IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මුදල් ඇමැති මංගලට දැළිපිහියෙන් කිරි කන්න වෙලා

අයවැය 2019  

හිටපු මුදල් ඇමැති 
ආචාර්ය බන්දුල ගුණවර්ධන 

 

මෙවර අයවැයේදී මංගල සමරවීර මුදල් ඇමැතිවරයාට දැළි පිහියෙන් කිරි කෑමට සිදුවී ඇතැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 


අය වැය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයා මෙසේ ද කීය. 


මෙවර 2019 අය වැය ලේඛනය ගැන පොදු ජනතාව තුළ ඇති බලාපොරොත්තුව වන්නේ ඉතා විශාල සහන මල්ලක් ලැබීමයි. මේ වර්ෂය මැතිවරණ වර්ෂයත් ලෙසට ද පිළිගනු ලබයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හා ඇතැම් මැති ඇමැතිවරු ගම් මට්ටමට, බිම් මට්ටමට දහසක් පොරොන්දු ලබා දී ඇත. ඒ කතාවලින් රටේ ජනතාව අයවැයෙන් සහන මල්ලක් බලාපොරොත්තු වෙති. 


ග්‍රාමීය ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රජයේ සේවකයන්ට නැවත වතාවක් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම, වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක වැටුපක් ලබාදීම, ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම, සමෘද්ධි සහනාධාර ඉහළ නැංවීම, සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකටම රැකියා 500 බැගින් ලබාදීම, ත්‍රිරෝද රථ හිමියන්ට මෝටර් වාහනයක් ලබා ගැනීමට බැංකුවලින් රුපියල් ලක්ෂ 20 ක් බැගින් සහන පොළියට ණය ලබාදීම, කුඩා මෝටර් රථවල ආනයන බදු අඩුකිරීම යනාදී වශයෙන් රජය සුරබි දෙනක් ලෙස සිතන පතන දේ ලබාදෙන කප්රුකක් ලෙසට සිහින ලෝකයේ බලාපොරොත්තු ලබාදී ඇත. 


ප්‍රශ්නය:- රජයට, ජනතාවට සහන ලබා දිය නොහැකිද? 


පිළිතුර:- සහන මල්ලක් පිළිබඳ බලාපොරොත්තුව තබා ගෙන හදවතට වේදනා දීමට අවශ්‍ය නැහැ. රටේ තිබෙන යථාර්ථය තේරුම්ගත යුතුයි. රටක් වශයෙන් අභියෝග රාශියකට මේ අය වැය සකස් කිරීමේදී මුහුණ දීමට සිදුවෙයි. පළමුව කෘෂිකර්මය. කර්මාන්ත ක්ෂේත්‍ර කඩා වැටීම හේතුකර ගෙන මේ ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා කර තිබෙන අවස්ථාවකි 


මේ අය වැය ඉදිරිපත් කරනු ලබන්නේ කඩාවැටුණ ආර්ථික රටාවක් තුළයි. ලංකා ඉතිහාසයේ කිසිම කාලයක රුපියල මේ තරම් මස්තබාල්දු වී නැත. ගසක කරටි කඩා දමා ඇති ලෙසට ණය පොලිය ඉහළ ගොස් ඇත. රට සතු ජාත්‍යන්තර සංචිත විශාල වශයෙන් පහළ බැස ඇත. 


ණය වාරික පොලී ගෙවීමට අතිරේකව රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අසීරු බව ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකශ කර සිටියා. මූල්‍ය අංශය දැවැන්ත අර්බුදයට ලක්වී ජනතාවට උසුලාගත නොහැකි ණය බරක් පැටවී ඇත. 


මේ තත්ත්වය තුළ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සිදුවී ඇත. මේ පවතින යථාර්ථවාදී අසුබ ආර්ථික වටපිටාවක් තුළ අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට සිදුවූයේ. මෙවැනි අසුබ තත්ත්වයක් තුළ ඉදිරිපත් කරන අය වැය ලේඛනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීමා පනවා තිබෙනවා. 


හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ කාලයේ ආර්ථිකය කඩාවැටුණට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට රජයට සිදුවුණා. ඒ ගිවිසුමට හිටපු මහ බැංකු අධිපති දැනට රටෙන් පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් කළා. එම ගිවිසුම වසර 3 කට වලංගුයි. ඒ ගිවිසුම අවසන් වන්නේ 2019 අප්‍රේල් මාසයේදීය. අය වැය ලේඛනය පිළියෙල කිරීමට සිදුවන්නේ ඒ ගිවිසුම තුළයි. ඒ ගිවිසුම රජය ඇති කරගත්​තේ අවුරුදු 3 කට වාරික 6 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමටය. මීට අමතර කොන්දේසි නියම කර තිබෙනවා. 


ප්‍රශ්නය:- ලංකාණ්ඩුව එකඟ වෙලාද? 


පිළිතුර:- ඔව්. 2020 වන විට අය වැය පරතරය අඩු කිරීම එක් කොන්දේසියකි. ඒ සඳහා අය වැඩි කළ යුතු වෙයි. බදු වැඩි කළ යුතු වෙයි. වැය කපා හැරීමට සිදුවෙයි. මෙතෙක් පැවැති සුරබිදෙන මෙන් වියදම් කළ නොහැකි වෙයි. වියදම් අඩුකර පරතරය සියයට 3.5 ට ගෙන ආ යුතු වෙයි. 


නිදහසේ විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීම, තවත් කොන්දේසියකි. එහිදී විදේශ විනිමය වෙළඳ පොළේ නොවිකුණා තැබිය යුතුය. අකාර්යක්ෂම පාලනය රාජ්‍ය දේපළ පුද්ගලිකරණය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය යනාදී වශයෙන් රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුවේ සඳහන් ආයතන පෞද්ගලිකරණය කිරීමට සිදුවේ. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් කොන්දේසි ඉටු නොකිරීම ප්‍රශ්නයක් වනු ඇත. මේ වන විට අවසන් වාරික දෙක ගෙවා නැත. ගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ඇත. ආර්ථික පර්​ෙ‌ය්ෂණ ඒකකයට දැනගැනීමට ඇති ආකාරයට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව නියමයන් රාශියක් මුදල් අමාත්‍යංශයට ඔවුන් ලබා දී ඇත. 


ඒ අනුව රජයේ ආද‌ායම 2019 දී බිලියන 150 ක් පමණ අතිරේකව එකතු කරගන්නා ලෙසට නියම කර ඇත. බොහෝ වියදම් කපා හරින ලෙසත් අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය විකුණා දමන ලෙසටත් පුද්ගලිකරණය මගින් ආර්ථික ලිහිල්කරණය වේගවත් කරන ලෙසටත් උපදෙස් දී ඇත. 


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුමෙන් අපේ රටට විලංගු දමා ඇත. ඒ ගිවිසුම පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ගිවිසුම මා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර වාර්තා 15 වැනිද‌ා පොතක් ලෙස එළිදැක්වීමට පියවර ගෙන ඇත. 


අපේ ආර්ථිකයේ හිරවීම ගැන හොඳ සංවාදයක් ඇතිකර ගැනීමට ඉන් හැකි වනු ඇත. 


මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂය වේදිකාවේ කියනු ලබන අසත්‍ය කරුණු නිසා ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයට රජය පත්වී ඇත. ත්‍රිරෝද රථ හිමියන්ට ලක්ෂ 20 බැගින් ණය දෙනව කියල කියපු නිසා ඔවුන් බලාපොරොත්තු ඇතිව සිටිනවා. රාජ්‍ය අංශයට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කරන විට පුද්ගලික අංශය උද්ඝෝෂණ, විරෝධතා ආරම්භ කරාවි. ඒ පොහොර නිකම් දෙනවා කියලා දුන්​නේ නැතිනම් ගොවීන්ගේ ඡන්දය නැතුව යනවා. 


දැළි පිහියෙන් කිරි කනව වගේ අය වැය ඉදිරිපත් කිරීමට මංගල ඇමැතිවරයාට සිදුවෙනවා. රුහුණේ පුත්‍රයෙකු නිසා එතුමට දැළි පිහියෙන් කිරි පැණි කාල පුරුදු නම් දිව කපා ගන්නෙ නැතුව මේක ඉදිරිපත් නොකළොත් ලොල්... ලොල්.. ගානවා මිසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. 


හොඳම දේ 2015, 16, 17, 18 සියලුම අංශ කඩා වැටුණ බවත් එක්සත් ජාතික පක්ෂයට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි බවත් සඳහන් කර ජනතාවගෙන් සමාව ඉල්ලීමටත් එසේ කළහොත් පාක්ෂිකයන්ගෙන් අනුකම්පාව ලබාගත හැකි වේවි. 

 

 

 

දයාසීලි ලියනගේ

 

 



අදහස් (0)

මුදල් ඇමැති මංගලට දැළිපිහියෙන් කිරි කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site