IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වියතෙක්, උගතෙක්, කලා කරුවෙක් වූ පමණින් පාර්ලිමේන්තුවට එන්න බැහැ

(මුදිතා දයානන්ද )

වියතෙක්, උගතෙක්, කලාකරුවෙක් වීම පමණක්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වීමට සුදුසුකමක් වන්නේ නැහැ. ඒ සඳහා දේශපාලනය පිළිබඳ දැනීම හා අත්දැකීමද වැදගත් යැයි  පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ”පොදු ජන පෙරමුණේ වියතුන් සිටියදි වියත් මග සංවිධානයෙන් වෙනම වියතුන් ඉදිරිපත් කරන්නේ ඇයිදැ”යි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වියතුන් ඉන්නවා. අපි වියතුන්ද නැද්ද යන වග ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම වියත් මග කියන්නේ ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී උදව් කළ අපේ සහෝදර සංවිධානයක්.
 
ඒ අයටත් මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතියක් තිබෙනවා. කලාකරුවන්ටත් ඒ අයිතිය තිබෙනවා. එහෙත් කලාකරුවෙක් වූ පමණින්ම හෝ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් වැනි උගතෙක් වියතෙක් වූ පමණින්ම හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්න බැහැ. ඒකට දේශපාලන අත්දැකීමක් අවශ්‍යයි.
 
අපේ මධුමාධව අරවින්ද අවුරුදු විසිපහක් විතර කලාකරුවෙක් විදිහට කටයුතු කළා. ඒ වගේම අවුරුදු විසිදෙකක් දේශපාලන කටයුතුවල යෙදුනා. ඒ අත්දැකීම සමග තමයි ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ



අදහස් (0)

වියතෙක්, උගතෙක්, කලා කරුවෙක් වූ පමණින් පාර්ලිමේන්තුවට එන්න බැහැ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 198 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
2023 නොවැම්බර් මස 24 731 0

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
2023 නොවැම්බර් මස 23 1473 22

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
2023 නොවැම්බර් මස 22 3428 14

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස


‘අපි ජනතාවගේ මුදල් හොරාකාලා නෑ’
2023 අගෝස්තු මස 24 770 6

රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site