IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


‘‘බලය රැකගන්න ඇටවූ උගුල් වල සිරිසේන - වික්‍රමසිංහ කොටුවෙලා‘‘

(මුදිතා දයානන්ද)           

තම තමන්ගේ බලය රැකගැනීමට අනෙකා වෙනුවෙන් ඇටවූ උගුල්වල අද සිරිසේන - වික්‍රමසිංහ දෙපළම කොටුවී සිටිනවා. එයින් විනාශ වන්නේ ඔවුන් නොව රට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.           

දිසානායක මහතා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික විද්වත් සභාව සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.           

    ‘‘මහජනතාව ඡන්දේ දීලා ආණ්ඩුවක් පත් කරගත්තාම ඒ ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන් නැවත ඡන්දයකට යාමෙන් හෝ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් හුවමාරු වීමකින්. ඒත් මෙවර සිදුවුණේ ඒ දෙකම නෙවෙයි. සාම්ප්‍රදායට, යුක්තියට, සදාචාරයට, ප්‍රජාතන්ත්‍රවාදයට මේ කිසිම දේකට අනුගත නොවන ක්‍රියාවක්.            

රනිල් වික්‍රමසිංහ මහතා හිතාගෙන හිටියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බෙදීම තමයි තමන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය. එයට සිරිසේන මහතා මේ පැත්තේ සිටියදී මහින්ද කල්ලිය ශක්තිමත් කිරීම වැදගත් කියලා ඔහු හිතුවා.

ඔහු කිසිසේත්ම හිතුවේ නැහැ 2015 ජනවරම රැකීම තමයි පාලනය රඳා පවත්වා ගැනීමට වැදගත් වන්නේ කියලා. ඒ වෙනුවට පක්ෂ බෙදන්න ගිහින් ඔහු ඒ උගුලේ හිරවුණා. ඔහු විසින්ම අටවා ගත් උගුලේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහතා පැටලී සිටින්නේ.            

සිරිසේන මහතාට තිබුණේ 2020 නැවත ජනාධිපතිවරණ්‍යට ඉදිරිපත්වීමයි. ඒ බල න්‍යාය පත්‍රයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔහු මහින්ද මහත්තයාට නැවත කිට්ටු කරන්නේ. ඒ නිසා මේක මොවුන්ගේ බල න්‍යාය පත්‍රයේ බල සූදුවේ ප්‍රතිඵලයක්.                   

මේ දේශපාලන පාර්ශ්ව දෙකෙන් තවදුරටත් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු විය යුතු නැහැ. මේ බල සූදුව වහාම නැවැත්විය යුතුයි. මේක අසීරු වුණත් ජනතාව අපෙන් ඉල්ලා සිටිනවායත් වඩා වීවෘත මනසකින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිමට මැදිහත් වෙන්න සූදානම්. එහි වගකීම් අපිට පමණක් තිබෙන්නක් නොවේ.

ඒ නිසා සිදුවීම් වුවාට පසු අඳෝනා නගනවාට වඩා දිගුකාලීන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස මේ රටේ සියලු ජනාවගෙන්, ප්‍රගතිශීලි බලවේගවලින් ඉල්ලා සිටිනවා.  ‘‘

ඡායාරූප    චතුර එස් .කොඩිකාර

 



අදහස් (0)

‘‘බලය රැකගන්න ඇටවූ උගුල් වල සිරිසේන - වික්‍රමසිංහ කොටුවෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 127 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 210 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site