
(අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා)
මේ රට ගොඩනැගීමේ පළමු ප්‍රයත්නය මහජනයාගේ දේපළ හොරකම් නොකරන පාලනයක් ගොඩ නැගීම යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී පසුගියදා (06) පැවසීය.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනතාව ගතයුතු මඟ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.
අපේ රට හැදීමේ පළමු සාධකය මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එයාගෙ සීමාවේ මහජන දේපළ හොරකම් කරනවා. පළාත් සභා පාර්ලිමේන්තු දක්වා සියලු ආයතනවල සහ ජනාධිපති දක්වා තම බල සීමාව තුළ වංචාවේ දූෂණයේ යෙදෙනවා. ඒ නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වංචාවෙන් දූෂණයෙන් පිරුණු සංස්කෘතියක් බවට පත්ව තිබෙනවා.
මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා හැර වෙන කිසිම අපේක්ෂකයකුට වේදිකාවට නැඟලා කියන්න බැහැ ජනතා දේපළ හොරකම් කරන්නේ නැහැ කියලා. ඔය අපේක්ෂකයා එහෙම කියනකොටම බලන්න ජනතා දේපළ හොරාකාපු පරපුටු කණ්ඩායම් වේදිකාවේ ඉන්නවා. නමුත් ජාතික ජනබලවේග කිසිවෙකු තම ජීවිත කාලය තුළ ජනතා දේපළ හොරකම් කරලා නැහැ. එහෙම චෝදනා නෑ.
මේ පාලක පැලැන්තිය නඩත්තු කිරීම සඳහා අති දැවැන්ත ජනතා මුදලක් වැය කරනවා. ජනාධිපතිවරයා ගතහොත් රටපුරා මාලිගා විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා. විශාල මන්දිර කාර්ය මණ්ඩල දුරකතන විදුලිබිල් නඩත්තු සඳහා අති විශාල මුදලක් වැය කරනවා. නමුත් ජනාධිපතිවරයාට තියෙන්නෙ එක ආත්මයයි. භූතාත්ම හතක් නැහැනෙ. වසරකට එක රැයක් නිදාගත්ත ජනාධිපති මන්දිර මේ රටේ තිබෙනවා. එම නිසා රට පුරා තිබෙන ජනාධිපති මන්දිර එක්කෝ කෞතුකාගාර බවට පත් කරනවා. නැත්නම් සංචාරක කේන්ද්‍රස්ථාන බවට පත්කර ධනය උපයන මධ්‍යස්ථාන බවට පත්කරනවා.
ජනාධිපති නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. ජනාධිපති ඇමැති මණ්ඩලය නඩත්තුව සඳහා පමණක් නොව හිටපු ජනාධිපතිවරු නඩත්තුවටත් අතිවිශාල මුදලක් ජනතා බදු මුදල් වැය කරනවා. මේ කිසිදු හිටපු ජනාධිපතිවරයෙකු රජයේ නඩත්තු කළ යුතු නැහැ. ඒ සියලු දෙනාට ආදායම් මාර්ග තියෙනවා. එහෙම නැත්නම් ඒ අයට දරුවෝ ඥාතීන් සලකයි. ආදායම් මාර්ගයකුත් නැතිනම්, දරුවෝ සලකන්නෙත් නැතිනම් සමාජ ආරක්ෂක අරමුදලින් දීමනාවක් දීලා හිටපු ජනාධිපතිවරු බලාගන්න හැකිවනවා. අනෙකුත් විශ්‍රාම වැටුප් ඇතුළු සියල්ල කපා හරිනවා.
මෙරට හදන්න පටන් ගන්න නම් මුදුනින් පටන් ගත යුතුයි. අපිට ඒ මුදුණේ බලය දෙන්න. සහතික වශයෙන් ඒ මුදුනින් පටන් ගෙන මේ රට පිරිසුදු කරනවා. මේ රටේ සියලු වංචනිකයින්ට හොරුන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි. පසුගිය කාලයේ මේක කළේ නෑ. ඒකට හේතුව වංචනිකයෙක්ට තව වංචනිකයෙකුට දඬුවම් ලබාදීමට නොහැකි නිසයි. වංචාව කෙරෙහි ගත් ක්‍රියාමාර්ග දේශපාලන මැදිහත්වීමෙන් නතර කරා. වංචා කරන ලද මුදල් අරගෙන එහි පරීක්ෂණත් නතර කළා.
අපට එක් අවස්ථාවක් බලය ලබාදෙන්න මේ රටේ ජනතා දේපොළ වංචා කළ කෝටි ප්‍රකෝටිපතියන්ට අපි අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මේ කිසිවකුගෙන් පළිගැනීමේ අපේක්ෂාවක් අපිට නැහැ. අපට එවැනි අරමුණක් නැහැ. මහජන දේපළ හොරකම් කරලා තමන් අධික ලෙස ධනය උපයා ගෙන තියෙනව නම් මාස දෙකක් ඇතුළත ඒවා ආණ්ඩුවට භාරදිය යුතුයි කියලා අපි කල් ලබා දෙනවා. එසේ නොකළහොත් වංචනිකයන්ට දඬුවම් කර වංචා කළ දේපළ යළි පවරා ගැනීමට කටයුතු කරනවා. ඡන්දය කියන එක ජනතා දේපළ හොරා කන ලයිසන් එකක් බවට පත්කර තිබෙනවා. මේකෙන් මේ රට මුදාගත යුතු වෙනවා. අපි මේ සංස්කෘතිය වෙනස් කරනවා. මේ රටේ ඉදිරියටම යාමට නම් ජාතික සමගියක් ගොඩනැගිය යුතු වෙනවා. කවර වර්ගයක හෝ ජාතික ගැටුමක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීම අපගේ ප්‍රමුඛ වගකීමක් බවට පත් කර ගන්නවා. මේ රටේ පාලකයින් හැම කාලයටම විවිධ වර්ගයේ ජාතික ගැටුම් නිර්මාණය කර තිබෙනවා. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ජාතිවාදය නැහැ. ජනතාව එකට ඉන්නවා. එකට ජීවත් වෙනවා. එකට උත්සව සමරනවා. ඔවුන් අතර එහෙම අර්බුද නෑ. අලුත්ගමට ගහන්න ආවෙ දන්න කියන අය නෙවෙයි. පිට පළාත් අය කියලා ජනතාව කියනවා. දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නැහැ. ජාතිවාදය දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කරගෙන තිබෙනවා.
ජාතිවාදී ගිනි පුළිඟු ඇති කරන්නේ දේශපාලනඥයින්මයි. කිසිම දේශපාලන ව්‍යාපාරයක් ජාතිවාදයට තම දේශපාලන න්‍යාය පත්‍රය කොටසක් බවට පත් කර නොගත යුතුයි. එහෙම දේශපාලනයක් කරන්නේ ජාතික ජනබලවේගය පමණයි. මොනතරම් දුෂ්කරතා අත්වින්දත් අප ළඟ ජාතිවාදී න්‍යාය පත්‍ර නැහැ. තාවකාලික කෙටි බල උවමනාවක් වෙනුවෙන් කවර වර්ගයක හෝ ජාතිවාදී කණ්ඩායමක් හෝ ආර්ථික අන්තවාදී කොටස් කල්ලි සමග ජාතික ජනබලවේගය කිසි ලෙසකින් සම්බන්ධ කරගන්න නැහැ. අනෙක් හැම කෙනාම බල තණ්හාව වෙනුවෙන් විවිධ වර්ගයේ ජාතිවාදී සංවිධානවල පිටුපස යනවා.
සමහර අය එන්නෙම ජාතික ආරක්ෂාවේ පියා ලෙසයි. බලය ගත්තම ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා තව පිරිසක් කියනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් තියෙනවා. එකක් රටේ අභ්‍යන්තරික ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අනෙක බාහිර වශයෙන් රටකට එල්ලවිය හැකි ආරක්ෂාවේ තර්ජන. අපිට බාහිර වශයෙන් යුදමය තර්ජන නැතත් රටේ අභ්‍යන්තරික ජාතිවාදී ගැටුම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේක අපිට තර්ජනයක් වෙලා තියෙන්නේ. අද අපේ රටේ මුස්ලිම් සිංහල ගම්මාන වෙන්කෙරෙන ආරක්ෂිත බැරියර් දාලා. මේ දර්ගා නගරයට කිට්ටුවෙනුත් බැරියර් දාලා සිංහල මුස්ලිම් ගම්මාන වෙන් කරන මායිම් හදලා. මාවනැල්ලේ එහෙම ඒව තියනව අපි දැකලා තියෙනවා. යැයි හෙතෙම පැවසීය.
මෙම ජනහමුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර දකුණ මාරුවෙච්ච ජෙප්පන්ට ගැලපෙන ලකුණ මාලිමාව. හිතගෙන ඉන්නේ ජනතාවටත් ඒ අයට වගේ උතුර දකුණ මාරුවෙලා කියලා. සූ ගාලා විස්සක් විතර රැස්වීමට ආව නිසා පේනවා රටේ ඇත්ත තත්වය.
ඔබ පල් හොරුන් ට උදවු කරලා දැන් කයිවාරු ගහනවා.
2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසෙන රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමටනම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර ඔබගේ සහයෝගය අනුර කුමාර දිසානායක මහතා දිනවීමට ලබා දෙන්න
අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.
ඉතිහාසයේ පලවෙනි වතාවට දේශීය විශ්වවිද්යාලයක උපාධිදාරියෙක් ජනාධිපති ධුරයට පත්කර ගන්න අපිට අවස්තාවක ඇවිත් තියෙනවා.
ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමටනම් ඔබ කළ යුත්තේ නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි.
ජවිපෙ හොරුන්ට උදව් කලේ නැහැ. රට බේරගන්න කියලා උදව් ගත්ත උන් අන්තිමේදී හොරකම් කරන්න ගත්තා
මට මතකයි 2004 ග්‍රීසියේ ඔලිම්පික් උළෙල තිබුණා.ඒ වෙනුවෙන් ග්‍රීසියේ රජය විශාල මංමාවත් හැදුවා.විශාල ක්‍රීඩාංගන හැදුවා.ලෝකයෙන් එන ක්‍රීඩකයන්ට නවාතැන් දෙන්න විශාල මහල් නිවාස හැදුවා.ඒ වෙලාවේ ග්‍රීසියේ විපක්ෂ නායිකාව ජනතාව අමතලා කිව්වා "උඹලට කවදහරි කන්න වෙන්නෙ මේ කොන්ක්‍රීට්" කියලා...2008 වෙනකොට මොකද උනේ? ග්‍රීසිය ලෝකයේ බංකොලොත්ම රාජ්‍ය බවට පත් උනා.සංවර්ධනය කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තරක් හදන එක නෙවෙයි.සංවර්ධනය ජන ජීවිත එක්ක බද්ධ වෙන්න ඕන.ඔබ ගිහිල්ලා බැලුවොත් සූරියවැව ක්‍රීඩාංඟනය තියන පාර මංතීරු හයක එකක්.බේස්ලයින් එකටත් වඩා ලොකුයි.ඒ පාර අවට ජීවත්වන ජනතාවගෙ ජීවිත කොහෙද තියෙන්නේ? පාසල් ඇරිලා එන දරුවෝ දිවුල් වාරෙට පාර අයිනෙ දිවුල් විකුණනවා.දෙහි වාරෙට පාර අයිනේ දෙහි,දොඩං තියන් විකුණනවා.දැවැන්ත පාරක් තියනවා.මේ දැවැන්ත පාරයි මිනිස්සුන්ගේ ජීවිතයි අතර සම්බන්ධයක් නෑ.මිලියන ගණනක ජනතාවක් දුප්පත්කමේ ගිලිලා.මේ පාලකයෝ හැමදාම ඒ දුප්පත්කම විකුණනවා.අපි මේක වෙනස් කළ යුතු නැද්ද ? අනුර කුමාර දිසානායක, හරේන්ද්‍ර ජයලාල් මෙහෙයවන "රට කාටද"?
මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස්වන ප්‍රධාන හේතුව ඔහුට සයවන ඉන්ද්‍රියක් තිබීම. ඒ මනස. මේ මනසට දැනෙන දේ තියෙනවා. තමන් ජාන අධ්‍යාපනය හා සමාජයෙන් උගෙන සිතන දේ තියෙනවා. අපිට සමාජයෙන් හා අත්දැකීම්වලින් ඉගෙන ගත් දෙය අප අමතක කරන්න නරකයි. එවිට අපගේ තීරණ එම වැරදි නිවැරදි කිරීම සඳහා පෙළඹවීමක් කරන්නේ නැහැ. ඔබට මට ඉතා විශ්වාසයෙන් කිවහැකි එකම දෙය ගෝඨාභය මහතා හෝ සජිත් මහතාගේ පත්වීම තුළ මේ ක්‍රමවේදයෙහි කිසිඳු වෙනසක් සිදු නොවෙන බවයි. හොරකම තියේවි... නීතිය වල්වදිවී.., දේශපාලකයා මූලික ජීවන රටාව වඩා ශක්තිමත් වේවි... පරිසරය විනාශ වේවි... ජාතින් අතර අසමගිය ගොඩ නැගේවි... ආගම් බිඳේවි, මත් වෙළදුන් රජවෙවී, පාතාලය නඩත්තු වේවී, පවුල් රැකේවි, මාද්‍ය අවභාවිතා වේවි, තව බොහෝදේ සිදුවේවි... නමුත් අප විසින් පරීක්ෂා කළ යුතු සාධකයක් ලෙස අනුර කුමාර මට පෙනේ... ඔහුගේ දර්ශනයේ ගැටළුවක් නැත. ප්‍රයෝගික භාවිතය පරීක්ෂාවට ලක් වී ඇත. ඔහු වෙනුවෙන් දෙන ඡන්දය පවක් නොවේ යයි සිතේ...
මේ පාරවත් ඡන්දය දීලා බලමු ජවිපයට.
මහින්ද නඩේට එන්නම දෙන්න එපා. එයාගේ නඩේගේ මොලේ තියෙන්නේ, ජනතා මුදල් විනාශ කරමින්, ජනතාව බිය ගන්වමින්, රට සවාරි යන්න. පාරේ හිඟා කන මිනිහට තියෙනවා ඊට වැඩිය බුද්ධියක්... මහින්ද පැරදිලා ගෙදර ගිය හැටි අමතකද? මහින්දගේ පවුලට තිබුණු ගිණුම් කෝ? සිරිලිය කරලියට එන්න. ඔසරි මහනවා. ඇති, කවදාවත් මේ නඩේට එන්න ඉඩ තියන්න එපා. තිබුණු නිදහස නැතිවෙන එක වෙන්නේ... අයියලා, මල්ලිලා, පුත්තු, ඩේසි මේ සේරමගේ දේපල වලට නඩු.. ඒ සේරම.. නැවත නඩු ඉවත් කර භුක්ති විඳියි.. මහින්ද මල් වට්ටිය අතේ තියන්, ගාථා කියන්නේ නැහැ. මතුරන එක කරන්නේ, මැරුණු මිනිස්සු ඇඟ ඇතුලේ ඉන්නේ..., දේවදුතයන් නෙමෙයි... මුහුණ මහසෝනා වගේ ඉඩිඅමීන්..
ජවිපෙ සුරුට්ටු කඩයක් හරියට කරන්න. ඒ කරලා පේනවා දෙන්න කයිය විතරක් නෙවෙයි... අපි වැඩ දන්න වැඩ කාරයන් කියලා...