IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පමාවී හෝ මා හරි තීන්දුව ගන්නවා

(*** අංජුල මහික වීරරත්න)

‘‘මැතිවරණ ප්‍රතිඵලයෙන් සමගි ජන බලවේගයට යම් යම් සීමා බන්ධන ඇතිවී තිබුණත් සෑම විටම සම්මුතියෙන් සහ සාකච්ඡාවෙන් ඍජු නිවැරැදි තීරණ ගැනීමට කටයුතු කරන බව’ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා 10 වැනිදා කොළඹදී පැවැසීය.

තුන් හතර දෙනකු කාමරයක සිට කුමන තත්ත්වයක් යටතේවත් සමස්ත ජනතාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට කටයුතු නොකරන බව කී සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රමාදවී හෝ හරි තීන්දුව ගැනීම දර්ශනය බවද සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ සම්බන්ධීකාරකවරුන් හමුවේදීය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගය කාර්යාලයේදී හමුව පැවැත්විණි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

සීමිත සම්පත් ප්‍රමාණයක් යටතේ සියලුම දෙනා මැතිවරණ කටයුතු මෙහෙවනු ලැබුවා. දුක් - ගැහැට රැසක් මැද ඔබ කළ ඒ ඒ කැපකිරීමට ස්තුතිය පිරිනැමිය යුතුයි.

ධන බලයට වඩා ඔබේ කැපවීම සහ අධිෂ්ඨානය අපට වටිනවා එය ධන බලය පෙරළා ඉදිරියට පැමිණියා.

සමගි ජනබලවේගයේ අප සෑම කරුණක් සම්බන්ධයෙන්ම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සහ අදහස් හුවමාරුවෙන් තීන්දු තීරණවලට එළැඹෙනවා. කුමන තත්ත්වයක් යටතේ වුවත් තුන් හතර දෙනකු කාමරයක සිට සමස්ත ජනතාවම ගැන තීරණ ගැනීමට කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම ජනතාව තෘප්තියට පත්වන ප්‍රශස්ත තීන්දු තීරණ ගැනීමට මෙන්ම ප්‍රබුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මම සැදී පැහැදී සිටිනවා. සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ගන්නේ ඍජු තීරණයයි. ඒ අනුව ඉදිරියට යාමට මා සූදානම්.

අපට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට කළ හැකි සියලු දේ ඉටු කරනවා. අපට අනුබද්ධ පක්ෂ මෙන්ම ශාඛා සංවිධාන සමගද ඒ ආකාරයකටම සාකච්ඡාවෙන් තීරණවලට එළැඹෙනවා. කිසි විටෙක වැනෙන තීන්දු ගැනීමට මා උත්සාහ කරන්නේ නැහැ.

යම් තීන්දු සඳහා ඇතැම් විට උපරිම අවස්ථාව අප විසින් ගත හැකියි. තීන්දු ගැනීම ප්‍රමාදවූවා යැයි කියා එය අපේ දුර්වලතාවක් විදියට සලකනවා නම් එසේ සිතීම බොළඳ තත්ත්වය බවත් කිව යුතුයි. ප්‍රමාද වී හෝ  අප හරි තීන්දුව ගන්නවා.

සත් ජාතිකත්වය යන අපගේ දර්ශනය තුළ බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් එමෙන්ම රටේ සෙසු ජාතීන් සහ ආගම් ආරක්ෂා කරමින් අපගේ ගමන ක්‍රියාත්මක කරනවා.

සත් ජාතිකත්වය යනු සත්‍යවාදී ජාතිකත්වයයි. ඒ කියන්නේ අන්තවාදී ජාතිකත්වය නොවෙයි. අප ජාතිවාදය, ජාති ජාතිභේදය, අන්තවාදය, ත්‍රස්තවාදය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබනවා. එහි ප්‍රතිපත්ති අනුව ජනතාව රැකගන්නට මව්බිම සෞභාග්‍ය කරා ගෙනයාමට කටයුතු කරනවා. එම සෞභාග්‍ය සැමට භුක්ති විඳීම ඉඩදීම අපගේ අරමුණයි.

සියලුම දෙනා සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කරගත යුතුයි. අප අපේ ගමන යන්නේ ඒ ආකාරයටයි. මා හෝ සමගි ජන බලවේගය හෝ කිසිවිටෙක තර්ජන – ගර්ජනවලට සැලෙන්නේ නැහැ. අපට තිබෙන ලොකුම කාර්යභාරය වන්නේ විපක්ෂයේ කටයුත්ත නිවැරැදිව ඉටුකිරීමයි.

පළාත් සභා මැතිවරණය සඳහා අද සිටම අප සූදානම් විය යුතුයි. සමස්ත ජන සමාජයම නියෝජනය වන කණ්ඩායම් හරහා පළාත් සභා මැතිවරණ ජයග්‍රහණ ගණනාවක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අප අලුත් පක්ෂයක්, අලුත් වැඩපිළිවෙළ, අලුත් ලාංඡනයක්, නව දර්ශනයක් සමග ඔබ හමුවට පැමිණ සිටිනවා.

සියලු දෙනා සදාකාලිකවම මගේ පවුලේ සාමාජිකයන් ලෙස මා සලකනවා. මනාප ලැයිස්තු හැදීමේදී ඇතැමුන් ඉදිරිපත් කරන්නට එපා යැයි ද එවිට මනාප අඩු වනු ඇතැයිද සමහරුන් පැවසුවා. ඒත් මා නිවැරැදි තීන්දුව ගත්තා යයි විශ්වාස කරනවා. අසීරු තීන්දුව නොව නිවැරැදිව ගත් නිසා අමාරු අවස්ථාවක වුවත් යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. හරියට බැලුවොත් මේ ගමනට මාස දෙක හමාරක්වත් නැහැ.

කොරෝනා තහංචි නිසා මහ පාරට බැස දේශපාලනය කරන්නට හැකියාව ලැබුණේ නැහැ. අප බණ්ඩාරනායක මැතිතුමාගේ විප්ලවය ගැන කතා කරනවා. රාජාලිය පක්ෂයටත් මීට වඩා සංවිධානය වන්නට කාලය ලැබුණා. පොදුජන පෙරමුණටත් සංවිධානය වන්නට කාලයක් ලැබුණා. කෙටි කාලයක් තුළ දැවැන්ත ජන කොටසකගේ විශ්වාසය දිනාගැනීමට අපට හැකියාව ලැබුණා.

එලෙස දිනාගත් කිසිදු විශ්වාසයක් පලුදු කරන්නට කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රතිඵලය තුළ අපට යම් යම් සීමා, බන්ධන ඇති වී තිබෙනවා. එහෙත් නිවැරැදි තීන්දු ගැනීමට මා සූදානම්.’’



අදහස් (2)

පමාවී හෝ මා හරි තීන්දුව ගන්නවා

විජේ Wednesday, 12 August 2020 01:32 PM

හරි ශෝක්, දිගටම කරගෙන යන්නකෝ?

:       41       0

Gurami Thursday, 13 August 2020 10:00 AM

පින්තාලිය බින්දේ දෙව්දත් පුතාණෝ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26145 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18157 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10865 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 605 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site