සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
සමගි ජන බලවේගයේ නිලධාරි මණ්ඩලය ඉකුත්දා පත්කෙරිණි. එහිදී එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට පත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.
ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ නව නිලධාරි මණ්ඩලය පත්වුණා. ඔබට සැලකුවා මදියි කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- මම අද ඉන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට. මම ඇත්තටම සතුටුයි. හැබැයි මම හිතනවා මගේ දේශපාලන ජීවිතය අවුරුදු 40 ක්. ඒ දේශපාලන අත්දැකීම්වලට අනුව මට සමගි ජන බලවේගයට මෙයට වඩා වැඩි යමක් කරන්න පුළුවන්කම තියෙනවා කියලා.
ප්‍රශ්නය:- ඇයි ඒ ඉඩ නොදුන්නේ?
පිළිතුර:- නෑ... නෑ... මට හොඳට සලකලා තියෙනවා. මට ජ්‍යෙෂ්ඨ උප සභාපතිකමක් දීලා තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති කෙනෙක්. ඒ තනතුර මට දීලා තියෙනවා.
ප්‍රශ්නය:- නමුත් ඔබ තෘප්තිමත් නෑ?
පිළිතුර:- මෙතැන මම දකින දෙයක් මේ කියන්නේ. මම මොනවා වුණත් වමේ මිනිහෙක්නේ. මගේ ඇඟේ අවුරුදු 40 ක් පුරා තියෙන දෙයක්. මට මුලින්ම පත්වීම දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එදා ඉඳන් එතුමියගේ ආභාසය හා ඊට පස්සේ ආපු සියලුම නායකයන්ගේ ආභාසය සහිතව මට වමේ උරුමයක් තියෙනවා. වමේ මිනිහෙක් ගත්තොත්... මම මේ විවෘතව කතා කරන්නේ. කාටවත් පක්ෂව නෙවෙයි. රට ගැන හිතලයි මම මේ කතා කරන්නේ. ඒකට හේතුවක් මම කියන්නම්. මම ගිය පාර මහින්ද මහත්තයාගේ දකුණු අත වගේ ළඟින්ම ඉඳලා... එතුමාට සෑම විදියෙන්ම උපකාර කරලා එතුමාගේ යම්කිසි වැරැද්දක් දැක්කාම... ‘මේක කරන්න එපා.’ කියලා කෙළින් කියපු කෙනෙක්.
ප්‍රශ්නය:- එහෙම කියපු එකක් කියන්න?
පිළිතුර:- එකක් තමයි දින 52 ආණ්ඩුව. මේ රටේ කවුරුත් දන්නවා. ජී.එල්. පීරිස් මැතිතුමාගේ නිවෙසේ තිබුණ සාකච්ඡාවේ දී මම කිව්වා මහින්ද මහත්තයාට ‘මේක බාර ගන්න එපා. මේක බාර ගත්තොත් අපි පරදිනවා’ කියලා.
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂගේ පිළිතුර වුණේ?
පිළිතුර:- ‘නෑ මේක මට සිරිසේන මහත්තයා දෙනකොට මම මේක ගන්න ඕනැ. මට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ’ කියලා. මම කිව්වා ‘අපි ප්‍රජාතන්ත්‍රවාදී කාගෙවත් බලයක් උදුරා ගන්නේ නැතිව මැතිවරණයකට තරග කරලා විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන ගිහින් වාඩි වෙන එක හොඳයි’ කියලා. මම ඒක කෙළින්ම කිව්වා. ඒක ආයෙ කාටවත් නැහැ කියන්න බැහැ.
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ගේනවටත් ඔබ විරුද්ධ වුණා?
පිළිතුර:- ඔව්. මමනේ මුලින්ම විරුද්ධ වුණේ. මම මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ වෙලාවෙත් කිව්වා, ඔබතුමා මේ ජනාධිපතිවරණයට එන්න. ඒ වෙලාවේ විවිධ අදහස් තිබුණා. මම එතුමාට කිව්වා ඔබතුමා ආවොත් මම කර තියාගෙන වැඩ කරනවා කියලා. හැබැයි මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන්න බැහැ කියලා.
ප්‍රශ්නය:- ඒකට හේතු?
පිළිතුර:- ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මහින්ද මහත්තයා දැනගන්න ඕනෑ ජ්‍යෙෂ්ඨත්වයට සලකන්න. මහින්ද මහත්තයාගේ තාත්තත් 1952 දී බණ්ඩාරනායක මහත්මයත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ආවේ ජ්‍යෙෂ්ඨත්වයට නිසි තැන නොලැබුණ නිසයි. ඒ නිසා මම කිව්වා දිනේෂ් ගුණවර්ධන මහත්මයා, වාසුදේව නානායක්කාර මහත්මයා වෙනත් පක්ෂයක හිටියට හැමදාම අපිත් එක්ක හිටියා. මහින්ද මහත්මයා පැරදිච්ච වෙලාවෙත් එතුමන්ලා හිටියනේ. ඉතින් මම කිව්වා ජ්‍යෙෂ්ඨත්වයට දෙනවා නම් ඒ දෙන්නා තමයි ඉදිරියෙන්ම හිටියේ.
ප්‍රශ්නය:- නමුත් ඔබේ ඇත්ත අරමුණ වුණේ ජනාධිපති අපේක්ෂකත්වය ඔබට ලබා ගැනීම?
පිළිතුර:- මෙහෙමනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මමත් ජ්‍යෙෂ්ඨයෙක්. ඔව් මාත් ඉන්නවා. මේක ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න කියලා මම කිව්වාම මහින්ද මහත්මයා කිව්වේ ‘මේක රාජපක්ෂ කෙනෙකුට දෙන්න ඕනැ’ කියලා. එතැන දී මට තරමක කලකිරීමක් ඇතිවුණා. එතුමා පවුලේ කෙනෙක් හැටියට දැම්මේ ගෝඨාභය රාජපක්ෂ.
ප්‍රශ්නය:- ඔබේ බලාපොරොත්තු සුන්වුණා?
පිළිතුර:- එහෙම නොවෙයි. මේක හොඳට මතක තියාගන්න. අද කවුරු ගෝඨාභය මහත්මයාට විරුද්ධව දැන් කතා කළත් එදා ගෝඨාභය මහත්මයාට රටක පාලනයක් ගෙනියන්න බෑ කියලා පළමුවෙන්ම කෑගහලා කිව්වේ මම. ඒකට හේතුව තමයි එතුමා හමුදාවේ කෙනෙක් හැටියට එතුමාට තියෙන්නේ හමුදා පුහුණුව. යුද්ධය කරගෙන ගියා තමයි. එහෙම ආභාසයක් තියෙන කෙනෙකුට ආණ්ඩුවක් කරන්න බෑ කියලා එදා මම දැක්කා. අනික් කාරණය තමයි අපේ රටේ දේශපාලනය කරලා නැති අඩුගානේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වෙන්නේ නැතිව ගමේ මිනිහගේ ප්‍රශ්න එතුමාට තේරෙන්නේ නැහැ. මේ මම එදා කියපු දේවල්. ඒ නිසා මම කිව්වා. ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කෙනෙක් පත් කරන්න කියලා.
ප්‍රශ්නය:- එයා කුමාර වෙල්ගම විය යුතුයි කියලා ඔබ හිතුවා?
පිළිතුර:- නෑ... නෑ... මම මුලින්ම කිව්වේ දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව මහත්වරුන්ගේ නම්. සෑම රැස්වීමකදීම මම එහෙම කිව්වා. ඒ දෙන්නා ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නම් ඔබතුමා සමග හිටපු කෙනෙක් හැටියට වගේම ජ්‍යෙෂ්ඨත්වයට අනුව මම සුදුසුයි කියලා මම කිව්වා. මම එදා කොච්චර කෑගහලා කිව්වත් ‘මෙයාට යන්න බෑ. මෙයාගේ ගමන ෆේල්’ කියලා හැටනම ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒක ඉතින් අපි ඔළුව පාත් කරලා පිළිගන්නවා. නමුත් එයාගේ අවුරුද්දක් ගෙවුණා. ඔප්පු වෙලා තියෙන්නේ මම කියපු දේ හරියි කියලා.
ප්‍රශ්නය:- මගේ මූලික ප්‍රශ්නය වුණේ සජබ නායකයන් ඔබට නිසිතැන දුන්නේ නැහැ නේද කියලයි?
පිළිතුර:- ඒකට තමයි මම මේ උත්තර දෙන්නේ. මම පහුගිය මහ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඉල්ලන්නේ නෑ කියලා තීරණය කළා. පොහොට්ටුවෛන් ඉල්ලුවා නම් දිස්ත්‍රික්කයේ එක වෙලා හොඳ ඇමැතිකමකුත් ගන්න තිබුණා. ඒ වගේම මගේ පුතා සෙනාල්ටත් පාර්ලිමේන්තු යන්න බොහෝදුරට ඉඩ තිබුණා. ඒ සියල්ලම කැප කරලා මම සමගි ජන බලවේයෙන් ඉල්ලුවේ. මම දිනුවා. මම මොන පැත්තෙන් හිටියත් මට මිනිස්සු ආදරෙයි කියලා මම මුළු ලංකාවටම පෙන්නුවා. මම වමේ මිනිහෙක්. ඒ බව මුළු රටම දන්නවා. මම කෙළින් කතා කරන කෙනෙක් බවත්. බලයට කෑදර නැති බවත් මුළු රටම දන්නවා. මම කියපු අනාවැකි හරි කියලා කවුරුත් පිළිගන්නවා. එහෙම නම් මට රාජපක්ෂ විරෝධී කෙනෙකුට සහයෝගය දෙන්න නම් මම වමේ නායකයෙක් හැටියට ඉන්නේ. අද මම කියන්නේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මේවා වමේ පක්ෂ. මේ වමේ මිනිස්සු යූඑන්පියට යන්නේ නෑ. එතකොට සමගි ජන බලවේගය යූඑන්පිය නොවෙයි. ඒක වෙනම පක්ෂයක්. ඒ වුණත් මිනිසුන්ගේ තියෙනවා පොඩි කුකුසක්. මේකේ ඉන්නේ යූඑන්පීකාරයෝ කියලා. ඒ නිසා වමේ මිනිහෙකුට යන්න තැනකුත් අද නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙලා. දයාසිරි ජයසේකර මහත්තයලාගේ දෙබිඩි ජීවිත මිනිස්සු දන්නවා. ඒ නිසා එතැනට යන්න මිනිස්සු කැමැති නෑ. එහෙම නම් වමේ මිනිසුන්ට යන්න තැනක් නෑ. එතැන දී මට හිතෙනවා මම ඉතා වැදගත් වෙයි කියලා. ඒ කලකිරෙන මිනිසුන්ට යන්න පුළුවන් තැනක් මගේ නායකත්වයෙන් මට හදන්න පුළුවන්.
ප්‍රශ්නය:- ඒ කියන්නේ සමගි ජන බලවේගයට ඔබ කැමැති නෑ?
පිළිතුර:- නෑ... නෑ... සමගි ජන බලවේගයට මම ඉතා ආදරෙයි. මට දීපු තනතුර මම හිස් මුදුනෙන් පිළිගන්නවා.
ප්‍රශ්නය:- නමුත් එදා ඒ අවස්ථාවට ඔබ ආවෙත් නෑ?
පිළිතුර:- ඔව්. මම පොඩ්ඩක් අසනීපයෙන් හිටියේ. මම ඒ ගැන සජිත් ප්‍රේමදාස නායකතුමාට දුරකතනයෙන් කතා කරලා ඒක කිව්වා. ඒ නිසා පත්වීම් ලිපිය මම තාම ගත්තේ නෑ. නමුත් රාජපක්ෂ විරෝධී මිනිස්සු ආණ්ඩුවෙන් එළියට එනකොට ඒ අයට යන්න තැනක් ඕනෑ. එතැනදී මාව වැදගත් වෙනවා කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය:- නමුත් ඒ වැදගත්කමට නිසි තැන ලැබුණේ නැහැ?
පිළිතුර:- මට දෙන්න පුළුවන් උසස්ම තැන නායකතුමා මට දීලා තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ. මම එතුමාටත් කිව්වා. මගෙන් මීට වැඩිය ප්‍රයෝජනයක් ගත හැකියි කියලා. අද වමේ යම්කිසි පිරිසක් මං ගැනත් කතා වෙනවා. මට වමේ බලවේගයක් ගොඩනගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා.
ප්‍රශ්නය:- කළුතර ඔබේ අනික් සගයා රාජිත සේනාරත්නටත් වමේ උරුමයක් තියෙනවා?
පිළිතුර:- ඔව්... ඔව්... එයාටත් තියෙනවා වමේ ඉතිහාසයක්. එතුමා වමේ කෙනෙක්. රාජිත මහත්මයා හොඳ ප්‍රධාන කථිකයෙක්නේ. මම කියන්නේ මගෙන් ඒ පැත්තෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. රාජපක්ෂලාට විරුද්ධව එළියට එන පිරිසට නායකත්වය දෙන්න මට පුළුවන්. අද එහෙම නායකයෙක් නැහැනේ. කවුද ඉන්නේ එහෙම නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක්? එහෙම කෙනෙක් අද නෑ. අන්න ඒ නිසා ඒ පැත්තෙන් මගෙන් විශාල සේවයක් රටට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා.
ප්‍රශ්නය:- එහෙම අලුත් බලවේග හදන්න ගිය චම්පික රණවකට සමගි ජන බලවේගයේ කිසිම තනතුරක් නෑ?
පිළිතුර:- චම්පික රණවක මහත්මයා අපේ ගමේ. එතුමා ඉතාමත්ම හොඳ උගත් මහත්මයෙක්. දක්ෂයෙක්. එතුමාටත් යම්කිසි බලයක් හදන්න පුළුවන්. දැන් තියෙනවනේ මේ වියත්මග කියලා එකක්. අන්න ඒ පැත්තෙන් එතුමාටත් හොඳ බලයක් ගොඩ නගන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ චම්පික රණවක මහත්මයා ඒ පැත්තෙන් යනකොට ගම් මට්ටමේ වමේ මිනිස්සු ඒකරාශි කරන්න මට හැකියාවක් තියෙනවා කියන එක මට කියන්න ඕනැ. මහින්ද මහත්තයා ඒ කාලේ පොහොට්ටුව හදන්න මාව දැම්මා බදුල්ලට. මම ඉතාම හොඳ ප්‍රතිඵල පෙන්නුවනේ. මගේ පියා එස්.ඒ. වෙල්ගම මැතිතුමා මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම තැනක හිටපු ධනවතෙක්. එතුමා යූඑන්පී. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායකකම ගන්න කොට මගේ තාත්තා හොඳ යූඑන්පීකාරයෙක්. නමුත් මම ශ්‍රී ලංකා එකට ගියා. මම වමේ මිනිහෙක්. ඒකෙන් රටට ප්‍රයෝජනයක් ගත හැකියි කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය:- සමගි ජන බලවේගය තුළ නැත්තෙත් සමගියයි කියලයි ප්‍රතිවාදීන් කියන්නේ?
පිළිතුර:- සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතා හොඳ නායකයෙක්. අවංක කෙනෙක්. එතුමාට පවුල් බලයක් ගොඩනගන්න අවශ්‍ය නෑ. මුදල් ගැන අවශ්‍යතාවක් නැහැ. එතුමා හොඳ නායකයෙක්. නමුත් මෙතැන තියෙන්නේ එතුමා ජනාධිපතිවරණයේදි ගත්තේ පනස්අට ලක්ෂයයි. ගෝඨාභය මහත්මයා ගත්තා හැටනව ලක්ෂයක්. මහ මැතිවරණයේ දී සජිත් මහත්මයාගේ ඡන්ද අඩු වුණා. එතුමාටත් ලොකු කාර්ය භාරයක් තියෙනවා විපක්ෂනායකයා හැටියට එතුමාට මන්ත්‍රීවරු 51 ක් විතර ඉන්නවා. ඒ ගමනේ දී බලන්න මුස්ලිම් කොංග්‍රසය තියෙනවා. රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන් ඉන්නවා. දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන් මහත්වරු ඉන්නවා. මේ අය ඉන්නේ හවුල්කාර පක්ෂ හැටියටනේ. ඒකයි මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතා හොඳ කෙනෙක්. හොඳ නායකයෙක්. නමුත් මමත් හවුල්කාර පක්ෂයක නායකයෙක් හැටියට මට මීට වඩා යමක් කරන්න පුළුවන් කියලයි මම කියන්නේ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂයක නායකයකු හැටියට ඔබට මීට වඩා තැනක් අවශ්‍යයි කියලයි?
පිළිතුර:- එක්කෝ මම සමගි ජන බලවේගය ඇතුළට යා යුතුයි. එහෙම නැත්නම් හවුල්කාර පක්ෂයක නායකයා හැටියට මීට වඩා යමක් මම කළ යුතුයි. නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියටනේ මම නාමයෝජනා පත්‍රයට අත්සන් කළේ. ඉදිරියේ දී මගේ පක්ෂයෙන් මොනවද කරන්නේ කියලා මට ඔබට කියන්න බෑ. මොකද නොයෙකුත් බලපෑම් එන්න පුළුවන්. කොහොම වුණත් මම හවුල්කාර පක්ෂයක නායකයෙක් හැටියට තමයි මම ඉදිරිපත් වුණේ. ඒ නිසා මගේ අත්දැකීම් තුළින් මීට වඩා යමක් මේ රාජපක්ෂලාට විරුද්ධව වමේ මිනිහෙක් හැටියට කිරීමේ අවස්ථාවයි මට උවමනා.
ප්‍රශ්නය:- ඔබට ඒ අවස්ථාව ලැබෙයි ද?
පිළිතුර:- මට හිතෙනවා ලැබෙයි කියලා. අවස්ථාව නොලැබීමේ හේතුවක් මට පේන්නේ නෑ. කවුරුවත් ඒකට විරුද්ධ වෙන්නේ නෑ කියලා මම හිතනවා?
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුං
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු අගමැතිවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස සහ මෙරට විධායක ජනාධිපතිවරයකු ලෙස රනිල
අනිවාර්ය නිවාඩු යවා සිටින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසිය මඟහරිමින් සිට තමා අත්ඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම න
පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා සැකසීමේ කටයුතු හේතුවෙන් ඉකුත් සතිය පුරාම සමගි ජනබලවේගයේ නායකයන් සහ මන්ත්‍රීවරුන් සිටියේ පාර්ලිමේන්තුවේ සහ පක්ෂ මූලස්
අයවැය විවාදයේ දී විපක්‍ෂය වටහා ගත් කරුණක් වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපත්ති අතර බොහෝ වෙනස්කම් පවතින බ
කරළියට පැමිණ තිබෙන බටලන්ද පිළිබඳ මාතෘකාව ගැන මේ ප්‍රශ්න කිරීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මට සමගි ජන බලවේගයට මෙයට වඩා වැඩි යමක් කරන්න පුළුවන් කියා හිතනවා