IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තියි‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්ච)

රණවිරුවන්ගේ ප්‍රශ්නයකදී වග කියන්නෙත් තමන් බවත් වග වෙන්නෙත් තමන් බවත් රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න  ලෑස්තිව සිටින බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (29)  දිවුලපිටියේදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවති ජන රැළියකදීය.

ප්‍රතිවාදියාට විවාදයකට අභියෝග කලාම අහල පහළ ඉන්න කුක්කෝ උත්තර දෙනවා. මට පොහොට්ටුවේ කුක්කන්ගේ උත්තර අවශ්‍ය නැහැ.  ප්‍රතිවාදියාට  තනිවම බැරිනම් කිහිලිකරු, හැරමිටි අරගෙන තවත් බයනම් ජනාධිපති අයියා ඇතුලු පවුල් අයත් එක්ක ඕනෑම තැනකට එන්න මම විවාදයකට තනිවම එන්න සූදානම් යැයිද සජිත් පේමදාස මහතා කීය.

රටේ ආරක්ෂාව වගේම නීතිය හා සාමයත් පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාරදෙන බවත් ජනාධිපති රණසිංහ මහතා ‘සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ප්‍රකාශ කළ අන්දමට  වසර දහයක් තිස්සේ රාජපක්ෂ පවුල  සතු කරගෙන තිබූ යුද ජයග්‍රහණය වසර දහයකට පස්සේ යුද්ධය දිනුවේ හමුදාපති නිසා බව තමන්ගේ ප්‍රතිවාදියා ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

 

 



අදහස් (3)

‘‘රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොන්ඩුවකට බෙල්ල තියන්න ලෑස්තියි‘‘

Raveendra Wednesday, 30 October 2019 02:03 AM

අපරාදේ කියන්න බැහැ... ගැලරියටන් මෙයාගේ කතාව මරේ මාරු.. නැගලා යනවා. නූගතුන්, මන්ද බුද්ධිකයින් අපේ රට පාලනය කිරීමට රටේ බලය ගැනීමටනේ පොරකන්නේ..

:       0       0

Gamarala Wednesday, 30 October 2019 02:11 AM

ටොක්කක් කෑවත් රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්ක කන්න කියලා තියනවනේ. වරදවා හිතන්න එපා.. කතා නොකරන දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් කෙනෙකුගේ මානසික මට්ටමේ තත්වය කුමක්ද යන්න සියලුම කාන්තාවන් දැනගන්නවා නොඅනුමානයි. කාන්තාවන් අපහසුතාවයට පත් නොකර රට ගැන වැදගත් දෙයක් කිව්වොත් තමයි නියම රාජ්‍යපාලකයා වෙන්නේ...

:       0       0

Senarath Wednesday, 30 October 2019 04:43 AM

යූ.එන්.පී මන්ත්‍රීවරු ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්, අලිමංකඩ යනවා කියලා යන්නේ පාමංකඩ, තොප්පිගල කියන්නේ කැලෑවක්" වැනි කතා කියල රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ දමන්න හැදුව කාලේ මෙයා කොහෙද හිටියේ? ඒ වගේම රණවිරුවෝ දහස් ගණනක් යාපනය කොටුවේ හිරවෙලා කොටි අතින් මැරුම් කන්න නියමිතව හිටපු කාලේ මොනවද මෙයා කළේ ? මැරුණු රත්වත්තේ මහත්තයා නොහිටින්න ඒ රණවිරුවෝ මැරුම් කනවා. මෙයාවත් මෙයාගේ වෙල් විදානේවත් එදා මොනවත් කළාද? වැටුප් ඉල්ලා කරපු උද්ඝෝෂණයට මෙයා කිසිම දෙයක් කළාද ? එයට කැබිනට් අනුමැතියත් ලැබිලා. මෙයාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන ඇමතිට කියලා ඒක කරන්න බැරිනම් මෙයා දෙන දහසක් පොරොන්දුත් පොරොන්දු විතරක්ම වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site