(නිමල කොඩිතුවක්කු)
සියලූ පාර්ශව එක්ව වත්මන් ආණ්ඩුව වෙනස් කිරිමට කඩිනමින් කටයුතු කරන බව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය.
වත්මන් යහපාලන ආණ්ඩුවේ කටයුතු හේතුවෙන් රටේ ආර්ථිකය සමාජ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද ඔහු සඳහන් කළේය.
රට නැවත යථා තත්වයට පත්කිරීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නොමැති බවත් ඒ මහතා පැවසීය.
රටට ජනතාවට වැඩක් කළ හැකි කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බැවින් සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමා. මොනවා කරන්නද දන්නෑ හදන්නෙ. අපිත් දන්නදා පටන් පක්ෂ මාරු වුනා විවිධ පොරොන්දු දුන්නා කිසිම දෙයක් වෙලා නැහෑ.
පසුගිය ආණ්ඩුව නේද ආර්ථිකය කඩාකප්පල් කලේ . සියලු පාර්ශව එක්ව නැවතත් රට හුරා කන්න බංකොලොත් කරන්න ඉඩ නොදිය යුතුයි . හිටපු දුෂිතයින් කිසිදෙයක් නොකලා වගේනේ කතා කරන්නේ . එම නිසා රටට ආදරේ ඇති සියලු දෙනා ඔවුන්ව ප්‍රතික්ෂේප කල යුතුයි . මුදල් රටට තිබුණානම් අපිට මෙහෙම වෙන්නේ නැහැ . දැන් තවමත් උත්සහ කරන්නේ පරණ ක්‍රමයට ඔවුන්ගේ වත්කම් තව වැඩිකර ගැනීමටයි . දැන් ඉන්න අයටත් පාඩමක් ඉගෙනගන්න මොවුන්ට දඩුවම් දෙන්න කව්රුත් නැහැ , එකයි රටේ කරුමේ .
රටේ තිබුණු සම්පූර්ණ ආර්ථිකය පිටරට බැංකුවල සහ හැම නගරයක් පාසාම ඉන්න හෙන්චයියන් හංගාගෙන, ඉතිරි ඒවා අයුතු ලෙස උපයා ගත් දේපල... ඒවා නැවත රටට ලබා ගත්තොත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ආර්ථිකය නගා සිටුවන්නට.... යහපත් මහත්මා ගතිගුණ ඇති සියලු පාර්ශව එක්වුවහොත් රට නැවත යථා තත්වයට පත්කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්.... ජයවේවා !!!
2015ට පෙර ඇමතිකාලේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකළ රත්නපුරේ අයට රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටමත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත් කිසිම විභාගයක් නොතියා පත්කිරීම් කළ ඔබට පවතින රජය යටතේ එවැන්නක් නොහැකි වුණාද?
අනේ නිකන් ඉන්න.., කයිවාරු ගහන්නේ නැතුව..!
ඔව් ඒක ඇත්ත, එතකොට ඔහෙලට ආයෙත් අපේ සල්ලි වලින් බඩපිණුම් ගහන්න පුළුවන්නේ. මේ මිනිස්සුන්ට පිස්සුද නැත්නම් හැටිද මන්දා?