IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රජයේ යහපත් වැඩවලට සහාය දෙනවා. අකටයුතු වලට එරෙහි වෙනවා

(***ජේ.ඒ.එල්. ජයසිංහ)

රජය ක්‍රියාත්මක කරන යහපත් දේවල්වලට සහාය දෙන අතර අකටයුතු ක්‍රියාවලට දැඩි ලෙස එරෙහි වන බව විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමද‌ාස මහතා මහනුවරදී පෙරේද‌ා (31) පැවැසීය.

ජනතා ආශිර්වාදය ලබාගෙන රටේ ඊළඟ නායකත්වයට පත්වීම තම අරමුණ බව ද සජිත් ප්‍රේමද‌ාස මහතා සඳහන් කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා ඓතිහාසික මහනුවර පුරවරයට පෙරේද‌ා (31) පැමිණ දළද‌ා වහන්සේ වන්දනාමාන කිරීමෙන් පසු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන් ද වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමියන්ද දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නා හිමියන් සහ නාපාන පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමද‌ාස මහතා මෙසේ පැවැසීය.

 අපි විපක්ෂයක් ලෙස විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරගෙන යනවා. අපි වෙනම සමාජ සුබසාධන සංවර්ධන වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. රෝහලකට ලක්ෂ 37 ක රෝහල් උපකරණ ලබා දුන්නා. ඒවා ජීවිතාරක්ෂක උපකරණ. මේ සඳහා දේශීය විදේශීය ද‌ානපති ව්‍යාපාරික ප්‍රජාවක් සම්බන්ධ කරගත්තා.

 රටටත් ජනතාවටත් යහපත් වන කටයුතුවලට මම නිරන්තරයෙන් සහාය දෙනවා. රජය පාර්ශ්වයෙන් වැරදි දෙයක් සිද්ධවෙනවා නම් එයට එරෙහිව විපක්ෂය ලෙස අපි නැගී සිටිනවා.

 විපක්ෂනායක ලෙස මගේ කාර්යභාරයන් ආරම්භ කළා. මගේ අරමුණ සහ වගකීම විපක්ෂනායකයා හැටියට මේ රටේ ජනතාවට වගකීම හා වගවීමයි. ජනතා ආශිර්වාදය ලබාගෙන රටේ ඊළඟ නායකත්වය ලබා ගැනීම මගේ අරමුණයි. හැමද‌ාම කටයුතු කරන සාම්ප්‍රද‌ායික විපක්ෂයේ කාර්ය භාරයට වඩා වෙනස් වූ විශාල වූ කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම අපට තිබෙනවා.

 එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනාවක් අනුව තමයි සමගි ජන බලවේගය බිහිවුණේ. අපි සමග එකතුවන්න විවිධ පාර්ශ්ව කැමැති නම් අපේ ප්‍රතිපත්ති පිළිගන්න අයට අපේ පක්ෂය හා එකතු විය හැකියි.

 අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය, ත්‍රස්තවාදය පිටුදකින කාට වුණත් අපි සමග එකතු විය හැකියි.

 පාස්කු ප්‍රහාරයන්ට සම්බන්ධ වූ කාට වුවත් ඔවුනට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව නීති පියවර ගන්නත් රජය කටයුතු කළ යුතුයි.

එම්.සී.සී. ගිවිසුම ඉරා ද‌ාන තෙක් මමත් බලාගෙන සිටිනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමටයි. නමුත් මෙම ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු තිබේ නම් ඒවා ගැන අවධානය යොමුකළ යුතුයි.
 අද රටේ ජනතාවට බඩු මිල ජීවන බර උහුලාගන්න බැරි බව අපිත් දන්නවා. ඒත් රටේ ජනතාව මේ සියල්ල පසෙක ද‌ාලා තමයි මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ.

පුත්තලමේ සිදුවූ මහා පරිසර හානිය හමුවේ අපේ පක්ෂය නිහඬව සිටින්නේ නැහැ. අපේ පක්ෂයේ මන්ත්‍රීවරු පරිසර හානිය සිදුවූ ප්‍රදේශයට ගියා. මාධ්‍යවේදීන් වන ඔබලා ඒ ගැන දන්නේ නැද්ද?

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වත්මන් රජයේ ඇතැමුන් කරන යම් යම් වැරදි ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂනායක ලෙසත් සමගි ජන බලවේගයේ නායකයා ලෙසත් තමන් ඇතුළු සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් නැගී සිටිනවා.

විපක්ෂනායකවරයා හමුවේ අනුශාසනාවක් කරමින් දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමියෝ මෙසේ පැවැසූහ.
විපක්ෂනායක ලෙස රජයේ හොඳ දේවල්වලට සහාය දෙනවා වගේම රජයට හොඳ මග පෙන්වා දෙන්න රජය මොන හොඳ දේ කළත් ඒවට විරුද්ධ වන එක ඉස්සර නම් දකින්න තිබුණා.

 මේ රටේ මත්ද්‍රව්‍ය මර්දනයට තදබල නීති ගෙන ආ යුතුයි. සිංගප්පූරුව වගේ අපේ රටේත් මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි නීති ගෙන ආ යුතුයි. අපේ රටේ ආරක්ෂක අංශ ඉතා හොඳයි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුද‌ාව සමස්තයක් වශයෙන් ගත්කල හොඳ තත්ත්වයක තිබෙනවා. නමුත් සියයට එකක් දෙකක් ඉන්නවා නරක වැඩ කරන අය. අද බලපුවාම හැම ක්ෂේත්‍රයකම අඩුපාඩුකම් තිබෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළත් එහෙමයි.

මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජලනි ප්‍රේමද‌ාස මහත්මිය ද සහභාගි වූහ.



අදහස් (3)

රජයේ යහපත් වැඩවලට සහාය දෙනවා. අකටයුතු වලට එරෙහි වෙනවා

විජේ Wednesday, 02 September 2020 09:33 AM

සජ්ජා මේ වෙනකන් කිසිම දේකට සහයෝගයක් නම් දුන්නේ නෑ.. හැබැයි, ඔක්කොටෝම එලුවා වගේ බෑ ගෑවා මිසක්...

:       0       13

Bamunuarachchi Wednesday, 02 September 2020 11:26 AM

එහෙනම් 20වැනි සංශෝධනයට අත් දෙකම උස්සලා කැමැත්ත දෙන්න.

:       0       18

liyanage Wednesday, 02 September 2020 11:35 PM

සජිත් ඔබ සහ ඔබගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වගොස් වෙනත් බලවේගයක් පිහිටුවා ඇත. ඔබ එහි නායකත්වයට පත් කොට ඇත. මැතිවරණයට පෙර ඔබ ඇතුළු ඔබගේ කණඩායමේ සාමාජිකයන් කියා සිටියේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ සජිත් සහ ඔහුගේ බලවේගය සමග බවය. නමුත් මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය කෙසේද කියා ඔබ කණ්ඩායමට මේ වන විට පැහැදිලිව තේරුම් ගොස් ඇති බව අප සිතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site