IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ආණ්ඩුකාරයා නීතිය නවපු හින්දා පළාත් සභාව පෙරළන්න බැරිවුණා

ඒකාබද්ධ විපක්ෂයෙ මීළඟ ක්‍රියාමාර්ගය කුමක්ද? මේ ඒ පිළිබඳව විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- උතුරු මැද පළාත් සභාව පෙරළනවා කිවවා. නමුත් අඩුම තරමේ හොල්ලන්නවත් බැරි වුණා.  
පිළිතුර:-
ඇත්තටම උතුරු මැද පළාත් සභාව පෙරළන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. නමුත් ආණ්ඩුකාරවරයා නීතිය නවපු හින්දා ඒක කරගන්න බැරි වුණා. අපි දැක්කා උතුරු මැද ආණ්ඩුකාරයා හැසිරුණු විදිය හා උතුරේ ආණ්ඩුකාරයා හැසිරිච්ච විදිය. උතුරු මැද ආණ්ඩුකාරවරයා එදා අපේ දිව්රුම් ප්‍රකාශ බාරගත්​ෙත් නෑ. නමුත් උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ උතුරේ මන්ත්‍රීවරුන්​ෙග් දිව්රුම් ප්‍රකාශ බාර ගත්තා.  


ප්‍රශ්නය:- නමුත් උතුරු පළාත් සභාවෙත් ප්‍රශ්නයක් මතු වුණේ නෑ?  
 පිළිතුර:
- උතුරේ අර්බුදය පක්ෂය ඇතුළෙන් විසඳා ගත්තා. නමුත් උතුරේ ආණ්ඩුකාරවරයා තමන්ගේ වගකීම හරියට කළා. නමුත් උතුරු මැද ආණ්ඩුකාරවරයා නීතිය නැමුවා. ඒ නිසයි ඒක බැරි වුණේ. එහෙම නැත්නම් එදා මන්ත්‍රීවරු 17 ක් අත්සන් කරලා තිබුණා. කොහොම වුණත් එක එක මන්ත්‍රීවරුන්​ෙග් පාවාදීම් එක්ක අපි හිතපු නැති ප්‍රතිඵලයක් ආවා.  


 ප්‍රශ්නය:- දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?  
පිළිතුර:-
මොන පාවාදීම් කළත් ඒ අයට ඉස්සරහට යන්න බෑ. තව මාස දෙක හමාරක් යන කොට අනිවාර්යයෙන්ම උතුරු මැදත්, සබරගමුවත්, නැගෙනහිරත් පළාත් සභා ඡන්දය තියන්න ඕනෑ. ඉතින් උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී අපට එදා කරගන්න බැරි වෙච්ච දේ මන්ත්‍රීවරුන් නොකරපු දේ මහජනතාව කරලා පෙන්වයි.  


 ප්‍රශ්නය:- ඔය ඔබ කියන පළාත් සභා මැතිවරණයට ඔබලා ඉදිරිපත් වෙන්නේ මොකෙන්ද? ශ්‍රී ලංකා එකෙන්ද? බැසිල් රාජපක්ෂගේ නෙළුම් මලෙන්ද?   
පිළිතුර:-
නෑ... නෑ... බැසිල්ගේ නෙළුම් මල කියල විශේෂ දෙයක් නෑ. අපි ඉල්ලන්නේ ඒකාබ​ද්ධ විපක්ෂයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන නිසා ශ්‍රී ලංකාකාරයන් හැටියට අපිට විකල්පයක් තෝරාගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි එ්කාබද්ධ විපක්ෂය හැටියට ලකුණක් තෝරාගෙන උතුරු මැද පළාත් සභා මැතිවරණයට යන්න බලාපොරොත්තු වෙන්නේ.  


ප්‍රශ්නය:- ඒ කියන්​ෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්​ෙන් නෑ කියන එක ස්ථීරද?  
පිළිතුර:-
නෑ මම කිව්වේ දැන් තියෙන තත්ත්වයයි. 


ප්‍රශ්‍්නය:- ඉදිරි මාස දෙක තුළ වෙනස් වෙයි ද?  
පිළිතුර:-
ඔව්. සමහර විට එක රාත්‍රියක් වුණත් ප්‍රමාණවත් වේවි.  


 ප්‍රශ්නය:- පළාත් සභාව පෙරළ ගන්න බැරි ඔබලාට ආණ්ඩුව පෙරළන්න පුළුවන් ද?  
පිළිතුර:-
අපිට ප්‍රාදේශීය සභා නගර සභා ටිකත් පෙරළා ගන්න පුළුවන් ඡන්දය තිබ්බොත්. ඡන්දය තිබ්බොත් පළාත් සභා ටිකත් පෙරළලා ​ෙපන්වන්න පුළුවන්. පුළුවන් නම් මහ මැතිවරණය තියන්න. අපි දිනලා පෙන්වන්නම්.  


 ප්‍රශ්නය:- සැප්තැම්බරය වන විට ශ්‍රී ලංකා යූඑන්පී ගිවිසුම ඉවරයි. ශ්‍රී ලංකා එක්ක යම් සාකච්ඡාවක් තියෙනවද?  
පිළිතුර:-
සදාචාරයක් තියෙන ශ්‍රී ලංකාකාරයන්ට යූඑන්පී එකත් එක්ක ආණ්ඩු කරන්න බෑ. ඒ නිසා සදාචාරයක් නැති එවුන්ට ආණ්ඩු කරගන්න කියලා සදාචාරයක් තියෙන ශ්‍රී ලංකාකාරයන් දැන්වත් තීරණයක් ගත යුතුයි.  


 ප්‍රශ්නය:- ම​ෙග් ප්‍රශ්නය වුණේ යම් සාකච්ඡාවක් තියෙනවද කියලයි.  
 පිළිතුර:-
ඔව්. ඔව්. අනිවාර්යයෙන්ම සාකච්ඡා කෙරෙනවා. මොකද අපට වගේම ඔවුන්ටත් මේ රට විනාශවෙන තරම පේනවනේ. කොහොම තිබුණ රටක්ද මේ මෙච්චර ඉක්මනට විනාශ කරලා දැම්මේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අප අතර තියෙනවා. කොහොම වුණත් ඒ අය ආණ්ඩුවෙන් එළියට ආවොත් ඒ අයට හොඳයි. නාවොත් අර දින 100 ආණ්ඩුව කාලේ ඇමැතිකම් දරපු අයට දීපු දඬුවම ඊළඟ මැතිවරණයේදී මේ අයටත් ලැබේවි. ඒක ගැන අපට කරන්න දෙයක් නෑ. ඒ අය ආවත් නාවත් අපේ වැඩේ කරගෙන යනවා.  


 ප්‍රශ්නය:- ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ දී ජනාධිපතිවරයා කිව්වා ‘රාජපක්ෂලා බලයට ආවොත් ජනාධිපතිවරයාගෙන් හා ඔහුගේ පවුලේ අයගෙන් පළි ගනීවි’ කියලා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ස්ථාවරය මෙතැන දී තීරණාත්මකයි.  
 පිළිතුර:-
ඒකාබද්ධ විපක්ෂයේ අපේ ඉලක්කය පවුල් පිටින් හිරේ දාන එක නොවෙයි. මේ රටේ විනාශ වෙලා තියෙන ආර්ථිකය හදාගෙන ගමන නැවතුණ රටට අලුත් ගමනක් ආරම්භ කළ යුතුයි. අපි එන්​ෙන් ඒ ගමනයි. මේ ආණ්ඩුව පින් කැටේටත් අත තියන ආණ්ඩුවක්. ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කරපු ආණ්ඩුවක්. මේ ගමන නතර කරන්න තමයි අපි බලය ගන්නේ. එහෙම ගැනීම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පවුල නැති කරන්නවත් වෙනත් පළිගැනීමක් කරන්නවත් නොවෙයි අපි කටයුතු කරන්නේ. එයාලට එහෙම බියක් ඇති නමුත් ඒක හුඹස් බියක් කියලා මම කියන්න කැමැතියි.  


ප්‍රශ්නය:- රටේ දැවැන්ත අර්බුදයක් තියෙනවා. රට අර්බුදයට යනවා. බලන් ඉඳිමින් සතුටු වෙන බවක් තමයි ඒකාබද්ධ විපක්ෂයෙන් පේන්නේ?  
පිළිතුර:
- නෑ... විපක්ෂ​ෙය් කාර්ය භාරය ඉහළින්ම ඉටු කරන්​ෙන් අපි විතරයි. පාර්ලිමේන්තුව තුළ විතරක් නොවෙයි ඉන් පිටතත් සටන් බිමේ ඉන්​ෙන් අපි විතරයි. ආණ්ඩුවට හීලෑ වෙච්ච විපක්ෂය රනිල් වික්‍රමසිංහට අවශ්‍ය අනුපාතයට වැඩ කරමින් ඉන්නවා. ආණ්ඩුවට එරෙහිව අද ශිෂ්‍යයෝ පාරට බැහැලා ඉන්නවා. ඉතිහාසයේ කවදාවත් නොවුණු විදියට මහා සංඝරත්නය ආණ්ඩුවට රතු නිවේදන නිකුත් කරමින් ඉන්නවා. ගොවියෝ පාරට බැහැලා. මේ බලවේග සියල්ල එකට එකතු කරමින් ජනතාව පීඩාවට පත් කරන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන සටන ප්‍රාණවත්ව පෙරට ගන්නේ අපි. ඒ අරගලයට නායකත්වය දෙන්නේ අපි.  


 ප්‍රශ්නය:- මම මතු කළේත් ඒ ප්‍රශ්නයම තමයි. මෙතැන තියෙන්නේ බොර දියේ මාළු බෑමක්. ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා නම් එයින් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කිරීම විපක්ෂයේ කාර්ය භාරයයි.  
පිළිතුර:-
ඔබට මතකද? ගංවතුර ගලපු වෙලාවෙ, කඳු නාය ගිය වෙලා​වේ ඒ ජනතාවට පිහිට වුණේ කවුද? ජනමාධ්‍ය හා මේ විපක්ෂයයි. ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වුණු ජනතාවයි විතරයි. අපිත් එතෙනදී යෝධ මැදිහත්වීමක් කළා. ආණ්ඩුව පැත්තකට වෙලා අකුලගෙන ඉන්නවා විතරයි අපි දැක්කේ.  


 ප්‍රශ්නය:- අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ගත්තොත් සයිටම් පටන් ගත්තෙත්, උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තෙත් මහින්ද රාජපක්ෂ යුගයේ දී. රටට ප්‍රශ්න කන්දක් ඉතිරි කරලයි ඔහු සමුගත්තේ?  
පිළිතුර:-
යුද්ධය ජයග්‍රහණය කළා​ෙන. ඒකත් වැරදියි කියන තැනට අද ආණ්ඩුව ඇවිත් තියෙනවනේ. දැන් මහින්ද රාජපක්ෂ පටන් ගත්ත ඔක්කොම දේවල් නරකයිනේ. අධිවේගී මාර්ග හදපු එක ජනතාව කියනවා හොඳයි කියලා. මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘති පටන් ගත්තා. ඒක ජනතාව කියනවා හොඳයි කියලා.  


ප්‍රශ්නය:- නමුත් සයිටම් එක?  
පිළිතුර:-
ඔව්. සයිටම් එක පටන් ගත්තේ ඒ කාලේ තමයි. හැබැයි ඒක මේ විදියට අයාලේ යන්න පටන් ගත්​තේ මේ ආණ්ඩුව කාලේ. සයිටම් එකට කොන්දේසි දාලා තිබුණේ මේ මේ කොන්දේසිවලට යටත්ව කරගෙන යන්න කියලා. ඒ කොන්දේසි කඩ කළේ මේ කාලයේදී අපේ ආණ්ඩුව තිබුණා නම් මෙච්චර පෙළපාළි යන්න ඕනැ නෑ. වෛද්‍ය සභාවේ හා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම්වලට අනුව සියල්ල සිද්ධ වෙලා. මට මතකයි ඒ කාලේ ශිෂ්‍යයෝ පෙළපාළි යනකොට අරලියගහ මන්දිරය ළඟට එනකොට ඒ අයගේ ප්‍රශ්නත් විසඳලා අන්තිමට කිරිබත් කන්න දීලා කිරි වීදුරුවකුත් බොන්න දීලා තමයි යන්න දුන්​ෙන්.  


ප්‍රශ්නය:- මන්ත්‍රීතුමනි, ඔබ එහෙම කියනකොට මට රතුපස්වල මතක් වුණා. කටුනායක රොමේෂ් චානක මැරුණු හැටි මතක් වුණා.  
පිළිතුර:-
ඇත්තටම අද මේ අය කියනවා මේ ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කරන්​ෙන් අපි කුමන්ත්‍රණය කරලා කියලා. අපි මේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණය කරමින් ඕව සංවිධානය කරනවා කියලනේ කියන්නේ. අපි නම් එහෙම කුමන්ත්‍රණ කළේ නෑ. කටුනායක දී වගේම රතුපස්වල සිද්ධීන් අපි අනුමත කරන්නේ නෑ. නමුත් ඒ සිදුවීම් පිටිපස්සේ කුමන්ත්‍රණකරුවෝ සිටියා.  


ප්‍රශ්නය:- ඒ නිසා වෙඩි තිබ්බා?  
පිළිතුර:-
නෑ. ඒ සිද්ධි කුමන්ත්‍රණකාරීව ඇති කරලා ඒ හරහා ඒ ආණ්ඩුව පරාජය කළා. ඉතින් මේ අය ආවෙ එහෙම කරන්​ෙන් නෑ කියලනේ. නමුත් දැන් කොහොමද ශිෂ්‍යයන්ට සලකන්නේ. ඒවා කරන්​ෙන් නෑ කියලා ඇවිත් මෙහෙම කරන එකයි කනගාටුවට කාරණය.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?  
පිළිතුර:-
අපි ඉතිහාස​ෙය් කවදාවත් මේ වගේ දුර්වල වැඩ බැරි අාණ්ඩුවක් දැකලා නෑ. අාණ්ඩුවකට ඉන්න ඕන එක නායකයයි. මෙහෙම නායකත්වය දෙකට බෙදිලා. ඒක අැතුළේ නායකයෝ පැටව් ගහනවා. එහෙම වුණාම කොහොමද රටක් ඉදිරියට යන්නේ? මේ අය කියන්නේ පක්ෂ දෙකේ නායකයෝ දෙන්නා රට පාලනය කරලා අත්හදා බැලීමක් කළා කියලනේ. නමුත් මේ ක්‍රමය ඉතාම අසාර්ථකයි. තවදුරටත් මේ ගමන යන්න බෑ. ඒ නිසා ගමන වෙනස් කිරීම තමයි අපේ අරමුණ.  


 ප්‍රශ්නය:- ඔබ හිතනවද මහින්ද රාජපක්ෂට යළිත් බලයට එන්න පුළුවන් කියලා.  
පිළිතුර:-
මහින්ද රාජපක්ෂ මහත්තයාට බලය දෙන්නේ ඔය ඉන්න නායකයෝ නොවෙයි. රටේ ජනතාවයි. ඒ නිසා අපි කියන්නේ ඡන්දයක් තියලා ජනමතය තියෙන්නේ කාටද කියලා උරගා බලන්න කියලයි.  


 ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ යුගයේ දී එජාපයෙන් මන්ත්‍රීවරුන් ගලවා ගැනීමේ මෙහෙයුමේ මහමොළකරු ඔබයි. කෝ ඒ මොළය දැන්?  පිළිතුර:- ඇත්තටම මම මොළය පාවිච්චි කළේ අත්‍යවශ්‍යම මොහොතෙ දී. මේ රටේ දැවැන්ත යුද්ධයක් පවතින මොහොතේ. ප්‍රභාකරන් ඉතාම ශක්තිමත්ව ඉන්න වෙලාවක අපිත් එක්ක ආණ්ඩු කරපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 39ක් එකපාරටම ගිහින් විපක්ෂයේ වාඩි වුණාම අපේ ආණ්ඩුව ඉතාම අසරණ වුණා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා මාත් එක්ක කිව්වා මැතිවරණයකට යන්න වෙයි මෙහෙම ගියොත් මැතිවරණයකට යන්න වු​ෙණාත් ප්‍රභාකරන් රටම ලේ විලක් බවට පත් කරයි. ඒ නිසා අපි මොකක් හරි කරමු කියලා.  
ප්‍රශ්නය:- ​ඔබ මොකක්ද කිව්වේ?  
පිළිතුර:-
ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ලොකු ගැටුමක් තිබුණා. ඒ අනුව එදා හිටපු ධර්මදාස බණ්ඩා මැතිතුමාත්, කරු ජයසූරිය මැතිතුමත් සමග ඇත්තටම මම තමයි සාකච්ඡා කළේ. අපිට මන්ත්‍රීවරු 18ක් අඩුවෙලා තිබුණේ. මාස තුනක් විතර නිදි මරමින් තමයි මම ඒ කටයුත්ත කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ධර්මදාස බණ්ඩා මැතිතුමාත්, කරු ජයසූරිය මැතිතුමත් තවත් පිරිසක් සමග එන්න තීරණය කළේ. එතුමන්ලා කිව්වෙත් යුද්ධය ජයග්‍රහණය කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය දෙනවා කියලයි. ඇත්තටම රට වෙනුවෙන් මම කරපු විශාල සේවයක් හැටියටයි මම ඒක දකින්නේ. යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වුණේ ඒ විදියටයි. කරු ජයසූරිය මැතිතුමා යුද්ධය ඉවර වුණාට පස්සේ මට කතා කරලා කිව්වා ‘මගේ යුතුකම අවසානයි. මම යනවා’ කියලා. ඒ වගකීම මම එදා ඉටු කළා. ඊළඟ වගකීමත් අවශ්‍ය මට්ටමින් ගනිමින් ඉන්නවා.

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ආණ්ඩුකාරයා නීතිය නවපු හින්දා පළාත් සභාව පෙරළන්න බැරිවුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

මැයි 06 පුංචි ජන්දයට උගත් පාඩමක් වන මහරගමින් පත්තු කළ ගින්න
2025 මැයි මස 08 170 0

2025 මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ තවත් එක් වැදගත් ඓතිහාසික මැතිවරණයක් බව


පළාත් පාලනයට මන්ත්‍රීවරුන් ඕනෑ ද?
2025 මැයි මස 08 48 0

තවත් මැතිවරණයක් මුවවිටටම පැමිණ තිබේ. මහ මැතිවරණයෙන් මාස හයකට පසු පැවැත්වෙන මෙම පළාත්පාලන මැතිවරණය එක් අතකින් ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ ජනප්‍රියතාව උරගා බ


ඉන්දු - පාකිස්තාන ගැටුම කොයිබටද
2025 මැයි මස 08 83 0

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ දී ඉන්දීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් (එම ප්


ඩෑන් ඝාතනයෙන් නොනවතින ඝාතන රුල්ල
2025 අප්‍රේල් මස 30 299 0

1987 – 89 භීෂණ අඳුරු යුගයේ දී ප්‍රවීණ කිවියර කුමාර හෙට්ටිආරච්චි පුවත්පතකට කවියක් ලියා තිබිණි. ‘ධර්මද්වීපය’ නමින් නම්කර තිබූ එම කවිය මෙසේය.


ජන්ද දායකයන් පනස්තුන් ලක්ෂය දිනාගැනීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 30 182 0

මේ වන විට නිද්‍රාශීලීව සිටින ඡන්දදායකයන් පනස්තුන් ලක්ෂය හිමිකර ගන්නා පක්ෂයට මේ රටේ මීළඟ ආණ්ඩුවද හිමිකර ගත හැක්කේය. එහෙත් ඒ ලක්ෂ පනස් තුනක ඡන්දදායක පිර


එෆ්.බී.අයි. සොයාගත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද?
2025 අප්‍රේල් මස 28 321 0

ලංකාවේ සුප්‍රකට රජයේ නිලධාරියෙකු විසින් 2021 මැයි 21 දින ලංකාවේ ඉතිහාසය වෙනස් කරනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. ඔහු අන් කිසිවෙකු නොව එවකට නීතිපති ධූරය දැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1252 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site