IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘

(චන්ද්‍රසේන ගමගේ)

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සියළු ජාතීන්ට හිමි විය යුතු ගෞරවය හා ආරක්ෂාව සලසා දීමට කැප වෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා අද (08)  අගුණකොළපෑලැස්සේදී පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ වෙසෙන මහා සංඝරත්නය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා උතුරේ ජනතාව හමුවේ දහසක් පොරොන්දු දෙනවා. මේ බිමේ ක්‍රියාත්මක කරන්න බැරි පොරොන්දු මල්ලක් එතුමා දෙනවා. එම පොරෙන්දු වලට උතුරේ ජනතාව රැවටෙයි කියා අපි විශ්වාස කරන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ  ජාතිවාදියෙක් නොවෙයි.එතුමා  ගැන අවිශ්වාසයක් උතුරේ ජනතාව තබා ගත යුතු නෑ. එමෙන්ම මේ රටේ බුද්ධාගමට හිමි නිසි තැන ලබා දෙමින් අනෙකුත් ආගම් වලටත් ලබා දිය යුතු ගෞරවය ලබා දෙන්නට එතුමා කටයුතු කරන බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය එතුමා සමඟ ඉන්නා බව අද දිනයේ මා සමඟ කළ සාකච්ඡාවේදී පැහැදිලි වුණා.

ගෝඨාභය මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවීමෙන් වැඩ කරන බවද මම අවසාන වශයෙන් පවසන්නට කැමතියි.

 



අදහස් (11)

‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘

Kumar Friday, 08 November 2019 04:24 PM

මේ මහත්මයා සහෝදරයට වැඩකරන කාලේ සහෝදරයාගේ පාලනය විවෙචෙනය කළ කිහිපදෙනෙක් පරලොව යැව්ව කතාව ඇත්තද? ඒ අය බියෙන් පසු වෙන්න ඕනෙද? කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මැකෙන්නේ නැහැ කියලත් අහලා තිබෙනවා...

:       1       38

කපුරුහාමි Friday, 08 November 2019 07:11 PM

මෙයාලගේ පවුල් පාලනේ කාලේ මුලු රටම උන්නේ කලේ නීතියට බයෙන් තමා. රටේ යුක්තිය, නීතිය, සාධාරණය වගේ ඒවා නැහැ. මේ කරපු හරිය අපිට අමතක වෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැ...

:       1       2

Mf Friday, 08 November 2019 08:57 PM

බයෙන්, සැකෙන් තොරව ඉන්න පුළුවන් වෙන්නේ අපායෙද දන්නේ නැහැ...

:       1       2

Raveendra Friday, 08 November 2019 09:19 PM

ඒ කාලේ සිරි අයියගේ හොඳම සගයෙක් නේද මේ ...? අනේ හැබෑට...

:       1       2

ජෝන් සිල්වා Saturday, 09 November 2019 01:15 AM

සහතිකම ඇත්ත... බලය ලැබුණාම උගුල් අදින්න වෙලාවක් නැහැනේ.. ඒවා කරන්න පුළුවන් විපක්ෂයේ ඉන්න වෙලාවට කියලා කියන්න පුළුවනි..

:       1       1

ranjith Saturday, 09 November 2019 02:03 AM

මොකද මහත්තයෝ ඔයා බියෙන්ද ඉන්නේ?

:       1       2

Warnakulasuriya Saturday, 09 November 2019 05:52 AM

කියන්න තියෙන එකම දෙය ඕක විතරයි. ඒ වුණාට "සුදුවෑන්" බියකින් ඉන්න වෙන බවට ජනතාව දනිති.

:       1       33

lalithm Saturday, 09 November 2019 07:58 AM

ඒ කියන්නේ ඔබත් ඇතුළුව කලින් මේ රට ආණ්ඩු කළ රජයන් තිබූ කාලවල රටේ මිනිසුන් බයෙන්, සැකෙන් ජීවත් වුණා කියන එක නේද? සුදු වෑන් කතා එහෙනම් ඇත්ත...

:       1       1

Rata Perata Saturday, 09 November 2019 08:28 AM

මිනිහෙක්ට උගත්කම කොච්චර ඕනෑද කියලා හිතෙන්නේ මේ වගේ කතා ඇහෙනකොට තමයි. බස් කොන්දොස්තර කෙනෙක්ගේ වුණත් මීට වැඩිය අවබෝධයක් තියෙන්න ඕනෑ. මහා මැතිවරණයකදී මිනිස්සු තීරණය කරයි.

:       1       1

Arachchi Sunday, 10 November 2019 12:06 AM

ජනාපති ධුරයට තෝරාපත් කරගත යුතු එකම තැනැත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ඔහු තමා පුම්බවාගන්න කතාකරන්නේ නෑ. ඔහුට ඒක කරන්න අවශ්‍ය තාවයක් නෑ. අවුරුදු විස්සක් තම ජීවිතය පරදුවට තබා මරණයේ මුහුණ දැක දැක ත්‍රස්තවාදීන්ට මුහුණ දී වඩමාරච්චි ප්‍රහාරය ආදී සටන් වලදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කර යුද සටනේ සටන් කීර්ති ලබාගත් වීරෝධාර නායකයෙක්. ඔහු ජීවිතය නොතකා සටන් කළේ මේ රට වෙනුවෙන්. ඔබ අපි හා අපේ දරුවන් සඳහා රටක් ත්‍රස්තවාදයට බිලිවෙන්න ඉඩනොදී අපිවෙනුවෙන් අපට නිදහසේ හුස්මගන්න පුළුවන් වාතාරණයක් ලබා දුන් නායකයෙක්. ගෝඨාභය මැතිතුමා සජිත් වගේ තමා ගැනම කතාකරන්නේ නෑ. ඒ නිහතමානී පුද්ගලයෙක් නිසායි. ඒකයි නායකයෙකුගේ ලක්ෂණය. අද රටට අවශ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. ප්‍රශ්නයක් මනුෂ්‍යත්වයෙ, ප්‍රායෝගිකව හා දර්ශනාත්මක ව්‍යුහයකින් බැලීමේ හැකියාවක් තියෙනවා. එතුමා මෙවර අපේ ජනාධිපති නොකළොත් ඒ අපේ හා රටේ අභාග්‍යයක්. .

:       1       1

Chanak los angeles Sunday, 10 November 2019 04:29 AM

ඔව් ඔව් නියමෙට ආරක්ෂාව දුන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28519 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11010 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site