IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘අපට දැන් බුරියානි වගේම ඡන්දත් ලැබෙනවා‘

(***)

මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකගැනීමට තම රජය සෑම විටම කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (29 වැනිදා) පැවසීය.

කොතරම් බලපෑම් එල්ලවුවද මුස්ලිම්වරුන් තමන් සමග එකට කටයුතු කළ බව අමතක කළ නොහැකි යැයිද ඔහු කීය.
දෙහිවල, රොස්වුඩ් සිලෝන් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනයට පෙරේදා (29වැනිදා) සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

දෙහිවල ප්‍රදේශයේ උත්සව ශාලාවකදී මෙම සම්මේලනය පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. පසුගිය වතාවේ අපට මුස්ලිම් ජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ඒත් අපට සහයෝගය දෙන පිරිසක් සිටියා. ඒ අයට මොනතරම් බලපෑම් එල්ල වුණත් අපත් එක්ක කටයුතු කරපු බව අපි අමතක කරන්නේ නැහැ. ඒක ගෞරවයෙන් මතක් කරනවා.

එක කාලයක් අපට බුරියානි, ඡන්දය අලියට කියලා කතාවක් තිබුණා. දැන් ඒ යුගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. අපිට බුරියානිත් ලැබෙනවා. ඡන්දයත් ලැබෙනවා. ඔබේ අපේක්ෂකයන් 8 දෙනෙක් සිටිනවා. ඒ අය ජයග්‍රහණය කරවන්න ඔබේ සම්පූර්ණ කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.

මුස්ලිම් ජනතාව රැක ගන්න. ඔවුන්ගේ ගෞරවය රැකගන්න, කොටින්ගෙන් ජනතාව රැක ගන්න, අපි පියවර ගත්තා. අපි යුද්ධ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට මිස දෙමළ ජනතාව සමඟ නෙවෙයි. ත්‍රස්තවාදයට විරුද්ධවයි අපේ සටන ගෙන ගියේ. එහෙම නැතුව ජාතියකට එරෙහිව අපි සටන් කළේ නැහැ. ඔබට අද නිදහසේ යාපනය, හම්බන්තොට හෝ වේවා ඕන තැනක යන්න නිදහස තියෙනවා. ඒක නිසා ඔබ අප එක්ක එකතු වෙන්න. අපි ගැන සැක ඇතිකර ගන්න එපා.

පසුගිය කාලයේ රටේ ඇති වූ වාතාවරණය ඔබ දන්නවා. වසර පහකින් සංවර්ධනය ඇණ හිටිය රටක් යළි සංවර්ධනය කිරීම සියලු ජාතීන්ට එකසේ බලපානවා. මහා මාර්ග ඉදිවුණේ නැහැ. වැව් ඉදි වුණේ නැහැ. ගොවිතැන් කරන්න බැරි වුණා. කිසිම සංවර්ධන කටයුත්තක් රටේ සිද්ධ වුණේ නැහැ. මේකට හේතුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා එක පැත්තක සිටීමයි. එහෙම වුණාම අගමැති කියන දේ ජනාධිපති කරන්නේ නැහැ. ජනාධිපති කියන දේ අගමැති කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තමයි රට තුළ ඇති වුණේ. ඒ තත්ත්වය නැවත ඇති කරන්න බැහැ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුව සූදානම් විය යුතුයි. අපි බලයට පත්වෙලා ටික දවසක් යනකොට කොවිඩ් -19 වසංගතය ආවා. එහෙම වෙලාවකත් මුදල් පනත පරාජය කරන්න විපක්ෂය සූදානම් වුණා. එහෙම වුණාම රටේ සංවර්ධනය ඇණ හිටිනවා. ජනාධිපතිවරයාට තිබෙන බලය භාවිත කර මුදල් ලබා දුන්නා. තවමත් තියෙන්නෙ ඒ තත්ත්වයමයි.

නියමිත දිනට මැතිවරණය පවත්වා ගන්න බැරි වුණා. වසංගතය මර්දනය කිරීමේ ගෞරවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඔහු ගත්ත තීරණ නිසයි වසංගතය පාලනය කර ගන්න පුළුවන් වුණේ. පාසල් වහන්න තීරණය කරනකොට කැබිනට් මණ්ඩලයේ දෙගිඩියාවක් ඇති වුණා. පාසල් වැහුවා. ගුවන් තොටුපොළ වසා දැමුවා. හරි තීරණ අරගෙන හමුදාවට වසංගතය පාලනය කිරීම බාර දුන්නා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සෞඛ්‍ය අංශයයි. හමුදාවයි සියලු දෙනාම එකතු වුණ නිසයි මේ වයිරසය මර්දනය කර ගන්න පුළුවන් වුණේ.

එක පාරක් අදාහනය කරනවාද භූමිදානය කරනවාද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒක අප ගත් තීන්දුවක් නෙවෙයි. විශේෂඥයන් කණ්ඩායමක් ගත්ත තීන්දුවක්. ඕනෑම අතකට එරෙහිව තවත් මතයක් තියෙනවා යැයි ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ෆයසිර් මුස්තාපා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (0)

‘අපට දැන් බුරියානි වගේම ඡන්දත් ලැබෙනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 367 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site