IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


සජිත් අපේක්ෂකයා නොවුණා නම් මම එජාපයට නොඑන්න ඉඩ තිබුණා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් 
තිස්ස අත්තනායක

එජාප නායකතුමා හා මා අතර කිසිම පෞද්ගලික අමනාපයක් නෑ

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සමග කළ සාකච්ජාවකි මේ.  


ඔබ ආපහු එක්සත් ජාතික පක්ෂයට ඇවිත්. කොහොමද මේ ගමනට පාර කැපුණේ?  


මම කොහොමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට තමයි හිටියේ. ඒත් පහුගිය අවුරුදු හතරක් විතර ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වුණේ නෑ. පහුගිය

ජනාධිපතිවරණයේ දී මම ගත්තු තීන්දුව කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන් මං එක්සත් ජාතික පක්ෂය හැරදාලා ගියා කියලා. හැබැයි මම පක්ෂයෙන් නෙරපපු අවස්ථාවේ මම ශ්‍රේෂ්‍ඨාධිකරණයට ගිහිල්ලා මගේ නෙරපීම වැරදියි කියලා තීන්දුවක් පවා ලබා ගත්තා. ඒ නිසා මට වෙන දේශපාලන මතයක් තිබුණෙ නෑ.  


මේ මොහොතේ සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට මම හවුල් වුණේ‍ ඔහුගේ ඉල්ලීම හා ආරාධනය නිසා. ඔහු මට ආරාධනා කළා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට. ඔහුට මේ මොහොතේ මගේ සහයෝගය අවශ්‍යයි කියලා ඔහු මට ප්‍රකාශ කළා. පක්‍ෂය වෙනුවෙන් මම කරපු සේවය ගැන ලොකු ප්‍රසාදයක් හා ඇගයීමක් ඔහුට තිබෙන බව ප්‍රකාශ කළා. ඒක වැදගත් කාරණයක්. මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක්. ඔහු මට කිව්වා එවැනිම කාර්යභාරයක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මම ඒක පිළිගත්තා.  


පස්සේ ඈත්වීමක් වුණත් කාලයක් ඔබ ළඟින්ම හිටියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක. දැන් ආපහු දෙන්න එකතු ද?  


මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ එක්කත් මට දේශපාලන ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඉඳලා සියලු මෙහෙයුම් කටයුතු බලන්නේ මා ඇතුළු පිරිස. ඒකෙදි අනෙක් පක්ෂ හා සංවිධාන එක්ක කරන ගනුදෙනු ඔක්කොම සිද්ධ වෙන්නේ මේ හරහා. එක්සත් ජාතික පක්ෂය විදිහට කරන වැඩකටයුතු කීපයකදීම මට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුණගැහුණා. ඔහුත් මේ වැඩ කටයුතු නිතර නිරීක්ෂණය කරනවා. සමාලෝචන සාකච්ඡාවල දී එහෙම අපිට එකට හමුවෙලා කතා කරන්න සිද්ධ වුණා. අපි අතර කිසිම පුද්ගලික අමනාපයක් නෑ. අපි අතර තිබුණේ මත ගැටුමක්. 2015 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තමයි අපි අතර මේ මත ගැටුම ඇති වුණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක මට පුද්ගලික අමනාපයක් තිබුණෙ නෑ. එතුමගේ නායකත්වය යටතේ මම පක්ෂයට සේවය කරල තියෙනවා.  
මහ ලේකම්වරයා විදියට මම ඔහුත් එක්ක සෑහෙන්න කාලයක් ළඟින්ම වැඩ කටයුතු කළා. අපි අතර තිබුණෙ දැඩි සමීපතාවයක්. යළිත් ඒ සම්බන්ධතාව ගොඩනැගිලා කියලා මට හිතෙනවා.  

 

මගේ ඒ නිහඬතාවය බිඳින්න සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාසගෙ ඉල්ලීම නිසා. ඔහු අපේක්ෂකයා වෙලා මට කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බැරි වුණා. මොකද මම දිගින් දිගටම ඉඳපු මතය තමයි සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෑ කියන එක.


නැවත ඔබ පක්ෂයට සම්බන්ධ කරගන්න රනිල් වික්‍රමසිංහගෙ ඕනෑකමත් තිබිල ද?  


මේ මොහොතේ සජිත් ප්‍රේමදාසගෙ ආරාධනයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා කීප වතාවක් මට කතා කළා නැවත පක්ෂයට එන්න කියලා. ඒ වගේම පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඒ ඉල්ලීම දෙතුන් වතාවක්ම මගෙන් කළා. පක්ෂයේ මහ ලේකම් විදියට අකිල විරාජ් කාරියවසම් පත් වුණාට පස්සෙ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුත් මේ ආරාධනාව කළා. හැබැයි ඒ අවස්ථාවල මම ඒ අාරාධනා පිළිගත්තෙ නෑ. මම හිතුවෙ ඒ මොහොතේ නිහඬව ඉඳීම සුදුසුයි කියලා.  


මගේ ඒ නිහඬතාවය බිඳින්න සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාසගෙ ඉල්ලීම නිසා. ඔහු අපේක්ෂකයා වෙලා මට කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න මට බැරි වුණා. මොකද මම දිගින් දිගටම ඉඳපු මතය තමයි සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෑ කියන එක.  


බැරිවෙලාවත් අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස වුණේ නැත්නම් තිස්ස අත්තනායක නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවද නැද්ද?  


බොහෝවිට නොවෙන්න ඉඩ තිබුණා. මම ඒක කෙළින්ම කියන්න ඕනැ. මම වරක් සජිත්ව පක්ෂයේ නියෝජ්‍ය නායකයා කරන්න ඕනැ කියන අදහස ඉදිරිපත් කරල පක්ෂයේ අර්බුදයකුත් හදා ගත්තා. එදා මට පක්ෂයේ සමහරු කිව්වෙ මම කුමන්ත්‍රණ කරනවා කියලා සජිත් එක්ක. එදා ඒ ගැටුම ඇති කර නොගත්තා නම් තත්ත්වය බොහෝ වෙනස් වෙන්න ඉඩ තිබුණා. නමුත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනැ කියලා කල්පනා කළේ 2015. ඒ අවස්ථාව ගිලිහිලා ගියා. දැන් නැවත ඒ අවස්ථාව අපිට ලැබිල තියෙනවා.  


ඔබේ නැවත පැමිණීම පිළිබඳව පක්ෂයේ අනිත් ප්‍රධානීන්ගේ කැමැත්ත අකැමැත්ත කොයි වගේද?  


සියලු දෙනා ඉතා සතුටුයි ඒ ගැන. විශේෂයෙන් බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මේ ගැන වඩාත්ම සතුටට පත් වෙලා ඉන්නේ. හැම දෙනාම මගේ පැමිණීම අගය කළා. මම විශ්වාස කරන්නේ. මම පක්ෂයේ ක්‍රියාකාරීව නොසිටි වසර හතර ඇතුළතත් මේ ගොඩක් අය මාත් එක්ක සම්බන්ධතා තියාගත්තා. පාක්ෂිකයො බහුතරය මාත් එක්ක හිතවත්ව හිටියේ දිගටම. ඒක තමයි මට ලැබුණු ලොකුම වරප්‍රසාදය.  


2015 ජනාධිපතිවරණයේ දී ඔබට කෙනහිලිකම් කළා කියලා ඔබම කියපු අයත් එක්ක නැවත එකට වැඩ කරන එක අවුලක් නැද්ද?  


ඔබ සඳහන් කළා වගේ එවැනි හැලහැප්පිලි ගැටුම්, හිත් රිදීම්, නොසලකා හැරීම් බොහොමයක් සිද්ධ වුණු අතීතයක් තිබුණා. ඒ සියල්ල සිද්ධ වුණේ පක්ෂය වෙනුවෙන් අපි දරපු මතයක් වෙනුවෙන් පෙනී ඉන්න ගිහින්. එහෙම නැතුව අපේ පුද්ගලික කාරණා ඒ සඳහා හේතු වුණේ නෑ. කතාවක් තියෙනවනේ දේශපාලනයේ සදාකාලික සතුරොත් නැත මිතුරොත් නැත කියලා. ඒක තමයි මටත් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි එකම අරමුණක් වෙනුවෙන් එකට හිටගෙන ඉන්නවා. 

 
සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුමේ ඔබේ භූමිකාව මොකක්ද?  


සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුමේ මෙහෙයුම් ප්‍රධානියෙක් හැටියට වැඩ කටයුතු කිරීම තමයි මගේ භූමිකාව. වොක්ෂෝල් වීදියේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඉඳන් ඒ කටයුතු සියල්ල කළමනාකරණය කරන්නේ මම. බොහෝ පිරිස් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ව සම්බන්ධීකරණය කරමින්, ප්‍රචාරක යාන්ත්‍රණය ගැන නිරීක්ෂණය කරමින් විශාල වගකීමක් මගේ අතින් කෙරෙනවා. මේක ටිකක් සංකීර්ණ වැඩ කටයුත්තක්. මම වැඩ කරපු අනෙක් මැතිවරණවලට වඩා ගොඩක් කාර්යබහුල මැතිවරණයක් මේක. මේ වැඩ නිසාම මම තීරණය කළා සජිත් ප්‍රේමදාසගෙ කිසිම රැස්වීමක් අමතන්න පිට පළාත්වලට යන්නේ නෑ කියලා. මොකද ඒ දෙකම කරන්න අමාරුයි.  


ඔබ මීට කලින් හදපු ඡන්ද පොළ නියෝජිතයෝ දොළොස් දාහ වැඩ ද දැන්?  


ඔව්, මම ඒ සංකල්පය ගෙනාවෙ 2015 මැතිවරණයට. අපි ගොඩක් මහන්සිවෙලා ඒ ජාලය හැදුවෙ. ඔවුන්ගේ ලොකු ගෞරවයක් මා කෙරේ තිබුණා. මම ඒ අය සංවිධානය කළේ‍ පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය දුර්වලවෙලා තියෙන මොහොතක. 2015 ජයග්‍රහණය සමහරු හිතුවෙ බන්දේසියක තියලා ලැබුණු දෙයක් හැටියට. ඒත් මගේ ඒ සංවිධාන ශක්තිය ඒ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා. ඒ මොහොතේ මම එයින් අයින් වුණත් ඒ සංවිධාන ජාලය මම කඩාකප්පල් වෙන්න දුන්නෙ නෑ. ඒත් පහුගිය වසර හතර තුළ ඔවුන්ට පක්ෂය සැලකුවේ නෑ. ඒ සියලු හිත් රිදීම් අමතක කරලා ඒ පිරිස අද අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා.  


ඔබ යළිත් පක්ෂයට එද්දී ඔබේ පැත්තෙන් හෝ පක්ෂය පැත්තෙන් කුමක් හෝ කොන්දේසි ඉදිරිපත් කළාද?  


කිසිම කොන්දේසියක් නෑ. සමහරු මගෙන් අහනවා ඔය ප්‍රශ්නෙ. මාධ්‍යවලින් මීට කලිනුත් අහපු දෙයක් ඕක. මම පැහැදිලිවම කියනවා දෙපැත්තෙන්ම කිසිම කොන්දේසියක් හෝ පොරොන්දුවක් ගැන කතා බහක් සිද්ධ වුණේ නෑ. මම සජිත් ප්‍රේමදාසට මේ මොහොතේ සහාය දෙන්නෙ කිසිදු ආකාරයේ වරප්‍රසාදයක් බලාගෙන නෙවෙයි. අපි අතරේ තියෙන අන්‍යොන්‍ය අවබෝධය මත කෙරෙන දෙයක් පමණයි මේක. නමුත් එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ පාලනයට මම කොයි විදියට ද හවුල් වෙන්නෙ කියලා ඒ වෙලාවට තීරණය කරන්න පුළුවන්. කොහොම වුණත් මම දැන් දිගටම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවා. එළඹෙන මහ මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන්නත් බලාපොරොත්තු වෙනවා.  


යූ.එන්.පී. එකේ මහලේකම්කම ගැන ආපහු අදහසක් තියෙනවද?  


මගේ එහෙම අදහසක් නෑ. ඒත් ජනතාව අතර එහෙම අදහසක් හුවමාරු වෙනවා. ඒත් මම කිසිවිටෙක වෙනත් කෙනෙකුගේ තනතුරක් බලෙන් හෝ ඉල්ලලා ලබාගන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ. මොකද පක්ෂයේ තනතුරු ගොඩක් දරපු කෙනෙක් මම. සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයෙන් පස්සේ අපි යායුතු ගමන හෙමින් සීරුවෙ තීරණය කරන්න පුළුවන්.  


පහුගිය කාලය පුරාම රාජපක්ෂ කඳවුර එක්ක ඔබ ගනුදෙනු කළා. ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න ආරාධනා ලැබුණෙ නැද්ද?  


එහෙම ආරාධනා ලැබුණා. ඔවුන් නිතර නිතර මට කතා කළා. මහින්ද රාජපක්ෂ පහුගිය කාලය තුළ මානුෂිකව මාත් එක්ක ගනුදෙනු කළා. මම හිරේ ඉන්නකොට පවා සුවදුක් බලන්න ආවා. එතුමා මට කතා කළා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් වගකීමක් අරන් කටයුතු කරන්න කියලා. ඒත් මට ඒකට ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. මම එතුමට කිව්වෙ ටිකක් නිහඬව බලාගෙන ඉඳලා සුදුසු වෙලාවට සුදුසු තීරණය ගන්නම් කියලා. එතුමා මට කියපු දෙයක් තමයි ඒගොල්ලො එක්ක දේශපාලනය කළත් නැතත් නිහඬ නොවී දේශපාලනයේ සක්‍රීය වෙන්න කියලා. ඔහුගේ ඒ උනන්දු කිරීමට ඔහුට මම ගරු කරනවා.  


සජිත් ප්‍රේමදාසට සහාය දෙන්න ආවට පස්සේ මහින්ද රාජපක්ෂ කතා කළේ නැද්ද?  


විශේෂ කතාබහක් වුණේ නෑ. මැතිවරණ කාර්යාලයේ දී එක සැරයක් මුණගැහුණා. ඒත් ඔහු කිසිදු අමනාපයක් පෙන්නුවේ නෑ. සුහදව කතාබහ කළා.  


සජිත් ප්‍රේමදාස මැතිවරණ වේදිකාවල කරන ඇතැම් ප්‍රකාශ සමාජයේ විවේචනයට ලක් වෙනවා. මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියෙක් විදියට ඔහුව ‘ගයිඩ්’ කරන්නෙ නැද්ද ඔබලා?  
සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ දෙවෙනි අදියරට දැන් අපි ඇවිත් ඉන්නේ. දැන් ඔහු කතා කරන්නේ ප්‍රතිපත්ති ගැන. මීට කලින් ඔහු කතා කළේ‍ දේශපාලනය ගැන. එතෙන්දී තමයි ඔය සමාජයේ කතාබහට ලක්වුණු ප්‍රකාශ කෙරුණේ. එහෙම තමයි දේශපාලනයේ දී. මැතිවරණයක් කියන්නේ හැම දෙනාටම අමතන්න ඕනැ දෙයක්. ඒකෙදී ඒ කරපු ඇතැම් ප්‍රකාශ විවේචනය වෙන්න ඇති.  

 

මම පැහැදිලිවම කියනවා දෙපැත්තෙන්ම කිසිම කොන්දේසියක් හෝ පොරොන්දුවක් ගැන කතා බහක් සිද්ධ වුණේ නෑ. මම සජිත් ප්‍රේමදාසට මේ මොහොතේ සහාය දෙන්නෙ කිසිදු ආකාරයේ වරප්‍රසාදයක් බලාගෙන නෙවෙයි. අපි අතරේ තියෙන අන්‍යොන්‍ය අවබෝධය මත කෙරෙන දෙයක් පමණයි මේක.


තිස්ස අත්තනායකගේ දේශපාලන අනාගතය කොයි වගේ වේවිද මේ මැතිවරණයත් එක්කම?  


මේ මැතිවරණයෙන් පස්සෙ එන මහ මැතිවරණයේ දී මම තරග කරන්න බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්‍ඩුවෙ කොටස්කාරයෙක් හැටියට වැඩ කරනවා. මට පැවරෙන ඕනෑම වගකීමක් ඉටු කරන්න මම කැප වෙනවා.  


බැරි වෙලාවත් සජිත් ප්‍රේමදාස මේ මැතිවරණයෙන් පරාද වුණොත් මොකද වෙන්නේ?  


මට ඉතින් වැටෙන්න තැනක් නෑනේ. මම කොහොමත් ඉන්නෙ බිම. මම කරන්නේ නැවත නැගිටින එක. මම වැටුණු හැම වෙලාවකම ආපහු නැගිට්ටා.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

සජිත් අපේක්ෂකයා නොවුණා නම් මම එජාපයට නොඑන්න ඉඩ තිබුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 972 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1026 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site