අහිමි වෙන්නේ නැහැ. මින් සිදුවන්නේ අත්තනෝමතිකව ක‍්‍රියාත්මක කරන බළය පාළනය කිරිමක් පමණයි. 


ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බළය, අත්තනෝමතික ලෙස තනතුරු පත්කිරීමේ බළය අහෝසි වනවා. ජනාධිපතිවරයාගේ කාර්ය  මණ්ඩලය පවා තීරණය කරන්නේ කාබිනට් මණුඩළය විසුනුයි.  20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යහපත් ප‍්‍රජාතානාත‍්‍රවාදී රටක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් වෙනවා’’ යැයිද ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එහිදි පැවැසීය.


මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද, බන්ධනාගාර අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.



අදහස් (1)

‘20 සංශෝධනයෙන් රට ප්‍රජාතන්ත්‍රවාදී මඟකට අවස්ථාව ලැබෙනවා‘

susil Friday, 12 October 2018 03:05 AM

පළාත් සභා බලගතු වුවොත් මොකද වෙන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 999 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site