IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘චන්ද්‍රිකාට පෙර ශ්‍රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’

(ඉන්දික අරුණ කුමාර)

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විනය පරික්ෂණ සිදුකිරිමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරි මහින්ද රාජපක්ෂ මහතාට විනය පරික්ෂණ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න කීවාය.

නාඋල - බිබිල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සංවිධාන කර තිබූ ජන හමුවකට එක් වෙමින් ඇය මෙසේ පැවසුවාය.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරිම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය දා ගිවිසුමකට එළඹිනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති වත්මන් විපක්ෂනායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාඋල දී පැවති ජනහමුවක දී  පැවසුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් පක්ෂ නිර්මාණය කළ බවයි.

මෙම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය රැස්ව සිටි සිය පාක්ෂිකයින් අමතා කියා සිටියේ එක එක ලාංඡන අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූයේ මහින්ද රාජපක්ෂ මහතා බවයි.

ඒ අනුව පළමුව විනය පරික්ෂණ තැබිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ද යන්න මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව ද ඇය කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිළිතුරක් ලබාදිය යුතු බව ද ඇය අවධාරණය කළාය.

 



අදහස් (4)

‘චන්ද්‍රිකාට පෙර ශ්‍රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’

nimal Monday, 04 November 2019 08:29 AM

මෙයාට අමු කැවිලා. නැත්නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ. නිකම් කටමැද දොඩවනවා. මහින්ද මහත්තයා හැමදේටම පලි නැහැ හලෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයට ගිහින් බලන්න කඩපු අයව ඔහේට දැනගන්න පුලුවන්. මහින්ද මහත්තයා තමා පක්ෂයේ ස්වර්ණමය යුගය ඇති කළේ. පක්ෂේ බිම දැම්මේ මෛත්‍රී. ඒවාට අනුබල දුන්නේ චන්ද්‍රිකා. නිකම් මොකුත් නොදැන කියවන්න එපා. ලැජ්ජා වෙන්න වේවි. මේ කරන ජරා වැඩ වෛරයට කරන ඒවා කියලා සක් සුදක් සේ පැහැදිලියි. එදා මහින්ද මහත්තයව දිනවන්නත් රටක් වශයෙන් ඉදිරියට යන්න තිබුනා. නමුත් වෛරී දේශපාලනය නිසා අපි ආපස්සට... මඩ වගුරට.....ඔහේලට නොතේරුනාට මහජනයාට හොදට තේරුම් වෙලා තියෙන්නේ.

:       410       351

lalithmMonday, 04 November 2019 08:42 AM

මඩේ ඉන්න තාරාවෙක්.

:       105       190

gobbaya Monday, 04 November 2019 10:09 AM

ශ්‍රී ලංකා නිදහස පක්ෂය ගැන ඔයාට තියන අමාරුව මොකක්ද ?

:       58       16

bandula Monday, 04 November 2019 11:23 AM

පක්ෂ කැඩෙන එක නවත්වන බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28079 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18186 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10884 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 661 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 854 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site