IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රජය කරගෙන යන්නේ ඉහළ මට්ටමේ කීප දෙනෙක්

හිටපු ජනපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
මෛත්‍රීපාල සිරිසේන

 

 

  • දෙනව කියපු තනතුරු එකක් වත් අපට නෑ
  • අපි සන්ධානයක් හදනවා  පොහොට්ටුවෙන් අපිට එකතුවන අය ඉන්නවා 
  • පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාද අපේ මන්ත්‍රීවරුන්ට නෑ
  • දැනට තියෙන අවුල් සහගත තත්ත්වය ගැන අපට වගකීමක් ගන්න බෑ 
  • චුට්ටො-බට්ටො පැට්ටො  කීවට අපි කලබල වෙන්නෙ නෑ
  • විරැකියාව පොහොර, ගෑස්, අර්බුද ඔක්කොම ආණ්ඩුව හදාගත් ඒවනේ
  • ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංවිධානය හඳලා වසර තුනයි.අද වෙනකම් එක රැස්වීමක්වත් තියලා නෑ

 

සාකච්ඡා සටහන 
අජන්ත කුමාර අගලකඩ   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් අතර දේශපාලන විරසකය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලය පුරාම ආණ්ඩුවටත් පොහොට්ටුවටත් දිගින් දිගටම විවේචන එල්ල කළා .ශ්‍රී ලනිපයට පොහොට්ටුව සහ ආණ්ඩුව එක්ක තියෙන මේ ආරවුල මොකක් ද?   

පිළිතුර - පොහොට්ටුව කියන්නේ පොදුජන පෙරමුණනෙ. පොහොට්ටුවේ නායකයන් පහුගිය

ජනාධිපතිවරණයට කලින් අපි හම්බවෙලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා, එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන සන්ධානය හැදුවේ. ඒක මැතිවරණ කොමසාරිස් ළඟ ලියාපදිංචිකරපු සන්ධානයක්. ඒ සන්ධානයේ සභාපතිවරයා මම. සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයා. මේක හැදුවේ දැන් අවුරුදු තුනකට විතර කලින්. හැබැයි අද වෙනකං එක රැස්වීමක්වත් තියලා නෑ. ඒ සන්ධානයට ආණ්ඩුවේ ඉන්න පක්ෂ 13 ම අයිතියි. සන්ධානය රැස්කරලා මාසෙකට සැරයක් නැත්තං, අඩුම තරමින් මාස තුනකට සැරයක්වත්, ආණ්ඩුව කරපු වැඩ ගැන, ඉදිරි සැලසුම් ගැන, තියන ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා යම් තීන්දු තීරණ වලට එන්න ඕනනේ. හැබැයි අද වෙනකම් මේ අවුරුදු තුනටම ඒ සන්ධානය රැස්වුණේම නැහැ   

ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ   තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ ආණ්ඩුව කරන වැඩවල තියෙන හරි හෝ වැරදි සම්බන්ධයෙන් අපේ මතය කියන්න හරි සාකච්ඡා කරන්න හරි එහෙම කිසිම අවස්ථාවක් නෑ. ඒක ප්‍රධානම කාරණයක්   


අනෙක් කාරණේ තමයි අපි අත්සන් කරපු ගිවිසුමේ මූලික එකඟතාවන් තියෙනවා. ඒ එකඟතාවන් කිසිම දෙයක් පහුගිය කාලය තුළ කරලා නෑ. 2019 නොවැම්බර් 16 ඡන්දෙ තිබුණේ. 18 ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ. එදා ඉඳලා අද වෙනකම් සන්ධානය තුළ ඇති කරගත් එකඟතා කිසිම දෙයක් ශ්‍රීලනිපයට ඉෂ්ට කරල නෑ. ඒ කරුණු දෙක ඉතාමත් ප්‍රධානයි.   


අනිත් එක අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, අපේ පාක්ෂිකයන්ට ආණ්ඩුවක කොටස්කාරයො විදිහට ඒ අවශ්‍ය සමබර සහයෝගයක් දෙන්නේ නෑ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දෙන වරප්‍රසාද අපේ මන්ත්‍රීවරුන්ට නෑ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න සල්ලි දෙන්නෙ නෑ. ප්‍රාදේශීය සභාවල පොට්ටුවේ සභාපතිවරුන් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කියන කිසිම දෙයක් කරන්නේ නැහැ. අඩුම තරමින් පාරකට ඒගොල්ලොන්ට අවශ්‍ය තැනකට බල්බයක් දාලා දෙන්න කිව්වොත් ඒකවත් කරන්නේ නෑ. හැබැයි සභාවල අපේ ඡන්ද ගන්නවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙ ඉඳලා අපේ පාක්ෂිකයාට ඒ ගොල්ලන්ගෙ ආණ්ඩුවක් තියෙනවා කියලා දැනෙන්න ඒ වරප්‍රසාදය දීලා නෑ. මේවා පෞද්ගලික දේවල් නෙවෙයි. පොදු දේවල්.   
මේ ආණ්ඩුවේ ඉන්න අපේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පෞද්ගලිකව අපිත් මේ අවුරුදු දෙකේම බැණුම් අහන එක තමයි වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ගේ සුහදතාවක් මුල ඉඳලම අපට පෙන්නුම් කළේ නැහැ. මේ තත්ත්වය තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි .මහජන පක්ෂය පක්ෂය, සමසමාජ පක්ෂය, ඇතුළු අනෙකුත් පක්ෂවලටත් මේ සැලකිල්ල තමයි තියෙන්නේ. ආණ්ඩුවේ කොටස්කාරයන් විදියට ඒ කාටවත් සමබර සහයෝගිතාවක් සහ රටේ පොදු සංවර්ධනය සම්බන්ධයෙන් සහයෝගයක් දෙන්නේ නැහැ.  


අද රටේ ඇතිවෙලා තියෙන අර්බුද ගත්තොත් විශේෂයෙන් ආර්ථික අර්බුදය දුගීභාවය, විරැකියාව, පොහොර ප්‍රශ්නය කෘෂිකාර්මික අර්බුදය, සෞඛ්‍ය ප්‍රශ්න ගෑස් අර්බුදය ආදිය ගත්තත් මේ අර්බුද මම දකින්නේ ආණ්ඩුව විසින්ම හදාගත්ත අර්බුද විදිහටයි. මේවා ජනතාව හදපු අර්බුද නෙමෙයි. වැරදි විදිහට කළමනාකරණය කරන්න ගිහිල්ලා හදාගත්ත ප්‍රශ්න. ප්‍රශ්න මේ විදියට උග්‍රවෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඉහළම මට්ටමේ කීපදෙනෙකු විතරක් රජය ගෙන යාම නිසාය.   


අනෙක අමාත්‍ය මණ්ඩලයේ සෑහෙන පිරිසක් ඉන්නවා ඔය මම දරන මතයම දරන අය. දේශපාලන පක්ෂ කීපයක්ම නියෝජනය කරන අය කැබිනට් මණ්ඩලය නියෝජනය වෙනවා. ඒ ඇමැතිවරුන්ගේ ඉඳලම මේ තත්ත්වය පිළිබඳව දැඩි කලකිරීමක් තියෙනවා. මේ කටයුතු සම්බන්ධයෙන් වගේම දැනට තියෙන අවුල් සහගත තත්ත්වය පිළිබඳව අපට කොහෙත්ම වගකීමක් ගන්න බැහැ. මොක ද රජයේ කටයුතු කිසි දෙයකට අපිව සම්බන්ධ කරගෙන නෑ.   


 ඔය ප්‍රධාන කරුණු කීපයයි මම කිව්වේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොහොට්ටුවෙන් සාධාරණයක් වෙන්නේ නැහැ. පොහොට්ටුවේ ඇමතිවරයෙක් ගාවට ගියාම ආ ඔයා ශ්‍රී ලංකා කාරයා නේද කියලා එලව ගන්නවා. රස්සාවක් ගන්න ගියත් තමන්ගෙ වෙනත් අවශ්‍යතාවක් ඉටුකරගන්න ගියත් ඒගොල්ලො එළවන ඇමැතිවරු කිහිපදෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒ විදියෙ තත්ත්වයක් තුළ තමයි අපට රට පිළිබඳව ඇත්ත කතා කරන්න සිද්ධ වුණේ. ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය, දේශපාලන අර්බුදය මේ සියල්ල ගත්තහම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ ප්‍රශ්න ගැන අපට කතා නොකර ඉන්න විදියක් නැහැ. මොක ද අපි සන්ධානගත වෙලා තියෙන ගිවිසුමේ කිසිම තැනක එක් එක් පක්ෂයට තම තමන්ගෙ දේශපාලන පක්ෂයේ මතය නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කරලා නෑ. 

 
ඒ නිසා මේ තත්ත්වය හරිම කනගාටුදායකයි. රට වැටිල තියෙන තැනින් ගොඩගැනීමේ කාරණයේ දී අපට වගකීමක් ගන්න බැරි මේ අවුරුදු දෙකේ දීම පැහැදිලි ලෙසම ඒ අවශ්‍යතාව සහ සුහදතාව පොහොට්ටුවෙන් ලැබුණේ නැති නිසය.   


ප්‍රශ්නය - පොහොට්ටුවත් එක්ක ඇති කරගත් ගිවිසුම ආණ්ඩුව පිහිටුවලා සතියක් ඇතුළත කැඩුවා කියලා ඔබ කියලා තිබුණා. මොනවද මේ එකඟතා.   


පිළිතුර- පළවෙනි කාරණය ගත්තහම ඇමති මණ්ඩලය පත් කිරීමේ දී අපි කා එක්කවත් සාකච්ඡා කළේ නැහැ. පොදුජන පෙරමුණේ නායකයන් අපට දෙන ඇමතිකම් මොනවද? කියලා කිව්වහම පක්ෂය තමයි තීරණය කළ යුත්තේ අමාත්‍ය ධුරය අපේ පක්ෂයේ කාටද දෙන්නේ කියලා. ඇමතිධුරයක් හෝ වෙනත් තනතුරත් බාර ගන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි මම මුල ඉඳලම හිටියේ. ඒක නිසා මට ඒක පෞද්ගලිකව ප්‍රශ්නයක් නෙමේ. හැබැයි අපේ පක්ෂයේ මන්ත්‍රීවරු දාහතරක් ඉන්නවා. අපට කැබිනට් ඇමැතිධුර දෙකක් හම්බ වුණා. අමරවීර ඇමැතිතුමාගේ පරිසර අමාත්‍යංශය ගත්තම ඒකට ආයතන දෙකක් විතරයි තියෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරියයි භූවිද්‍යා පතල් කාර්යාංශයයි විතරයි. පරිසර අමාත්‍යාංශයට ඇත්තටම අයිති විය යුතු ආයතන රාශියක් තියෙනවා. මම පරිසර ඇමති වෙලා හිටපු කාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණය, විශේෂයෙන්ම පරිසරයට බලපාන ආයතන රාශියක් එකට එකතු වෙලා තිබුණා.   
 නිමල් සිරිපාල ඇමතිතුමාගේ අමාත්‍යංශය ගත්තත් එහෙමයි. එතුමාට කම්කරු අමාත්‍යාංශය දීලා තියෙනවා.නිමල් සිරිපාල ඇමැතිතුමත් හොඳට වැඩ කරන්න පුළුවන් ඇමැතිවරයෙක්. පක්ෂයේ මහ ලේකම් ගත්තොත් දයාසිරි ජයසේකර ඇමැතිතුමා හිටපු කැබිනට් ඇමතිවරයෙක්, හිටපු මහ ඇමැතිවරයෙක්. එතුමට නොදී බැරිකමට දෙයක් දීලා තියෙනවා. චිත්ත, හැට්ට, බතික් ඇමතිකම දීලා තියෙනවා. ඇමැති මණ්ඩලේ තෝරාගැනීමේදී අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුවුණා .අඩුම තරමින් අපි එක්ක එක වචනයක්වත් කතා කළේ නැහැ   


 අපි අත්සන් කරපු ගිවිසුමේ තියෙනවා ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව රටේ දේශපාලන පත්වීම් දෙනකොට අපට තුනෙන් එකක් ඕනෑ කියලා. ඒක අපේ ගිවිසුමේ තියෙනවා. තුනෙන් එකක් තියා අපට නවයෙන් එකක්වත් හම්බවෙලා නෑ.   


උදාහරණයක් විදිහට ගත්තොත් ආණ්ඩුකාරවරු නව දෙනෙක් ඉන්නව. පළාත් නවයක් තියෙනවා. තුනෙන් එකක් දෙනව කිව්වට අඩුම තරමින් අපට නවයෙන් එක්ක වත් දෙන්න එපෑයි. හැබැයි නවයෙන් එකක්වත් නෑ .ඒ විතරක් නෙවෙයි බොහෝවෙලවට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩුකාරවරුන් ගාවට ගියහම වැඩක් කරගන්න බෑ. ශ්‍රී ලංකා කාරයෝ කියලා එයාලට සලකන්නේ නැහැ. ඉන්න ආණ්ඩුකාරවරු මාත් එක්ක පෞද්ගලිකව හිතවත්කම තියෙනවා. ඒක වෙනම දෙයක්. මායි ඒ අයයි අතර පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. ඒත් සලකන්නේ එක කොටසකට විතරයි. ඒක තමයි පළවෙනි සතියේම ගිවිසුම කැඩුවා කියලා කියන්නේ, ඒ විදියට ගත්තහම අපට සිද්ධී ගණනාවක් කියන්න පුළුවන්.   


ප්‍රශ්නය - ඔබ ළඟදී කියලා තිබුණා පොහොට්ටුවේ කට්ටිය හදන්නේ ශ්‍රී ලංකා කාරයන්ගේ කටවල් වහලා යතුර පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයෙ තියාගන්න කියලා. කාට ද මේ චෝදනාව කළේ.   


 පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම කාර්යක්ෂමව, වේගයෙන් ප්‍රතිසංවිධානය කරගෙන යන වෙලාවක් මේක. අපි මේක පටන් ගත්තේ 2020. නමුත් කොරෝනා නිසා රට පුරා යන එක මග නතර වුණා. කොරෝනා තත්ත්වය පාලනය වීමෙන් පස්සේ ගිය අවුරුද්දේ අවසානයේ අපි නැවත ඒක පටන් ගත්තා. ඒ සමගම දිස්ත්‍රික්ක පුරා යමින්, පක්ෂය ශක්තිමත් කරන ඒ වැඩපිළිවෙළ අපි කරගෙන යනවා. අපි තනි පක්ෂයක් විදිහට ශක්තිමත්ව වැඩ කරනවා. පක්ෂය ශක්තිමත් කරන්න අපිට අයිතියක් තියෙනවා. ජනතාව අතරට ගියාම අපි රටේ තත්ත්වය ගැන කතා කරනවා. ඇත්ත තත්වය ජනතාව ඉදිරියේ කතා කරන්න ඕන.   
 මොකද අද මිනිස්සු අපෙන් අහන්නෙ ඇයි උඹලා ආණ්ඩුවෙ ඉන්නේ කියලා. ඒක තමයි අහන ප්‍රශ්නය. එහෙම අහන්නේ විශේෂයෙන්ම පාක්ෂිකයා ප්‍රමුඛව අපේ පක්ෂයේ පැත්තෙන් ජනතාවට වන සේවාවන් කරන්න අවස්ථාවක් අපට නොලැබෙන නිසා. මේ තත්ත්වය ගත්තහම, මූලික වශයෙන්ම ඒ විශ්වාසය කඩකිරීම, ගිවිසුම් කඩකිරීම ඉතාම ප්‍රබල විදියට සිද්ධ වෙලා තියෙනවා.   


 අපි රට වටේ යන්න පටන් ගත්තනේ. අපේ පක්ෂය ශක්තිමත් කරන වැඩ පිළිවෙල සාර්ථකයි. අපි හිතුවට වඩා ජනතාවගෙ ඉහළම ප්‍රතිචාරයක් තියෙනවා. ඒ ගියාම අපි වංචාව දූෂණය ගැන කතා කරනවා. ආණ්ඩුවේ හරි වැරදි කතා කරනවා. දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදය, විරැකියාව මේ හැම දෙයක් ගැනම අපි කතා කරනවා. සාමාන්‍ය ජනතාවට ජීවන වියදම උහුලන්න බෑ. කෘෂිකර්මයේ තියෙන්නෙ බරපතළ අර්බුදයක්. ගොවියා විශාල අගාධයකට වැටිල තියෙන්නෙ. තව මාස කීපයක් යනකොට ඒක පාරිභෝගිකයාට ඉතා දැඩි ලෙස බලපානවා. දැන් කියනවා රටින් හාල් ගෙනල්ල කන්න දෙනවා කියලා. රටෙන් හාල් ගෙනල්ල කන්න දෙනවා කියන එක ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි. රටින් ගේන්නෙ නැතුව රටට බත සපයන්න මේ රටේ ගොවියට පුළුවන්කම තියෙනවා. ඔය වැනි කාරණා අපි කතා කරනකොට පොහොට්ටුවේ මහත්තුරු අපිට ඉතින් ගහන්න පටන් ගත්තා. පුංචි මහත්වරුත් ගහනවා. ඇමැති මට්ටමේ ලොකු මහත්වරුත් ගහනවා. ඒ අතරට කියනවා ඉන්න බැරි නම් පලයල්ලා කියලා. ඒක තමයි මං පහුගිය දවසක කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරපිංචා විදිහට තමයි මේගොල්ලෝ සලකන්නෙ. හොද්දට දාලා කරපිංචා වල රසය අරගෙන රොඩු ටික විසි කරන එකනේ කරන්නේ. කරපිංචා වෙන්න අපිට පුළුවන් කමක් නෑ.   


 දැන් අපි රට වටේ යනකොට ආණ්ඩුවේ සමහර අය කෝපවෙලා තියෙනවා ආණ්ඩුවේ අය වගේම සමහර විපක්ෂයේ අයත් කෝප වෙලා තියෙනවා. ඒගොල්ලොත් අපිට ගහනවා. අපි ඒකට කලබල වෙන්නේ නෑ. ඔය කවුරුත් මේකට කෝප වෙන්න ඕනේ නැහැ. මොකද අපි පක්ෂය සංවිධානය කරන එකයි කරන්නේ.   


ප්‍රශ්නය - රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. හැබැයි දැන් වැරදි ටික විතරක් ආණ්ඩුවට දාලා ආණ්ඩුවට ගහන එක සදාචාරාත්මක ද?   


පිළිතුර - ඉතිං ආණ්ඩුව කරන වැරදි අපට බාර ගන්න බෑනෙ. ආණ්ඩුවේ තීන්දු තීරණ වල දී අපි හිටියේ නෑනේ. අපිට ගහන අය විශේෂයෙන් දැන ගන්න ඕන අපි ආණ්ඩුවෙ ඉන්නව තමයි. ආණ්ඩුවේ හිටියට පක්ෂයක් විදිහට ඔය පහුගිය අවුරුදු දෙකේ ආණ්ඩුව ගත්ත තීන්දු තීරණවල දී කිසිම තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනයක් තිබුණෙත් නැහැ.   


ඒ විතරක් නෙමෙයි ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය ඇති වුණාම, ගුරු වැටුප් විරෝධතා ඇති වුණාම කෘෂිකර්ම අර්බුදය ඇති වුණාම අපි මේවා ලිඛිතවත්, පාර්ලිමේන්තු කණ්ඩායම විදිහටත්, නායකයෝ විදිහටත් අපි රජයේ වගකිවයුතු අයට බොහොම පැහැදිලිව කතා කරල කිව්වා. මේ විදියට ගියාම රට අමාරුවෙ වැටෙනවා කියලා කිව්වා. අපි කියන කිසි දෙයක් රජය පිළිගෙන නැහැ. අපි ආණ්ඩුවේ ඉන්නේ අපි හදපු ආණ්ඩුව කියලා ඉතින් කියන්න පුළුවන්. අපි හදපු ආණ්ඩුව කියලා දැන් මේ කරන දේවල් දිහා බැලු‍වහම රට සම්පූර්ණයෙන් වෙනත් තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ. ආණ්ඩුව හැදුවේ බොහෝ බලාපොරොත්තු ඇතිව. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂ පවුලේ අනිත් අයට වඩා වෙනස් විදියට රාජ්‍ය පාලනය කරයි කියන අදහස ඇතුව තමයි අපි මේ ආණ්ඩුවට එකතු වුණේ. නමුත් ආණ්ඩුව කරන්නෙත් තුන්හතර දෙනෙක් කියලා මුළු රටම දන්නවා.   


ප්‍රශ්නය - ඔබ පහුගිය දවසක රැස්වීමකත් කියල තිබුණා ජනාධිපතිවරණයට කලින් ආණ්ඩුවේ වන් ටූ ත්‍රී තුන්දෙනාම වෙන වෙනම ඇවිල්ලා ඔබතුමා හම්බවුණා කියලා. කවුද මේ කියන වන් ටූ ත්‍රී?  


පිළිතුර- මම නම් කියන්න ඕන නෑ. ඒක කවුරුත් දන්නවා. වන් ටූ ත්‍රී කිව්වම රටම දන්නවා. ඒක ඉස්කෝලේ යන ළමයින්ගෙන් ඇහුවත් දන්නවා   


ප්‍රශ්නය - ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ දැඩිව විවේචනය කරමින් ඔබ කිව්වා සුද්දගේ කාලේවත් කෘෂිකර්මාන්තයට මෙච්චර විනාශයක් වුණේ නෑ කියලා. ඔබ දැන් මෙහෙම කිව්වත් කාබනික පොහොර වැඬේ ඔබත් පටන් ගන්න ගියා නේද?   


 පිළිතුර - හරිත කෘෂිකර්මාන්තය මේ රටේ කළ යුතුයි කියන පැහැදිලි ප්‍රතිපත්තියේ මම අදත් ඉන්නවා. හරිත කෘෂි කර්මාන්තයෙන් මිදෙන්න අද ලෝකෙ කාටවත් බැහැ .මම අවුරුදු 17ක් කඩින් කඩ මහවැලි ඇමති. එක දිගට නෙමෙයි. අවුරුදු 17 ම. මහවැලි කලාපවල ආදර්ශ විදියට කාබනික පොහොර හැදුවා. අවුරුදු හයක් කෘෂිකර්ම ඇමති. ඉස්සෙල්ලම කාබනික පොහොර අධිකාරියක් හැදුවේ මමයි. ඒ 2007 දී පළවෙනි අවුරුද්දෙ සල්ලි ටිකක් දුන්න. දෙවෙනි අවුරුද්දේ සල්ලි ටිකක් දුන්නා. ඒක කරගෙන යද්දී සත පහක්වත් දෙන්නැතුව නතර කලා . මම ජනාධිපති වෙලත් කාබනික පොහොර කළා.   


කාබනික පොහොර වැඩපිළිවෙල ප්‍රතිපත්තියක් විදිහට ඉතාම හොඳ දෙයක්. නමුත් රට අනිත් පැත්ත පෙරළන්න වගේ දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. මේක ලෝකෙ කිසිම රටක් කරල නෑ. භූගෝලීය වශයෙන් ගත්තහම කාබනික වගාව වැඩියෙන්ම කරන්නේ ඔස්ට්‍රේලියාවේ. එහෙත් සියයට පනහක් විතර තමයි කාබනික පෝර වැඩපිළිවෙළ කරන්නේ. බටහිර රටවල්වල කාබනික වගාව තියනවා. ඒවත් පොඩි පොඩි ප්‍රමාණයෙන් තියෙන්නෙ.   


මුළු රටේම කාබනික වගාව කරන්න අවශ්‍ය අමු ද්‍රව්‍ය ඇත්තේ නැහැ. රටපුරා කාබනික වගාව කරන්න වැව්වලයි කැලෑවලයි තියෙන ගස්කොළන් කපල ගත්තත් එක කන්නයක් දෙකක් කරන්න පුළුවන් වෙයි. ඊට පස්සේ කොහෙන් ද ඒවා හොයන්නෙ. කාබනික පෝර පිටරටින් ගෙනල්ලා කරලා වැඩක් නෑ .ඒක හරි විහිළු කතාවක්. කාබනික පෝර කරන්න ඕන රටේ කාබනික පොහොරවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය අරගෙන. පිටරටකින් කාබනික ගෙනල්ලා තව රටක කරන එක කාබනික පෝර ප්‍රතිපත්තියට විරුද්ධයි. කාබනික පොහොර මූලධර්මයටත් විරුද්ධයි. හරිත කෘෂිකර්මයේ දී තමාගේ රටේ කාබනික පොහොරවලට සුදුසු දේවල් අරගෙන ඒක කළ හැකි යම් ප්‍රමාණයක් කිරීමයි ප්‍රශ්න වෙන්නේ. නැතිව පිටරටින් කාබනික පෝර ගෙනල්ලා කරන එක කාබනික නෙමේ. එහෙම නම් ඉතින් කාබනික පෝර රසායනික පෝර දෙකම පිටරටින් ගේන්න එපැයි. මේ දෙකටම සල්ලි යනව නේ. දෙකටම ඩොලර් ඕනේ.   


 ඉතින් අද ආණ්ඩුව අමාරුවෙ වැටුණාම කාබනික පෝර පිටරටින් ගේන්න පටන් ගත්තා. කාබනික පොහොර ප්‍රතිපත්ති ඉතා හොඳ දෙයක්. නමුත් මේක සීයට සීයක් එකවර කරන්න යාමයි අර්බුදයට හේතුව වුණේ. අනෙක මේ ගැන ගොවීන් පුහුණු කරන්න ඕන. සැලැස්මක් නැතුව ගිය වැඩක්. ගොවීන් දැනුවත් කරන්නේ නැතුව මේක කරන්න කියලා කිව්වට කරන්න බෑ. 

 
ප්‍රශ්නය - මේ යන විදියට ආහාර අහේනියක් ඉදිරියේ දී ඇතිවෙන්න පුළුවන් කියලා සමහර අය කියනවා. ගොවි ජනතාව ඉන්න ප්‍රදේශයක් නියෝජනය කරන මහජන නියෝජිතයෙක් විදිහට ඔබ එය දකින්නෙ කොහොමද?   


 පිළිතුර - මේ යන විදිහට ඉදිරියට එහෙම එකක් එන්න බැරි නෑ. ආණ්ඩුව කියනවා ඉදිරියේදී පිටරටින් හාල් ගේනවා කියලා. එහෙම ගේනවා කියලා කොච්චරක් නම් ගේන්නද. මහ කන්නෙ අස්වැන්න නෙළන්න පටන් අරගෙන තියෙනවා. අස්වනු කොහොමද කියලා දැන් පේනවා. නැගෙනහිර පළාතේ අස්වැන්න ගොඩක් කපලා. අස්වැන්න හොඳටම පහතට වැටිලා. මේ කන්නේ වී නිෂ්පාදනය සියයට පනහකට වඩා පහතට වැටෙනවා. කුඹුරුවලට ගියොත් තියෙන තත්ත්වය පේනවනේ. පොහොර නැතුව එලවලු‍වලට මොකද වෙලා තියෙන්නෙ කියල පේනවනේ .පෝර නැතුව වගාවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා.   


ප්‍රශ්නය -  ආණ්ඩුවේ අර්බුද එළියට ගිහින් කියන්නේ ඕව ආණ්ඩුව තුළ සාකච්ඡා කරලා විසඳ ගන්න බැලු‍වේ නැද්ද ?   


 පිළිතුර- ආණ්ඩුව අභ්‍යන්තරයේ අපි ඕන තරම් කතා කරලා තියෙනවා. පක්ෂයක් විදිහට, මන්ත්‍රී කණ්ඩායමක් විදියට ,පක්ෂ නායකයො විදිහට කතා කරලා කිව්වා.  ලියුම් ලිව්වා. ඒ එකකින්වත් ප්‍රතිඵලයක් නෑ.   


ප්‍රශ්නය - මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව කොච්චර කාලයක් ආණ්ඩුවේ ඉන්නව ද?   


 පිළිතුර - එහෙම කියන්න පුළුවන් කමක් නෑ. මට පේන බලන්න බෑ. අපි අපේ මතය පක්ෂයක් විදිහට රටට කියනවා. ආර්ථික අර්බුදය, රටේ ප්‍රශ්න, පොහොර ප්‍රශ්නය, මේ කියන දේවල් ගැන අපි විවෘතව කතා කරනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතා කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කිරීමේ වැඩපිළිවෙළත් යනවා.   


ප්‍රශ්නය - පොහොට්ටුවේ අය කියන්නෙ ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කර කර ඉන්නේ නැතුව ශ්‍රී ලංකා එකට එළියට බැහැලා යන්න කියලයි. 

 
පිළිතුර - චුට්ටො, බට්ටො, පැට්ටෝනේ එහෙම කියන්නේ. එහෙම චුට්ටො, බට්ටෝ, පැට්ටෝ කිව්වට අපි කලබල වෙන්නේ නෑ. ආණ්ඩුවෙන් යනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව. එහෙම ගියා කියලා ඒක අපට දේශපාලන වශයෙන් අවාසියක් වෙන දෙයක් නෙමෙයි .   


ප්‍රශ්නය -  ළගදී රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත ගැනීමේ සූදානමක් තියෙනවද?   


පිළිතුර - ඔය ඔක්කොම ශ්‍රී ලංකා කාරයෝනේ .ඔය පොහොට්ටුවේ අලු‍තින් ආපු කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම හිටපු ශ්‍රී ලංකා කාරයෝ නෙ. අපි එකතු වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.   


ප්‍රශ්නය - ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද ඉදිරිපත් වෙන්නෙ, සන්ධානයක් හදනවද තනිව ඉදිරිපත් වෙනවද?   


පිළිතුර - පැහැදිලි ලෙසම අපේ පක්ෂය තනියම නෙවේ, දැනටමත් අපි වාම, ප්‍රගතිශීලී පක්ෂ සමඟ සාකච්ඡා කරලා තියෙනවා. පුද්ගලික මට්ටමිනුත් ඔවුන් සමග කතා කරලා තියෙනවා. රටට ගැලපෙන, රටේ ජනතාවට පිළිගත හැකි අලු‍ත් ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙළක් පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබනවා   

 

ප්‍රශ්නය - පොහොට්ටුව හෝ සමගි ජනබලවේගය නැතුව ඔබතුමාල වෙනම සන්ධානයක් හදනවද?   


පිළිතුර - මේ යන විදියට අපිට හදන්න වෙනවා. පොහොට්ටුවෙත් අපිට එකතු වන අය ඉන්නවා. 

 

 

 

 



අදහස් (0)

රජය කරගෙන යන්නේ ඉහළ මට්ටමේ කීප දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

මැයි 06 පුංචි ජන්දයට උගත් පාඩමක් වන මහරගමින් පත්තු කළ ගින්න
2025 මැයි මස 08 87 0

2025 මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ තවත් එක් වැදගත් ඓතිහාසික මැතිවරණයක් බව


පළාත් පාලනයට මන්ත්‍රීවරුන් ඕනෑ ද?
2025 මැයි මස 08 29 0

තවත් මැතිවරණයක් මුවවිටටම පැමිණ තිබේ. මහ මැතිවරණයෙන් මාස හයකට පසු පැවැත්වෙන මෙම පළාත්පාලන මැතිවරණය එක් අතකින් ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ ජනප්‍රියතාව උරගා බ


ඉන්දු - පාකිස්තාන ගැටුම කොයිබටද
2025 මැයි මස 08 51 0

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී ඉන්දීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් (එම ප්


ඩෑන් ඝාතනයෙන් නොනවතින ඝාතන රුල්ල
2025 අප්‍රේල් මස 30 238 0

1987 – 89 භීෂණ අඳුරු යුගයේ දී ප්‍රවීණ කිවියර කුමාර හෙට්ටිආරච්චි පුවත්පතකට කවියක් ලියා තිබිණි. ‘ධර්මද්වීපය’ නමින් නම්කර තිබූ එම කවිය මෙසේය.


ජන්ද දායකයන් පනස්තුන් ලක්ෂය දිනාගැනීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 30 143 0

මේ වන විට නිද්‍රාශීලීව සිටින ඡන්දදායකයන් පනස්තුන් ලක්ෂය හිමිකර ගන්නා පක්ෂයට මේ රටේ මීළඟ ආණ්ඩුවද හිමිකර ගත හැක්කේය. එහෙත් ඒ ලක්ෂ පනස් තුනක ඡන්දදායක පිර


එෆ්.බී.අයි. සොයාගත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද?
2025 අප්‍රේල් මස 28 273 0

ලංකාවේ සුප්‍රකට රජයේ නිලධාරියෙකු විසින් 2021 මැයි 21 දින ලංකාවේ ඉතිහාසය වෙනස් කරනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. ඔහු අන් කිසිවෙකු නොව එවකට නීතිපති ධූරය දැ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site