IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව කීම විහිළුවක්’

 

 

(ඩයනා උදයංගනී)

         

පළාත් සභා මැතිවරණය නව මිශ‍්‍ර ක‍්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු අවසන්ව ඇති බැවින්, පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට ඇතැමුන් යෝජනා කිරීම විහිළුවක් යැයි  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

 නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීම සිදුවූයේ සියලූ දේශපාලන පක්‍ෂවල කැමැත්තෙන් බව කී මහින්ද සමරසිංහ මහතා දැන් ඇතැමුන් එයට අකමැතිවීම ගැටලූවක් බව ද කීවේය.

යළිත් පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමටත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදුවන බව කී ඇමැතිවරයා නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම ඊට වඩා පහසු බව ද ප‍්‍රකාශ කළේය.

පැරණි ක‍්‍රමයේ අඩුපාඩු හේතුවෙන් නව ක‍්‍රමයක් ඇතිකර තිබියදී යළිත් එම පැරණි ක‍්‍රමයටම යාම සුදුසු නොවන බව කී ඇමැතිවරයා, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමානිර්ණ වාර්තාවේ ඇති ගැටලූ විසඳීම සඳහා පත්කර සිටින අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ලැබුණු සැණින් එය ගැසට් කර මැතිවරණයකට යාමේ හැකියාව තිබෙන බව ද කීවේය.

         

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

                   

ඡායාරූප  හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (2)

‘මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව කීම විහිළුවක්’

Perakum Sunday, 07 October 2018 04:02 PM

අපි කොච්චර කිව්වත් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පටිපාටිය වෙනස් වෙන්නේ නෑ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් පැමිණි දාක එය වෙනස්කර ගැනීමට බලමු.

:       0       51

PerakumTuesday, 09 October 2018 06:39 AM

අපට අවශ්‍ය මුලික කරුණු දෙකයි. අපට අපේ කොට්ඨාශයට වග කියන නියෝජිතයෙක් සිටිය යුතුයි. අප පත්කර යවන නියෝජිතයාට පගාවට පක්ෂය මාරුකර තවදුරටත් බලයේ සිටීමට නොහැකි විය යුතුය.

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site