IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


ආර්ථිකය ශක්තිමත් කරන්න පොඩි කාලයක් අවශ්‍යයි

කාලීන දේශපාලනය පිළිබඳ සාකච්ඡාවකට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මෙසේ එක්වෙයි.   

ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති 
ජේ.සී. අලවතුවල   

 

• ජනතාව නම් බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ආණ්ඩුව සතුටින්ද ඉන්නේ?   


ආණ්ඩුව කරගෙන යන්නෙත් බොහොම අමාරුවෙන්. ආණ්ඩුව ජනතාව ගැන හිතල තමයි හැම දේම කරන්නේ. අපට විශාල ණය බරක් තියෙනවා ගෙවන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය සහ පොලිය ගෙවන්න වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ. ඇ.ඩො. මිලියන 5600ක් ගෙවන්න තියෙනවා. ඔක්තෝබර් 26 වැනිදා සිද්ධ වුණු කුමන්ත්‍රණයට කලින් අපි සැලකිය යුතු මුදලක් ඉතුරු කරගෙන හිටියා මේ සඳහා. ඒත් ආණ්ඩුව අස්ථාවරවීම නිසා ලොකු පාඩුවක් වෙලා ලොකු මුදලක් අහිමි වුණා. අපි දැන් ආපහු මේ තත්ත්වය හොඳ අතට සකස් කරගෙන යමින් ඉන්නවා.   


රජයක් හැටියට ජනතාව ගැන හිතනවා වගේම මේ අභියෝගවලටත් මුහුණ දෙන්න ඕන. ඔක්තෝබර් 26 සිදුවීම රට ආපස්සට ඇදලා දාපු දෙයක්. අපිට ඒ පවටත් කරගහන්න සිද්ධ වෙලා තියෙනවා.   


ඉන්දියාව, චීනය වගේ රටවල් මේ සඳහා උදවු කරන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා.   


මීට කලින් රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගත්ත ණය තාම ගෙවනවා. ඒවා තව අවුරුදු ගණනාවක් ගෙවන්න තියෙනවා.   


• එතකොට දැන් මේ ආණ්ඩුව ගන්න ණය ගෙවන්නෙ කවුද? ඊට පස්සෙ එන ආණ්ඩුව මේ වගේම ඔබලට බෝලෙ පාස් කරාවි......   


අපිත් ණය ගත්තා තමයි. ඒත් ඒවා තාම ගෙවන්න වෙලා නෑ. ඒ ණයත් අපි ගෙවනවා. ඒත් අපි ඉවක් බවක් නැතුව ණය ගන්නෙ නෑ. රාජපක්ෂලා ණය අරන් මොනවද කළේ‍? ඒවා හොයලා බැලුවම විශාල කනගාටුවක් තමයි ඇතිවෙන්නේ.   


ලාභ උපයන්න බැරි ආයෝජන ඒවා. මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, හම්බන්තොට ක්‍රීඩාංගණය වගේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් තියෙනවා මේ ලිස්ට් එකේ.   
අපි දැන් මොනොරේල් ව්‍යාපෘතිය ආරම්භ කරනව කොළඹ තියෙන තද බදය අඩු කරන්න. මේකට ගත්තු ණය වසර දොළහකින් ලැබෙන පරිදි තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. මත්තල බොරුවට ගුවන් තොටුපළක් හදන්නෙ නැතුව ඒ මුදල කටුනායක පුළුල් කරන්න වියදම් කළා නම් විශාල වාසියක් රටට ලැබෙනවා. දැන් කටුනායක ලොකු තදබදයක් තියෙනවා. රාජපක්ෂලගේ ආණ්‍ඩුවෙ කිසිම මූල්‍ය කළමනාකරණයක් තිබුණෙ නෑ. ඒකෙ ප්‍රතිවිපාක විඳින්නේ මේ ආණ්ඩුව.  


මේ ප්‍රශ්න ඔක්කොම එක්ක තමයි අපි ආණ්ඩුව කරගෙන යන්නේ. එතනදී අපිට විවිධ බදු අය කරන්න වෙනවා.  


• යූඑන්පී ආණ්ඩුවක් ආවාම ආර්ථික වර්ධන හඳේ තියෙයි වගේ කයිවාරු තමයි ගැහුවෙ. ඒත් පහුගිය ආණ්ඩුවෙ පව් ගෙවනවා කියනව. මේ කතාවෙ ඉවරයක් නැද්ද?  


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම ආර්ථිකය ශක්තිමත් කරනව කියලා මතයක් රටේ තියෙනවා. එහෙම මතයක් ඇති වෙන්නෙ නිකංම නෙවෙයිනේ. එහෙම අතීතයක් අපිට තියෙනවා. ඒත් අපි එන හැම අවස්ථාවේම රට එක වගේ නෑ. බංකොලොත් ආර්ථිකයක් තියෙද්දී අපි රට බාර ගත්තම ආර්ථිකය ශක්තිමත් කරන්න පොඩි කාලයක් අවශ්‍යයි.  
දැනුත් අපි නිසි ආර්ථික කළමනාකරණයක් යටතේ ආර්ථිකය ශක්තිමත් කරගෙන යන්නේ. මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකකට කලින් ඡන්දෙට ගියේ මේ ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න වෙන බව දැනගෙන තමයි. ඒකට මූණ දෙන්න බැරි නිසා තමයි කලින් ඡන්දෙකට ගියේ. අපිට බෑ දැන් මහින්ද රාජපක්ෂ කළා වගේ හිතුමතේ වැඩ කරන්න.  
ජනතාවත් මේ ඇත්ත ප්‍රශ්නෙ දැනගන්න ඕන. මාධ්‍ය වුණත් ඇත්ත තත්ත්වය රටට හෙළි කරන්නෙ නෑ. මහින්ද රාජපක්ෂලාගෙ වගේ මාධ්‍ය සංදර්ශන මේ ආණ්ඩුවෙ නැති නිසා ජනතාව හිතන්නේ ආණ්ඩුව අසමත් කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි.  


• යූඑන්පී එක ගහන්න හදපු ජාතික ආණ්ඩු ගැටෙත් අකුළ ගන්න වුණා නේද?  


මීට කලිනුත් ජාතික ආණ්ඩු තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එකතුවෙලා රට ගැන හිතලා ජාතික ආණ්ඩු සංකල්පයට ගියා. ඒත් ඒකෙන් යම් මොහොතක ඉවත් වුණා. ඊට පස්සේ ඇති වුණු දේශපාලන ව්‍යාකූලතාවයෙන් පස්සේ අපි කොහොම හරි බහුතරය පෙන්නලා ආණ්ඩුව පිහිටෙව්වා. දැන් මේක ශක්තිමත්ව අරගෙන යා යුතුයි.  


• ඒත් මේ ගහන්න හදපු ජාතික ආණ්ඩු හවුලෙ කිසිම දේශපාලන සදාචාරයක් නෑ කියල හැමෝම කිව්වේ......  


ඒකෙ සදාචාර සීමාව තේරුම් ගන්න ඕන පවතින දේශපාලන තත්ත්වයට සාපේක්ෂව. එතකොට ඔක්තෝබර් 26 සිදුකරපු වැඩේ තියෙන දේශපාලන සදාචාරය මොකක්ද? ඒකට සම්බන්ධ අය කොහොමද ඒකෙ සදාචාරය විග්‍රහ කරන්නේ?  


වර්තමාන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ජනවරමට නීතියට, ව්‍යවස්ථාවට හැම එකටම පිටුපාල කරපු ඒ වැඩේ තියෙන සදාචාරයත් අපිට ප්‍රශ්න කරන්න වෙනව එහෙම නම්. එච්චර සදාචාර විරෝධි ක්‍රියාවක් කරලත් ඒ අය බොහොම හොඳට ඉන්නෙ ඔය. අපි ජාතික ආණ්ඩුවක් හදන්න හදපු එකේ සදාචාරය හොයන අය බුදුවෙලා වගේ තමයි කතා කරන්නේ. ඒ අයට මතක නෑ ඒ අය කරපු වැඩේ.  


ජාතික ආණ්ඩුවකට අපි යන්නේ නීතියට, ව්‍යවස්ථාවට අනුකූලව මිසක් හොර පාරෙන් නෙවෙයි.  


• ආණ්ඩු දැන් මේ අවුලක් නැතුව යන්නෙ. ඉතින් මොකටද තව ජාතික ආණ්ඩු?  


ඔව්, යනව තමයි. ඒත් ස්ථාවර ආණ්‍ඩුවක් තියෙන්න ඕන රටක් ඉදිරියට යන්න. අපිට ලොකු ණයක් ගෙවන්න තියෙනවා. ආයෝජකයන් ගෙන්න ගන්න ඕන. ආණ්‍ඩුවත් ස්ථාවර නැත්නම් ආයෝජකයන් එන්නෙ නෑ. අපි ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට දාල තියෙන්නේ. අපි ආපහු ණය ගන්න නම් ආණ්ඩුව ශක්තිමත් කියලා පෙන්නන්න ඕන.   


ආණ්ඩුවෙ මන්ත්‍රී කණ්ඩායම වැඩි කරගන්න අවශ්‍යයි. බහුතරය පෙන්නන්න අපිත් එක්ක ඉඳපු අය දිගටම ඉන්නෙ නෑනේ. ශ්‍රීලනිපයේ කණ්ඩායමක් අපිත් එක්ක එකතු වෙන්න සූදානමින් ඉන්නේ. ඒ අය ගැන බලන්න ඕන. ඇමැතිකම් වැඩි කරගන්න ඕනවටම නෙවෙයි මේ වැඩේ කරන්නේ.   


• ඔබ ඔහොම කිව්වට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කියන්නේ ආණ්ඩුව එක්ක එකතුවෙලා වැඩ කරන්න පුදුම ඕනකමකින් ඉන්න පිරිස එකතු කරගන්නයි මේක කරන්නේ කියලා......  


ඔව්. එහෙම පිරිසක් ඉන්නවා. ඒ අයත් එකතු කරගන්න ඕන.  

 

රූකාන්ත ගුණතිලක කියන්නේ මේ රටේ ජනප්‍රිය චරිතයක්. මම හිතන්නේ අපේ පක්ෂයට ශක්තියක් ඔහුගේ පැමිණීම. එන මැතිවරණයෙන් යූඑන්පී එක කුරුණෑගල දිනන්න නම් මේ වගේ අය තවත් අපිට ඕනැ. මට නම් පෞද්ගලිකව රූකාන්තගෙ පැමිණීම අභියෝගයක් නෙවෙයි. එයා මගෙත් හොඳ හිතවතෙක්.


• ඔච්චර රටට වැඩ කරන්න ඕනකමකින් එකතුවෙන අයනම් ඒගොල්ලන්ට මොන බම්බුවටද ඇමැතිකම්?  


කැමැත්තෙන් ආවට පක්ෂ හැටියට එද්දී ඒ අයට නීතිමය ප්‍රශ්න තියෙනවා. ශ්‍රී ලනිපයේ අය අපිට එකතුවෙනවා නම් අඩුම තරමේ ඒ අයට ඇමැතිකමක්වත් දෙන්න ඕන. ඒකෙන් නීතිමය ප්‍රශ්න නිරවුල් කරගන්න පහසුයි.  


• රාජපක්ෂ ආණ්ඩුව මේ විදියටම ඇමැතිලා වැඩි කරද්දී නම් ඔබල මේ විදියට කතා කළේ නෑ. ඒ අයට පලු යන්න බැන්නා. දැන් ගොරක දඩමස් වෙලා වගේ.....  


රාජපක්ෂලා ඇමැතිකම් දීලා කළේ මොනවද අපි මේක කරන්නේ මොකටද කියලා සංසන්දනය කරලා බලන්න.  


• ජාතික ආණ්ඩු පිහිටුවීමේ ඇත්ත ඕක නම් ඇයි යූඑන්පීයේ පසුපෙළ මන්ත්‍රීවරු මේකට විරුද්ධ? 

 
නෑ. කවුරුවත් විරුද්ධ නෑ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ කවුරුත් එක්ක සාකච්ඡා කරලා තමයි තීන්දු ගත්තේ. එතනදී කවුරුවත් විරුද්ධ වුණේ නෑ.  


• හැබැයි එළියට ඇවිත් විරෝධය පළ කරනවා......  


ඔය පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමහරුන්ට මාධ්‍ය ඉස්සරහ කැපී පේන්න ඕන කමක් තියෙනවා. එහෙම අය එක එක කතා කියනවා ඇති. ඒත් මේකට කිසිම කෙනෙක් කණ්ඩායම් රැස්වීමේ දී විරෝධය පෑවෙ නෑ. ඇතුළෙ සාකච්ඡා කරල බේරගන්න ඕන දේවල් ගැන එළියට ඇවිත් කෑ ගහන්නේ ඒ අයගෙ දේශපාලන නොමේරුම්කමට වෙන්න ඇති.  


• ඒ අයටත් පොඩි පොඩි ඇමැතිකමක් දෙකක් දුන්න නම් කට වහලම තියන්න පුළුවන් නේ......  


නෑ. හැම දෙනාටම ඇමැතිකම් දෙන්න බෑනේ. රජය ස්ථාවර වෙනවා වගේම මන්ත්‍රීවරුන්ගෙ ප්‍රශ්න ගැනත් බලන්න ඕන. ඇමැතිකම් දීලා කට වහන්න අපිට ඕන නෑ. මේක අවබෝධයෙන් යන්න ඕන ගමනක්.  


• මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගත්ත ආණ්ඩුව රේගුවට අත තියලා අනවශ්‍ය ලෙඩක් දාගත්ත........  


රේගුවට අත තියලා අවුලක් ඇති කළා කියලා මම හිතන්නෙ නෑ. ඒ ඔය කියන තනතුරට චාල්ස් මහත්මිය පත් කළෙත් මංගල ඇමැතිවරයාමනේ. කස්ටම් එකේ එක එක කණ්ඩායම් මේ ප්‍රශ්නය අනවශ්‍ය ලෙස හුවා දැක්වූවා. රේගුවට නිලධාරීන් පත්කිරීමේ බලය තියෙන්නේ ඇමැතිට නම් ඒ අයගෙන් හරියට රාජකාරිය සිද්ධ වෙන්නෙ නැත්නම් ඒ අය ගැන තීන්දු ගන්නත් ඇමැතිට පුළුවන්. ඇමැතිතුමා බලාපොරොත්තු වූ ආදායම චාල්ස් මහත්මියට දෙන්න බැරිවුණා.  


• එහෙනං ආපහු එයාම දැම්මෙ?  


එයා පොරොන්දු වෙලා තියෙනවා ඇමැතිතුමාට ඒ ආදායම උපයල දෙනවා කියලා. රේගුවට විතරක් නෙවෙයි රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කරන්න ඕන ඒ වගේම ඒ අය අකාර්යක්ෂම නම් ඉවත් කරන්නත් ඕන. රේගුවෙ ආදායම නියම විදියට රජයට ලැබෙන්නෙ නැත්නම් ඇමැතිවරයාට සිද්ධ වෙනවා තීන්දු ගන්න.  


• ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා විදිහට පහුගිය ජාතික දින උත්සවයේ සංවිධාන කටයුතුවලට ඔබ සෘජුවම සම්බන්ධ වුණානේ. ​ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඒ උත්සවය මඟ හැරියේ ඇයි?  


ඒක ඔහුගේ පුද්ගලික තීරණයක්. අපි ආරාධනා කළා. ඒත් ඔහු ජනාධිපතිවරයා එක්ක තියෙන ආරවුල නිසා තමයි ඒකට සහභාගී වුණේ නැත්තේ. ෆීල්ඩ් මාර්ෂල් විදියට ඔහුට ලැබිය යුතු ගෞරවනීය තැන නොලැබෙන බවත් දැනගෙන තමයි ඔහු ඒ අවස්ථාව මඟ ඇරලා තියෙන්නේ. එහෙම නැතුව අපේ ප්‍රශ්නයක් නෑ මෙතන.  


• කුරුණෑගලට ජනප්‍රිය තරුවක් බැස්සා යූඑන්පී එකේ ආසන සංවිධායකවරයෙක් විදියට. දැන් මහ මැතිවරණයේදී මනාප ලැයිස්තුවෙ පොරය වැඩි වෙයි. ඔබටත් චැලේන්ජ් එකක් නේද?  


අපෝ නෑ. රූකාන්ත ගුණතිලක කියන්නේ මේ රටේ ජනප්‍රිය චරිතයක්. මම හිතන්නේ අපේ පක්ෂයට ශක්තියක් ඔහුගේ පැමිණීම. එන මැතිවරණයෙන් යූඑන්පී එක කුරුණෑගල දිනන්න නම් මේ වගේ අය තවත් අපිට ඕන. මට නම් පුද්ගලිකව රූකාන්තගෙ පැමිණීම අභියෝගයක් නෙවෙයි. එයා මගෙත් හොඳ හිතවතෙක්.   

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

ආර්ථිකය ශක්තිමත් කරන්න පොඩි කාලයක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 125 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 100 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 95 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 34 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 39 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 60 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 264 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 607 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 267 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site