IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘හිඩැසක් තිබෙන්නේ ව්‍යවස්ථාවේ ‍නොව පොහොට්ටුවෙයි’


 
 
(ඩයනා උදයංගනී)
 
ජනාධිපතිධූරය දෙවරක් දැරූ අයෙකුට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඉතා පැහැදිලිව සඳහන් බවත්, එහි කිසිඳු හිඩැසක් නොමැති බවත් ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


හිඩැස ඇත්තේ එකිනෙකා අතර ඇති තරගය නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් නම් කරගැනීමට නොහැකි පොහොට්ටු පක්‍ෂයේ බව කී අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හෝ මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමේ හැකියාවක් නැතැයි ද කීවේය.


මේ බව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නීතීඥයින් මෙන්ම පොහොට්ටු පක්‍ෂයේ සාමාජිකයින් ද දන්නා බව කී අමාත්‍යවරයා ඔවුන් ව්‍යවස්ථාවේ හිඩැසක් ගැන කතා කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් තරග කළ හැකි බව පවසන්නේ දැනට පක්‍ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය සමනය කරගැනීමේ උපක‍්‍රමයක් ලෙස බවද සඳහන් කළේය.


කිසියම් නීතියක් සම්මත කළ පසු එය අනාගතයට බලපාන බව කී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඒ අනුව 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති ඉදිරි ජනාධිපතිවරණයට බලපාන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුම පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (1)

‘හිඩැසක් තිබෙන්නේ ව්‍යවස්ථාවේ ‍නොව පොහොට්ටුවෙයි’

Raveendra Tuesday, 21 August 2018 12:28 PM

අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන්න යහමින් වෙලාව තියෙනවා මහජන සේවයට තමා වෙලාව නැත්තේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site