අනීෂා මානගේ
මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු අද (8) මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වූයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වන බෙලිඅත්ත අරන්වෙල ප්‍රදේශයේ පදිංචි අපේක්ෂකයෙකි.
ඔහු තම නිවස ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිට මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.අපේක්ෂකයා සමඟ ඔහු බෙදමින් සිටි අත්පත්‍රිකා 84 ක් හා ත්‍රීරෝද රථය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා නිදහස් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd