(විනීතා එම් ගමගේ)
අගමැතිධුරයේ කටයුතු නිසි ආකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්‍ෂා කිරීමට එරෙහිව චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට සහාය දීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
එහෙත් අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බල පොරයක වුවමනාව වෙනුවෙන් හෝ දේශපාලන ගේමක් වෙනුවෙන් ගෙන එනවා නම් ඊට කිසිසේත්ම සහය දෙන්නේ නැතැයි ද දිසානායක මහතා කීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවැසීය.
‘‘විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේ්ත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි.
විශ්වාසභංගය නිශ්චිත පරිදිම ඔහු වංචාවට හවුල් වූ බවටත් ඔහු වංචනිකයින් ආරක්‍ෂා කළ බවටත් වංචනිකයින්ට රැුකවරණය ලබාදීම ආදී නිශ්චිත කරුණු වෙනුවෙන් ගෙන එන විශ්වාසභංගයකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දෙනවා.
විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේදී එහි අඩංගුව ඉදිරිපත් කළ යුතුයි. අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක් බවට පත්වී සිටීම, මහ බැංකු අධිපතිවරයා පත්කිරීමට ප‍්‍රයත්න දැරීම, ඒ වගේම මහ බැංකු වංචා ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්‍ෂ පවුලේ වංචා-දුෂණ ආරක්‍ෂා කිරීමට ප‍්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්‍ෂ එෆ්.සී.අයි.ඩී.යට ගෙනයාමට ඉඩ නොදීම, ඇතැම් අයගේ පාස්පෝට් ප‍්‍රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්‍ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්.
ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ජනවරම වන්නේ මෙම කිසිදු කණ්ඩායමකට සහාය ලබා නොදී කටයුතු කිරීමටයි. ඒ නිසා කවර පාර්ශ්වයකට හෝ සහාය නොදී ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීනව කටයුතු කරනවා.

COMMENTS
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයනවා වගේ කතාවක් මේක. මේ අයට නම් ආත්මයක් නැහැ.
බළලා මල්ලෙන් එළියට.. විමල් වීරවංශ කියන කතාව ඒ කියන්නේ බොරු නෙමෙයි.. නියම රතු අලි පැටියා.. අගමැතිතුමාගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට අනුර කුමාර තරම් හොඳ වෙන කෙනෙක් හොයා ගන්නවා බොරු.. මරු විපක්ශ සංවිධායක..
රතු අලි පැටියා කෙසේ හාමුට පිටුපාන්නද?
හරියට සන්ධාන මහලේකම් යු එන් පි අගමැති කෙනෙක් යටතේ කැබිනෙට්ටුවේ ඉන්න බැහැ කිව්වා වගෙයි.
‘‘විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහගේ අගමැති ධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේ්ත්ම ජනතා විමුක්ති පෙරමුණට අදාළ කාරණයක් නොවෙයි.
අනේ අනුර, නොකෙරෙන දෙයක් ගැන මොකට කතාද? එතකොට ඔයාට හම්බවුණාවූ සල්ලි මල්ල ගැන. ඒවත් ඔය දෝෂාභියෝගයට දානවට ඔයා කැමති නැද්ද මං අහන්නේ?
ජවිපෙට ඡන්දේ දෙන්නේ ඔවුන් පරදින බව නොදැන නොවේ. ජනප්‍රිය නායකයින්ට ඡන්දේ දීලා ජනතාව අමාරුවේ වැටෙන එක වළක්වන්න තියෙන එකම ක්‍රමය එය නිසා. ජවිපෙත් ඡන්දේ දුන්නු ජනතාවගේ අපේක්ෂාවන්ට පිටු පෑවොත් ආයේ ලංකාවේ පක්ෂයක් නැහැ ජනතාවට වග කියන. රාජලාට, පියල්ලාට හිතෙන හැටියට නොවේ ජනතාවට වාසි වෙන විදිහට වැඩ කරන වගකීම තියෙන්නේ ජනතාවටයි.
හැඩය අනුව කිවුවේ? බොරදියේ මාළු බාන "දෑ කැත්ත වගේ බිලි පිත්තක" හැඩයද? එසේ නොවේ නම් රට මක බෑවුණත් කම් නැත... කෙසේ හෝ බලයට පැමිණ
එජාපෙන් විශ්වාස භංගයක් ගෙනාවොත් පොහොට්ටුව සහ ජවිපෙ අනිවාර්යයෙන් අගමැතිව ආරක්ෂා කරනවා. ඒකට හේතුව දුර්වල පාලකයෙකු එජාපයේ සිටින එක ඔවුන්ට දේශපාලන වශයෙන් විශාල වාසියක් අත් වෙන නිසායි..
රතු මල්ලිලා පළමුව ඔහෙලා ඔහෙලට අවංක වෙන්නකෝ...
අප රටේ දේශපාලනය සිදුවන්නේ පිටපතකට අනුවයි. මහජනතාව එහි නරඹන්නන් වේ. සියල්ල සැලසුම් මත සිදුවේ. නාටකයක් වැනි දේශපාලනය මහජනතාව ප්‍රතික්ශේප කරන කාලය එළැඹෙමින් පවතී.
විජේවීර ඉන්දියානු ව්‍යාප්ත වාදයට විරුද්ධව සටන් කළාට මේ අය "රෝ" එකෙන් යැපෙන නිසා ඒ අයගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න වෙලා...
එජාපයෙන් රනිල්ගේ නායකත්වයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන්නා සේම, අනුරගේ නායකත්වයට එරෙහිව ජවිපෙනුත් විශ්වාස භංගයක් ගෙන ඒමට කාලය පැමිණ ඇත.
බිමල් කලින් කිව්වනේ... විශ්වාස භංගයට සහයදෙනවා කියලා. ජවිපෙ හැඩයත් දැන් අපටත් පේනවා.
රනිල් යවා විකල්පයද මේ පාර්ලිමේන්තුව තුල කියන්න. ඒ මහින්ද රාජපක්ෂද? ඊට වඩා රනිල් හොඳයි.. ජවිපෙ කියන්නේ ඒකයි. ඇත්තටම රනිල්ට 62 ලක්ෂයේ චෝදනාවයි ජවිපෙ ප්‍රකාශ කරලා තියෙන්නේ මේකනේ.. ඒකට පොහොට්ටුවේ අය කොහොම කැමතිවෙන්නද?