IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘පරාධීන ජාතිකයක් බවට පත්ව ඇති රට මුදා ගැනීමට ජනතාව පෙරට ආ යුතුයි’


 
 
(නිමල කොඩිතුවක්කු , ඡායාරූප - චතුර එස් කොඩිකාර)
 
ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් පරාධීන ජාතියක් බවට පත්ව ඇති රට මුදා ගැනීම සඳහා සියලූ ජනතාව පෙරට ආ යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමියෝ කොළඹදී පැවසූහ.


රටකන පාලකයන්ගෙන් සහ ජාත්‍යන්තර සතුරන්ගෙන් රට නිදහස් කරගැනීම රටේ සියලූ දෙනාගේම වගකීම වී ඇති බවද උන්වහන්සේ අවධාරණය කළහ.


කොළඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.


ලබන 26 වැනි දාට යෙදී ඇති ජාතික භික්ෂු දිනයට සමගාමීව ලබන 28 වැනි දා සවස 3.00ට ‘‘පරාධීනත්වයට එරෙහිව දේශයට මඟ කියන කුඩාපොළ හිමි’’ ආදර්ශ සම්මන්ත‍්‍රණය ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදි සිදුකරන බවද ඒ හිමියෝ සඳහන් කළහ.


මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි එහිදී මුලසුන දෙසුම සිදුකිරීමට නියමිත අතර ආරාධිත දේශන ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ආනන්ද රුහුණුහේවා යන මහත්වරුන් විසින් සිදුකිරීමට නියමිතය.


මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභිකයන් වන මහනෙලූබෑවේ අනුරුද්ධ හිමියන් සහ තංගල්ලේ සාරද හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (7)

‘පරාධීන ජාතිකයක් බවට පත්ව ඇති රට මුදා ගැනීමට ජනතාව පෙරට ආ යුතුයි’

Bamunuarachchi Thursday, 23 August 2018 02:34 PM

අපේ හාමුදුරුවනේ පරාධීන වෙන්න කැමති 62 ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. පෙනෙන්නේ නැද්ද මෙතනම පරාධීන වෙන්න කැමති අය කොපමණ ලියනවාද. මිනිස්සු හිතනවා ඥානෙස්සර හිමි හිරේ ගියාම කව්රුත් කථා කොරන්න නැහැ අපිට පුළුවන් පරාධීන වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ පුපුරා යාමට තරම් පීඩනය වැඩි උනාම වෙන්න ඕනේ දේ වේවි. ඒ දාට මිනිස්සු මහා පාරේ.

:       519       4

ලුම්බිණි Friday, 24 August 2018 03:47 AM

රට මුදා ගැනීමට පස්සේ රට බාර දෙන්නේ කාටද කියන එක නේ ප්‍රශ්නේ.

:       0       0

bimal Friday, 24 August 2018 07:29 AM

JVP අය‍ට පුළුවන් රට කරන්න . අවස්ථාව දෙමු

:       6       1

dhamneth Friday, 24 August 2018 08:28 AM

1948 දී අපි නිදහස් ජාතියක් බවට පත්වුණා. නමුත් 1956 යේ සිට අපේ හාමුදුරුවරු දේශපාලකයින්ට කඩේ යන්නට පටන් අරන් නැවතත් ජාතිය පරාදීන කරන්නට උත්සහ කරනවා. සිංහල පමණයි, ඉංග්‍රීසි එපා පුංචි පවුල රත්තරන් කියා වැරදි ආකල්ප ජනතාව තුළට දාන්න අපේ හාමුදුරුවරු සහාභාගි වුණා නේද? අන්තිමට මේ දෙකෙන් හාමුදුරුවරුන්ටත් වදිනකොට තමයි වැඩේ වැරදි බව තේරුනේ... පුංචි පවුල රත්තරන් වී මහණ කරන්නවත්, දරුවෙක් නැතිවෙනකොට වැඩේ වැරදි බව තේරුණා. ඉංග්‍රීසි එපා කියපු එකත් එහෙමයි. ඉංග්‍රීසි උගත් හාමුදුරුවරු පිටරට ගොස් බණ කියා හොඳ පිරිකර අරන් එනකොට තේරුණා. එ්කෙනුත් තමන්ටම වැරදුණා කියා. එ් නිසා අපේ හාමුදුරුවනේ ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩදෙන්න.

:       2       0

BamunuarachchiSaturday, 25 August 2018 12:06 AM

1956 ගැන කතා කරන්නේ 1948 සිට 1956 තිබු රටේ තත්වය දැනගෙනද? දන්නා දෙයක් කථා කරන්න. 1948 සිට 1956 කාලය තමයි නියම පරාධීන කාලය. මට හැඟෙන්නේ මෙතුමා පරාධීන කියන වචනයේ තේරුම නොදැන කතාකොරනවා වගෙයි.

:       388       19

Bamunuarachchi Saturday, 25 August 2018 01:26 AM

ඔබට එකක් කිවයුතුයි. මම පළමුව ලීවේ 1956න් පසුව සිංහල අපේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ මටටමට පැමිණීම ගැනයි. නමුත් කොල්ලන් හැටියට මැලේ, බර්ගර් ළමයි සමග ඒ ගෙවූ ළමා කාලය හරිම සුන්දරයි. ඒ කාලයේ කොළඹ තිබුණු සමාජ ක්‍රමය තාමත් ප්‍රියකරනවා. ඒ ගැන කිවයුතුදේ බොහොමයි. එ්ත් කියලා වැඩක් නැහැ. දැන් ළමයින්ට සවසට අහල පහල ළමයි සමග එකතුවී සෙල්ලම් කිරීමේ අවස්ථාව නැතිකරලා. ඉතින් කවදා හෝ ආපසු හැරී කථා කරන්න ළමා කාලයක් අපේ ළමයින්ට තිබෙනවාද? තිබෙන්නේ ළමා කාලය ළමයි හැටියට ගෙවා ඔවුන්ගේ සීයලා ගත් විභාග ප්‍රතිඵලයම තමයි. ඕ ලෙවල් සම්මාන, විශිෂ්ට සම්මාන මෙපමණයි කියා කියන්න පුළුවන් ඒ කාලේ ළමයිනුත් ඔයටික කීවා.

:       112       9

Saththaya Saturday, 25 August 2018 03:19 PM

ඉස්සෙල්ල කතිරය ගහන අය සමාජ සේවයක් කරන්න පුළුවන් කෙනෙක් පත් කරගන්න දැනගන්න ඕනෑ. මහජන මුදල් හූරා කන අයට, කාපු අයට තමයි වැඩි මනාප ගහලා ඉහළ තැන දෙන්නේ. ඇයි මේ රටේ ජනතාව එහෙම පුරුදු වුනේ? කොහොමද එහෙම පුරුදු වුනේ? ශිෂ්ට සම්පන්න රටක් මේ කතිරය ගහන අයට ඕනේ නැද්ද? මේ දේ දැන් පුරුදු පුහුණු කරන්න පුළුවන්ද? සල්ලි තමයි ලොකු. එ්කයි මේ රටට මෙහෙම වුනේ. අන්තිමට හරක් කියල බැන්නට වැඩක් නැහැ. අඩු ගානේ හරකුන්ගෙන් රටට වැඩක් වෙනවා. ගොම ටික පෝර, කිරි ටික කොච්චර අත්‍යාවශ්‍ය දෙයක්ද? නමුත් මේ පත් කරලා ඉන්න කට්ටියගෙන් මොකක්ද රටට තියෙන ප්‍රයෝජනය? රට සුරා කෑම පමණයි..

:       0       515

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site